(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට
ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.
අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව දැනගන්නට ඇත. එසේම අධික ඉන්ධන වියදම් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද සීමා කර ඇතැයි මන්ත්‍රීවරු කීපදෙනෙක් අප සමග පැවසූහ.
එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවද වාර්තාවේ. සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා
sunil Sunday, 28 April 2024 02:32 PM
පව් අප්පා. මගේ පපුව හෝස් ගාලා ගියා...
අසේල Sunday, 28 April 2024 02:35 PM
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමත් සීමාකරලා, එන්නේ තමන්ගේ පැත්තේ හොරෙක්ට එරෙහිව විස්වාස භංගයක්, ජන පීඩිත පනතක් සම්මත කරන්න බහුතරය ඕනේ වුණාම විතරයි...
Rifan Sunday, 28 April 2024 02:53 PM
මේවා ඉදිරි ඡන්දයට ජනතාව රවට්ටන්න යොදන උපක්‍රම
kumara Sunday, 28 April 2024 02:58 PM
එයාලා 20% පොඩි වාහනේට බැහැලා, අපි 80% ටයර් එක දාගන්න බැරිව බයිසිකල් එකෙන් බිමට බැහැලා...
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 28 April 2024 03:21 PM
ඔස්කාර් සම්මානවලට අතිශයින්ම සුදුසුකම් තිබෙන්නේ ලංකාවේ දේශපාලකයින්ට අවාසනාවට මෙන් ඔවුන්ගේ නම් යෝජනා වන්නේ නෑ. විශේෂයෙන්ම මැතිවරණ සමයේ ඔවුන්ගේ රැඟුම් අතිවිශිෂ්ටයි. මෙහි සුවිශේෂී සිදුවීම් වන්නේ ඒ රංගනයන්ට ඔවුන්ගේ බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව සම්මාන දෙනවා. මීළඟ අවුරුදු 5ක් ඔවුන්ට රඟපාන්න හා ඒ සියලුම වියදම් මීළඟ අවුරුදු 5 වෙනුවෙන් තමන් දරණ බවට එකඟ වෙලා...!
ravin Sunday, 28 April 2024 04:04 PM
රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.. ඔය බොරු චාටු... හොඳින්ම දන්නවා. අපේ කට්ටිය රවට්ටන්න ලෑස්ති විත්තිය... අනුකම්පාව සහ භූමි කම්පාව යන දෙකම කම්පා වේ... ප්‍රතිඵල? ඡන්දෙ දිනපු ගමන් ආපහු වී8
රනේ Sunday, 28 April 2024 04:07 PM
මිල වැඩිවෙලාවේ විකුණා ගන්නවා. හෙට අනිද්දා අලුත් ඒවා එනවානේ... ටිකිරි මොලේට දැනෙන හැටි...!
පුරවැසියෙක්. Sunday, 28 April 2024 04:56 PM
අතීතයේදී ජනතා නියෝජිතයින් කොළඹට පැමිණේ.. පොදු වාහන වන බස්රථ සහ දුම්රියෙනි. ඒ සඳහා දැනටත් ඔවුන්ට නිදහස් ගමන් බලපත් ලබාදී. පොදු ජනතාවගේ නියම තත්ත්වය දැක බලා ගැනීම සඳහා මොවුන් පොදු වාහනවල ගමන් ගැනීම විය යුතුයි...
ලියනගේ Sunday, 28 April 2024 05:29 PM
ෂුවර් එකටම ඡන්ද දායකයින් රැවටීමට...!
dupul Sunday, 28 April 2024 06:55 PM
ඇත්ත තමයි. මෙයාලටත් අගහිඟකම් දැනෙනවා ඇති තදේටම... ආණ්ඩුවට සල්ලිත් නැති නිසා අලුත් ප්‍රොජෙක්ට්ස් නැහැ... ඒ නිසා මහජන මුදල් ගසා කන්නත් ක්‍රමයක් නැහැනේ නේද?
Nisantha Monday, 29 April 2024 04:43 AM
ඇයි උන් මිනිස් වර්ගයේ නෙමෙයිද .?පොදු ප්‍රවාහනයේ යන්න බෑද.?සාමාන්‍ය ජනතාව මහපාරට ඇද දැමු උන්ට තාම උනේ නෑ.ආරම්භයක් පමණයි...
Perera Monday, 29 April 2024 06:49 AM
මුන් ඔක්කොම එකතු වෙලා රට සංවර්ධනය කරලා තියන අපූර්ව තමයි ඔය
සෞභාග්‍යයේ යහපාලනය Monday, 29 April 2024 07:02 AM
මොවුන් වාහන බලපත්‍ර ගන්නෙ කෝටි ගණනක් වටිනා වාහනයක් ගන්න නේද එහෙම වාහනයක් ගන්නවා නම් ඒකෙන්ම පැමිණීම අනිවාර්ය කරන්න ඕන එහෙම නැතුව ජනතා මුදල් කාබාසිනියා කරන්න කාටවත් අයිතියක් තියෙන්න බැහැ ප්‍රවාහන වියදම් වැඩිනම් බස් එකේ යන්න පුළුවන් රජයේ සේවකයින් එහේට මෙහේට ඇඹරිලා වැඩට එනහැටි එතකොට පාලකයො තේරුම් ගනීවි කොහොම වුණත් දුර බැහැර අයට පමණක් නොවෙයි පාර්ලිමේන්තුව ආසන්න පදිංචි ඇමතිලාටත් නිළ නිවාස තියෙනවා ඒනිසා නොපැමිණීම වෙනුවෙන් දඩයක් නියම කරන්න ඕන
Dhanasena Monday, 29 April 2024 07:39 AM
එයාලාට දෙන ඉන්ධන අත්තිකාරමට එතකොට මොකද කරන්නේ? ඒ කාලේ දුන්න ලීටර් ගාන තවම දෙනවා නේද? බොරු වැඩ මිනිස්සු රවට්ටන වැඩ.. පර්මිට් අරගෙන තව ටික දවසකින් හොඳ මිලියන 70-80 වාහන ගෙනේවි
පිටරටවැසියා Monday, 29 April 2024 09:12 AM
හැබැයි මේගොල්ලන්ගෙ තගරි ටෝක් සහ ගොං පාට් නම් පොඩ්ඩක්වත් බැහැල නැහැ .
චේතිය රජ්ජුරුවන් ගෙ බාල කොලුවා Monday, 29 April 2024 10:07 AM
1.එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවද වාර්තාවේ .2 සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත. මේ ප්‍රවෘත්ති කෑලි දෙකම චේතිය රජ්ජුරුවන් ගෙ බාල කොලුවා ගෙ "එසැණ පුවත්" තීරුවෙන් උපුටා ගත්තකි.
සමන්ත කුමාර Monday, 29 April 2024 11:52 AM
රට කාපු හැත්තට ඔහොම වෙලා මදි. නිවන් සැප...