(සුජිත් හේවාජුලිගේ )
රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කළේය.
මෙරට රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට යැවීමට රජය පසුගියදා තීරණය කළේය.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මොනරුන්ටත් වීසා දෙන්න රංගේ සූදානම්
පිටිගල මිලානෝ Monday, 17 April 2023 11:29 AM
මොනරා, රිලවා වගේද මයිනෝ සහ කපුටා…? උං වගාව විතරක් නෙවෙයි, රටයි, අනාගතයයි දෙකම කෑවා… ඒ නිසා චීන ආපනශාලා වලට උංවත් පටවමු.
ලුම්බිණි Monday, 17 April 2023 11:42 AM
ඇයි ගිරව්, ඌරෝ, ඉත්තෑවෝ, කුරුමිනියෝ? ඔවුන්වත් යවනවකෝ. ඔයාලාට පිස්සුද හලෝ?
Ruhunu Monday, 17 April 2023 12:06 PM
රට විනාශ කරනා පුත්තලම් බූරුවෝ ටික
Kule Monday, 17 April 2023 12:08 PM
දියවන්නාවේ මීහරක් ටික ගන්න කවුරුවත් නැද්දෝ
fairoos Monday, 17 April 2023 12:36 PM
අනේ මෙහෙමත් කාලකන්නි. සතුන්ටත් ඉන්න දෙන්නේ නැතුව මරාගෙන කන්න යනවා
Kumara Monday, 17 April 2023 12:50 PM
කලබල වෙන්න එපා... ඔක්කොටෝම ළඟදීම වීසා දෙනවා.
Perera Monday, 17 April 2023 01:00 PM
වනාන්තරවල ඉන්න අලි, කොටි, වලසුන්වත් ඔයගමන්ම ගන්න කැමැති රටකට ඩොලර් ලැබෙනවා නම් විකුණලා දාන්න කියලා ලොක්කට කියන්න.
Rawi Monday, 17 April 2023 01:03 PM
දඩාවතේ යන බල්ලන් ගැනත් වහාම පියවරක් නොගත්තොත් හෙට අනින්දාම පොල්ලක් නැතිව පාරකට බහින්න බැරි වෙනවා.
බද්රානි Monday, 17 April 2023 01:47 PM
අර මත්තල පැත්තේ හිටපු ඔක්කොම මොනරු ටික විවිධ පළාත්වලට ගෙනත් දාලා. නගර සීමාව තුළත් මොනරු හා රිලව් පිරිලා ඉන්න මනුසත්තු මදිවාට. වානර ගති පැවතුම් ඇති මනුෂ්‍ය රැලක් ඉන්න මේ ලංකාවේ නම් යහපත් මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න බැරි වාතාවරණයකුයි තියෙන්නේ. අර රිලව් ටික චීනෙට පටවන එකට විරුද්ධවත් තවත් රිලව් රැලක් මොර දෙනවා. ඇත්තටම මොවුන්ට පිස්සුද? තියන කරදරවලින් නිදහස් වෙන්න හදනවා වෙනුවට, කරදර බලෙන් ඇඟට දාගන්නවා.
රිලවා Monday, 17 April 2023 02:19 PM
රටම විනාශ කරන මේ 225 යවාගන්න රටක් නැද්ද අප්පා? නොමිලේම මේ සත්තු විකුණලා කන්න හදන්නේ.
සුරංග Tuesday, 18 April 2023 07:17 AM
ඉතින් රිලවො උන් තෝරල යැව්වෙත් අපි උඹලා වගේ දුරදිග නොසිතා කටයුතු කරපු රිලවු නිසා උන් වැරදියි කියන්නෙ කොහොමද සම්පූර්ණයෙන්ම වැරැද්ද තියෙන්නෙ අපේම අතේ කියලා තේරුම් ගන්න බැරිද රිලවෝ
ගමේ එකාලා Monday, 17 April 2023 02:49 PM
කපුටා හිට් ද ප්ලේන්, උන්ගෙනුත් මාර කරදරයක්නේ තියෙන්නේ...?
Chathuri Monday, 17 April 2023 04:49 PM
නාකී නඩේගෙන් තියෙන කරදර... ඉවසන්න බැරි ජනතාවට. මේකට විසඳුම සත්තු පිටරට අරින එක නෙමේ... මේ නූගත් මොඩ නාකි නඩේ... වැලිකඩ හිර ගෙදරට දමන්න තවම නායකයෙක් පත් නොවුණු එකයි. ඔය සත්තු පෙන්නලා හරි එදාවේල පිරිමහ ගන්න පුළුවන්. දුප්පතෙකුට නමුත් මේ නාකි නඩේ නඩත්තු කරන්න දවසට කොයිතරම් මුදල් කන්දරාවක් ඕනෑද? ඒ වියදම් කරලත් මොවුන්ට මොලේ කළඳක් නැහැ. මොවුන්ගේ දරුවෝ හරි කියලා දෙන්නේ නැත්ද? මොවුන්ට උනුත් ගොබ්බ පැටව් වෙන්න ඇති... මෙයාගේ ඇමැති කම මොකක්ද? මෙයාගේ ගුරා කව්ද? මේ වගේ දේවල් කරන්න උගන්නපු එකා. අනිත් රටවල එක සතෙක් හුවමාරු කොයිතරම් දෙවල් ඒ සතා වෙනුවෙන් බලනවාද? මෙයා ලක්ෂ ගණන් සත්තු පිට කරන්න හදන්නේ වඳ වෙනකොට...
සත්‍ය ගවේෂී.Monday, 17 April 2023 08:59 PM
මේ දේශපාලනඥයා කොහොමත් කියන්නේ පදනමක් නැති විකාර කතා.ඒ දෙයින් පෙනී යන්නේ, මෙයාගේ අධ්‍යාපන මට්ටම හා ඔහු වටා ඇති සමාජ මට්ටමේ පවතින යථාර්ථය.පොලීසියේ හිටපු මෙයා පරිසරය,වනජීවී සංරක්ෂණය වගේ දේවල් ගැන දන්නේ නැහැ.ටිකක් දැනගත් මිනිසුන් හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි.ඒ වුණත්, මෙවැනි අයට හිතූ හිතූ දේ කීමට ඉඩ නොදීම ඔවුන්ගේ නායකයන් සතු වගකීමක්.
නිලන්ත Monday, 17 April 2023 09:40 PM
ස්වභාව ධර්මයේ ආහාර දාමයක් තියෙනවා ඉතින් ඒකට යම් යම් ආකාරයට බාධා යෙදුවොත් ප්‍රශ්න ඇතිවෙනවා අපිට ස්වභාව ධර්මයා ඉක්මවා කටයුතු කරන්න බැහැ