(මනෝප්‍රිය ගුණසේකර)
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ඇතිකර ගත් සමථය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යොමු කළ එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා වෙත යොමු කොට ඇතැයි වාර්තාවේ.
අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලය තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 25 වැනිදා කැඳවන ලද සාකච්ඡාවකදී එම කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය
එම සාකච්ඡාව අවසානයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරී 23 වැනිදා සිට පෙබරවාරී 25 වැනිදා දක්වා වන කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදීමට සාකච්ඡාවට සහභාගී වු පාර්ශවකරුවන් සියළු දෙනා සමථයකට පැමිණී බවත් ඉන් අනතුරුව අදාළ සමථය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ විධානයක් වශයෙන් ඉකුත් 26 වනදා නිකුත් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති මානව හිමිකම් කොමිසම ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන එම විධානය ප්‍රකාරව ක්‍රියාත්මක වී ඉකුත් 26 වැනිදා සවස 4.00 ට පෙර දැනුම් දෙන ලෙස ද මානව හිමිකම් කොමිසම විසින් අදාළ ආයතන වලට දැනුම් දුන්නත් අදාළ ආයතන එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයිද දැනුම් දී ඇ.
එම විධානය ක්‍රියාත්මක කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම පැහැර හැරීම සහ ප්‍රතිචාර දැක්වීම පැහැර හැරීමෙන් “කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරද” සම්බන්ධයෙන් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව මානව හිමකම් කොමිසම අදාළ ආයතනවලට චෝදනා කොට ඇතැයිද වාර්තා වේ”
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මානව හිමිකම් කොමිසම උසාවි යයි
Jagath Leanage Monday, 30 January 2023 10:00 PM
දැන් ඉතින් කට්ටිය ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නයි තියෙන්නේ
අරවින්ද මොණරවිල Tuesday, 31 January 2023 06:57 AM
රටේ නීතිය යුක්තිය නොදන්න, තමන්ට ලැබෙන වගකීම දරාගන්න බැරි ඒක තමන්ට ලැබුණු අභරණයක් ලෙස කල්පනා කරන මුග්ධයන් වැනි මිනිසුන් බලයට පත් වු විට වෙන දේවල් තමයි මේ සිදු වෙමින් තිබෙනුයේ.
fairoos Tuesday, 31 January 2023 12:28 PM
උසස්පෙළ විභාග ඉවරවෙන්ඩ ඉස්සෙල්ල මේකට තීන්දුවක් ලැබෙයිද?
swene Wednesday, 01 February 2023 06:21 AM
ඉතා හොඳයි. කොමිසම පිළිබඳ විශ්වාසනීයත්වය පලුදු නොවී පවතීවි