(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල සමුපකාර සමිතියට අයත් මිනුවන්ගැටේ ප්රාදේශීකය සහ ග්‍රාමීය බැංකුව පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් හිසට කඩාවැටීමෙන් එම ප්‍රාදේශීකයේ කළමනාකාරවරිය රෝහල් ගත කර ඇති බව වාරියපොල පොලිසිය කියයි.
මෙම නව ගොඩනැගිල්ල භාවිතයට ගෙන වසර දෙකක් වත් ඉක්මගොස් නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මේ වනවිට ගොඩනැගිල්ලේ බිත්ති බොහොමයක් පුපුරා ගොස් ඇති අතර ටික කලකට ඉහතදී ටයිල් ගැලවී ගොස් නැවත සැකසූ බවද වාර්තා වෙයි. මෙම ගොඩනැගිල්ල අනතුරුදායක බව මීට පෙර සිටි කළමනාකාරවරිය ද සමුපකාර සමිතියට පැමිණිලි කර ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සිදුකර ඇත්තේ සමුපකාර අධ්යක්ෂ කණ්ඩලයේම දෙදෙනෙකු බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ජයතිස්ස මාකුඹුර මහතා කියා පවසයි.
තාක්ෂණික නිලධාරින්ගේ අධීක්ෂණය මත සිදුකළ ඉදිකිරීමක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ඉතාමත් වංචනික ආකාරයට ප්‍රමිතියකින් තොරව සිදුකළ කොන්ත්‍රාත්තුවක් බවද පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් මීට ප්‍රථම වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.
මේ සම්බන්ධයෙන් වාරියපොල සමුපකාර සමිතියේ සභාපති ආනන්ද මඩාටුව මහතාගෙන් කල විමසුමකදී සභාපතිවරයා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල නිසි පරිදි ටෙන්ඩර් කැදවා ඉදිකිරීම් කිරීමට පියවර ගත්තත් එම ප්‍රදේශයෙන් සමුපකාරයට තේරී පත්වූ සභිකයින්ගේ ඉල්ලීම මත එම ප්‍රදේශයේම පිරිසකට ඉදිකිරීම් බාරදුන් බවයි. ඔවුන් මෙම ඉදිකිරීම් නිසිපරිදි සිදුකර නොමැති බවට පැමිණිලි ලැබී කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බව කී සභාපතිවරයා එම ගොඩනැගිල්ලේ අනෙක් පස සිටින ග්‍රාමීය බැංකුවේ පිරිස්ද මෙම අවධානම් තත්වය හේතුවෙන් හෙට දිනයේදී වෙනත් ස්ථානයකට මාරු කිරීමට කටයුතු කරන බවද පැවසීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මිනුවන්ගැටේ සමූපේ කොටසක් කළමනාකාරියගේ හිස මතට වැටේ
dhamneth Friday, 09 July 2021 01:08 PM
තවම මව්බිමට ආදරය කරන හැටි අපේ මිනිස්සුන්ට සුද්දගෙන්වත් ඉගෙන ගන්න බැරි වුණානේ.. සුද්දා මේ රටේ ඉදිකළ කිසිම ගොඩනැගිල්ලක් මේ වගේ කඩා වැටුණේ නැහැ.