(විමුක්ති එස් රුද්‍රිගු)
මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) විසින් අධීක්ෂණය කරන ලද පුළුල් සහ විනිවිද පෙනෙන අභියාචන ක්‍රියාවලියකින් පසුව කැබිනට් මණ්ඩලයට මෙම තීරණයට එළැඹ ඇති බව පැවැසෙයි.
ලංසු තැබීමේ ක්‍රියාවලියේදී කොන්ත්‍රාත්කරුවෙකු ව්‍යාපෘති හිමිකරුවෙකුට සපයන මූල්‍ය ඇපකරය සම්බන්ධයෙන් අමතර අන්තර්ගතයන් ඇතුළත්වී තිබීම හේතුවෙන් හේලීස් ෆෙන්ටන් සමාගමේ ලංසුව ව්‍යාපෘති කමිටුව මුල් අවස්ථාවේදී සළකා බැලීමක් සිදු නොකළේය.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අභියාචනය පසුගිය අගෝස්තු 6 වැනිදා සළකා බැලීමෙන් අනතුරුව එම සමාගම ව්‍යපෘතිය සඳහා ඉදිරිපත් කළ ලංසුව නැවත සළකා බලන ලෙස ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර ඇත.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අමතර අන්තර්ගතයන්ගෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ඇපකරය සහතික කිරීම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය නිර්දේශයට හේතුවී තිබිණි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට
pakeer Thursday, 06 February 2025 07:13 PM
ලංකාවේ ටෙන්ඩර් කියන්නේ අමුම අමු හොර මගඩියක්
පැරකුම් Thursday, 06 February 2025 09:39 PM
පකීර්, හරියටම හරි. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනො. ආයි අපට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.
CC Friday, 07 February 2025 02:19 PM
පකීර් සහ පැරකුම් යන අයගේ කමෙන්ට්වලට වලින් ජනතාව නොමග යවන්න උත්සාහ දරන බව පැහැදිලියි. හිටපු වංක ආත්මාර්තකාමී කෑදර හොර දේශපාලුවන් හැම ව්‍යාපෘතියක්ම තේරුවේ තමන්ට ලැබෙන කොමිස් ලාබ ගැන සිතලයි. මේ දෙදෙනා එසේ සිතීම එදා කළ මජර පාලනයේ ජනතා අදහස නියෝජනය වෙනවා. අද එය වෙනස්වී තිබෙනවා .අද ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන අවංක ජනතාවාදී පාලනයක් රටේ ජනතාවගේ වාසනාවට බිහිවී තිබෙනවා. අද හිටපු වංචනිකයින්ගේ හෙන්චයියන් උන්කළ වැරැදි දේශපාලන තීන්දු අනුව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මේ රජයට පටවන්න අසීරු උත්සාහයක් ගන්නවා. නමුත් අද ජනතාව බුද්ධිමත් වසර 76ක් කුණු කරපු, නොසලකා හැරපු ගැටළු මාස කිහිපයකින් විසඳිය නොහැකි බව මේ රජයට සහයෝගය දුන් බුද්ධිමත් ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. අද හිටපු වංක, මජර දේශපාලුවන්ට ඇති එකම භීතිකාව මේ රජය මේ රට දියුණු කළහොත් ඔවුන්ගේ මජර දේශපාලනය මේ රටින් තුරන්වීමයි. එබැවින් ඔවුන් අද මේ රජය කෙරෙහි ජනතාව බිඳවන්න නොගන්නා වෑයමක් නැත....