IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මනම්පිටියේ වැලිගොඩ දමන්නෝ උද්ඝෝෂණයක


 (ක.ග කරුණාරත්න)

මනම්පිටිය වැලි සමාගමේ දූෂණ අක්‍රමිකතාවලට  එරෙහිව මනම්පිටිය පාලම අසළ මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවෝ අද(15) පොළොන්නරුව කදුරුවෙල නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ.
 
කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන වැලි සමාගම මහවැලි ගඟේ වැලි සම්පත සූරාකමින් අධික ලෙස ලාභ උපයන බවත් එයින් වැලි ගොඩදමන කම්කරුවන්ට ගෙවනු ලබන්නේ සොච්චම් මුදලක් බවද පෙන්වා දුන්හ.

මහවැලි ගඟේ දියයට කිමිදීවැලි ගොඩට ගෙන ඒම වැනි ඉතාමත් අවදානම් රැකියාවක යෙදෙන තමන්ට හිමි සේවක අයිතීන් ලබා දෙන ලෙසට වැලි සමාගමේ පාලන අධිකාරියට සේවක වෘත්තීය සමිති විසින් බල කරන විට වැලි සමාගම ඊට ප්‍රතික්‍රියා දක්වන්නේ මැරයන් ලවා අමානුෂික ප්‍රහාර එල්ලකර ශාරීරික පීඩාවන්ට ලක්කිරීමෙන් යැයිද එම සේවකයෝ කීහ.
 
 
අඩුම තරමින් සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය පවා තමන්ට නොමැති බවද වෙනත් පාරිතෝෂික දීමනා සමාගම මගින් තමන්ට නොගෙවන බවද වැඩිදුරටත් කියා සිටිති.

එම නිසා තැරැව්කරුවන් ගෙන් තොරව තම රැකියාව නිදහසේ කරගෙන යාමට අවස්ථාව සළසා දෙනලෙස එම කම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ.
 
ඒ සඳහා වැලි ගොඩ දැමීම සම්බන්‍ධයෙන් වැලි සමාගම විසින්  පවත්වාගෙන යන ඒකාධිකාරය වෙනුවට රජයේ ආයතනයක් වන දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතට මනම්පිටිය වැලි තොටුපලේ පාලනය පවරා දෙන ලෙස රජයට යෝජනා කරන බවද උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.

කදුරුවෙල දුම්රිය පොළ ඉදිරිපිට පැවැති මෙම උද්ඝෝෂණය මනම්පිටි ඒකාබද්ධ වැලි සේවක සංගමය මගින් සංවිධානය කර තිබුණි.
 


 

 



අදහස් (0)

මනම්පිටියේ වැලිගොඩ දමන්නෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 47 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 995 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2203 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 297 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 161 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26663 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site