IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මන්නාරමේ ප්‍රා.ස සභාපති ඉවත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති  ධූරයෙන් තමා ඉවත් කිරීමට උතුරු  පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා  අභියාචනාධිකරණයට හමුවේ අද ( 28) රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු එම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා  පැවැත්වීමට නියමිත රැස්වීම තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙසද ඔහු  සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස්, එම පළාතේ පළාත් පාලන කොමසාරිස්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ  සිටිති.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත්  අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසය ( සමස්ත ලංකා මහජන කොංග්‍රසය ) නමැති පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයෙන් තරඟ කර මන්නාරම  ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ  තමා  එම ප්‍රාදේශීය සභාවේ  සභාපතිවරයා ලෙස කටයුතු කල  බවය.

එම ප්‍රාදේශීය සභාවේ කිසිදු පක්ෂයකට බහුතරයක් නොතිබූ අතර තමාට මන්ත්‍රී වරු 11දෙනෙක් සහයෝගය දැක්වූ බව පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.එම ප්‍රාදේශීය සභාවට මෙතෙක් තේරී පත් වූ එකම මුස්ලිම් ජාතික  සභාපතිවරයා තමා නිසා  විවිධ බලපෑම් සහ හිරිහැර වලට ලක් වූ බව ද පෙත්සම්කරු කියා සිටී.
 
පෙත්සම්කරු මන්නාරම ප්‍රාදේශ සභාවේ සභාපති ධූරය බාර ගන්නා විට එම සභාව ඉතාම නොදියුණු තත්ත්වයේ තිබූ අතර ප්‍රාදේශීය ජනතාවගේ අවශ්‍යතා සැපයිය නොහැකි තත්ත්වයේද පැවති බවත් , ඉන්පසු පෙත්සම්කරු එවකට පළාත් පාලන ඇමති ධූරය දැරී අගමැතිවරයා‌ගෙන් මන්නාරම ප්‍රදේශී සභාව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගනිමින් ප්‍රාදේශීය සභාව පවත්වා ගෙන ගිය බවද පෙත්සමේ සදහන් වේ.
 
උසාවියට ව්‍යාජ තොරතුරු සැපයීම, බලය අයුතු ලෙස භාවිත කිරීම සහ නිය වීරෝධී හැසිරීම ආදී චෝදනා ඇතුළත්  චෝදනා පත්‍රයක් පෙත්සම්කරුට ඉදිරිපත් කර වගඋත්තරකරුවන් අධිකරණ විනිශ්චයකාරවරයෙකු ගෙන් යුත් කමිටුවක් මගින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වූ බව පෙත්සම්කරු  සිය පෙත්සම මගින් පෙන්වා දේ.

එම විනය පරීක්ෂණයේදී තමන්ට කරුණු ඉදිරිපත්කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබාදීමට පරීක්ෂණ නිලධාරියා කටයුතු නොකළ  අතර ඔහුගේ පරීක්ෂණ ය අපක්ෂපාතී නොවන බවද පෙත්සම්කරු  කියා සිටී.

එම පරීක්ෂණයේදී තමා වැරැදිකරු බවට තීරණය කරන ලෙස ආණ්ඩුකාරවරයා බලපෑම් කර ඇති අතර   ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවද  පෙත්සම්කරු  පෙන්වා දී ඇත

කෙසේ වුවද තමන් ඉවත් කිරීමට තීරණය කර ඉකුත්  13වැනිදා  ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව පවසන පෙත්සම්කරු එම තනතුරට වෙනත් අයකු පත් කිරීම සඳහා රැස්වීමක් පැවැත්වීමට අදාළව ගැසට් නිවේදනයක්ද නිකුත් කර  ඇති බවත් එබැවින්  එම ගැසට් නිවේදන දෙකම බල රහිත කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත .

තවද මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති  ධූරයෙන් තමා ඉවත් කිරීමට උතුරු  පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු එම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා  පැවැත්වීමට නියමිත රැස්වීම තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ඉල්ලා ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා  සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී



අදහස් (0)

මන්නාරමේ ප්‍රා.ස සභාපති ඉවත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 117 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 219 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2246 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 412 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1778 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 400 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 287 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site