IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මන්ද මානසික දරුවාට පහරදුන් පොලිසියේ තුනක් අධිකරණයට

(රන්ජන් කටුගම්පොළ)

මානසික ආබාධිත ළමයකුට අලු‍ත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලු‍ත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මානසික ආබාධිත 17 හැවිරිදි දරුවාගේ පියා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වර්ෂයේ ජනවාරි 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් වී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද අලු‍ත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනාට නියම කරමින් නොතිසි නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරේරාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

අලු‍ත්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මානසික ආබාධිත අහමඩ් වසීර් නමැති දරුවාගේ පියා වන මොහොමඩ් මවුසික් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සිද්ධිය වන අවස්ථාවේ අලු‍ත්ගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, සැරයන්වරුන් වන ඩිලාන් ගුණතිලක සහ එන්.එච්. සේනාරත්න නමැත්තන් නම් කර ඇත.

කොරෝනා ඇඳිරි නීතිය පැවති 2022 මැයි 25 වැනිදා මානසික ආබාධිත තත්වයේ පසුවන සිය 17 හැවිරිදි පුත්‍රයා පාපැදියකින් දෙවැනි වගඋත්තර කරු සිටි පොලිස් මුරපොළ ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට නැවතීමට කළ අණ නොතකා ගමන් කළැයි චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ විමර්ශනයක් පැවැත්වූ බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම තත්වය හේතුවෙන් තම පුත්‍රයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද සුදුසු වන්දියක් අයකර දෙන්නැයිද සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයිද ඉල්ලා සිටී.

 



අදහස් (4)

මන්ද මානසික දරුවාට පහරදුන් පොලිසියේ තුනක් අධිකරණයට

Lalla Thursday, 13 June 2024 11:37 PM

මුන් තුන්දෙනා අංගොඩ මානසික රෝහලට දක්කන්න සුමාන තුනකට.එනකොට මුන්ට පිස්සු හැදිල තියේවි... ඒක තමා දඬුවම.,..

:       1       8

Bunny Preena Friday, 14 June 2024 09:19 AM

වගකිමක් නැතිව වැඩ කරන අමානුෂික අන්දමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට එරෙහිව ක්‍රියා කරන අයට විරුද්ධ මහජනයා පෙළ ගැසිය යුතුයි

:       0       12

Ukussa Friday, 14 June 2024 01:14 PM

ඇත්තටම මන්ද මානසික රෝගී තත්වයක් තියෙන ළමයෙකුට බයිසිකල් පදින්න පුළුවන් කමක් තියෙනවාද පරීක්ෂා කරන්න ඕන සාමාන්‍යයෙන් ඔය පිරිසේ ඉතාම කුඩා දරුවො පවා හෙල්මට් පවා නොමැතිව මාර්ග නීති කිසිවක් නොසළකා දෙතුන් දෙනා බැගින් යතුරු පැදි පදිනවා පාරේ යන අපිට මොන අනතුරක් වෙයිද කියලා මරණ බයෙන් තමයි පාරෙ යන්න වෙන්නෙ ඔය මානසිකව දුර්වල තරුණයා කෙනෙකුගේ ඇගේ හැපිලා මලොත් මැරුණ කෙනා පාරෙ ගිය නිසා උල්ලංඝනය වුනා කියන්න වුනත් ඔවුන්ට පුළුවන් මේ ගැන කවුරුහෝ පිරිසක් සමීක්ෂණයක් කලොත් ඉතාමත් වටිනවා එවිට සත්‍යම තත්වය පැහැදිලි වේවි

:       7       7

සෙනෙවිරත්න Friday, 14 June 2024 02:40 PM

උකුස්සා, ඉතින් අතින් පයින් පහර දුන්නේ ඒක නිසාද?

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 743 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 359 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 242 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 749 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 684 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site