IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි

(විනීතා එම් ගමගේ)
 
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
 
එම පොකුර අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වී ආසාදිතයන් හඳුනාගැනීම හේතුවෙන් මෙසේ ආසාදිතයින් හමුවීම අඩුවෙමින් පවතිතැයි කී සමරවීර මහතා මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් හඳුනාගැනීම යැයි ද කීය.
 
ඇඟළුම් කම්හල් පොකුරේ සාම්පල 6000 ක් පෙරේදා දවස තුළ ලබාගත් බව කී අධ්‍යක්ෂවරයා දිගින් දිගටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බැවින් රෝගය ගමන් කරන දිශාව ඉදිරි දින දෙක තුළ කිව හැකි වනු ඇතැයි ද පැවැසීය. කොරෝනා වසංගතය ඇති වූ දා සිට මේ දක්වා පීසීආර් පරීක්ෂණ 320,000 ක් සිදුකර ඇති බවත් 4,488 දෙනෙක් හමුවී ඇති බවත් පෙන්වා දුන් සමරවීර මහතා එයින් 1,053 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් ඇති වූ පොකුරේ ආසාදිතයන් බව ද කීය.
 
සරමවීර මහතා මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දීය.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීර කියා සිටියේ රෝහල් පද්ධතිය තුළ රෝගීන් හමුවුවත් සාමාන්‍ය රෝගීන් හා මිශ්‍රවීම වැළැක්වීමට ගත යුතු සියලු පියවර ගෙන ඇති බවය. ජනතාව අනවශ්‍ය බියක් ගත යුතු නැතැයි ද එසේ වුවද සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදීම අත්‍යවශ්‍ය බව ද කී ඔහු ස්වසන ආබාධ ඇත්නම් වහා සෞඛ්‍ය අංශවලට දන්වන මෙන් ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් රෝහල් ඇඳන් 2000 ක් වෙන්කොට ඇති බවත් අවශ්‍ය වුවහොත් එය 3000 දක්වා වැඩිකිරීමට සූදානම්  බවත් ඉන් එහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
 
පාසල් සිසුන් විභාග සඳහා යන්නට අවසර ලබා දෙන්නේ විශේෂිත වූ ප්‍රවාහන ක්‍රමයක් සමග යැයි ද අවදානම දැක සූදානම් වන නිසා ගැටළු අවම වනු ඇතැයි විශ්වාස කරන බව ද වෛද්‍ය සමරවීර මහතා කීය. කොළඹ ජනගහනය අධික බැවින් හා ගම්පහට ඉතා ආසන්න බැවින් කොළඹ දී හමුවිය හැකි ආසාදිතයින් ගණන වැඩිවේ යැයි සැක කරන බවත් ආශ්‍රිතයින් නිරෝධායනය වන ස්ථානයෙන් පිටට යාම වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ දී ආසාදිත ගැබිණි මවක් හමුවීමත් සමග එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතැයි වාර්තා වන බව කී ඒ මහතා ප්‍රතිකාර ගැනීමට අත්‍යවශ්‍ය අවස්ථාවල රෝහලට යාමට කටයුතු කරන ලෙසත් එවැනි කටයුතු ප්‍රමාද කිරීම වෙනත් ප්‍රශ්න ඇති කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ හොත් කිසිදු සැකයකින් තොරව මෙම පොකුර ද ජයගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

(ඡායාරූපය -ළහිරු හර්ෂණ)



අදහස් (12)

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි

රසික Friday, 09 October 2020 11:02 AM

අනේ මහත්තයෝ.. ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නේ නැතුව ඇත්ත කියන්නකෝ. ඉස්පිරිතාලවල්වල ඕනෑම කරන අවම පහසුකමක්වත් නෑ. නේවාසිකාගාරවල ඉන්නේ ඔක්කොම එක ගොඩේ. දැනට ළමා රෝහලේ තත්වය ඉතාමත් අවදානම්...

:       19       56

Anton AustriaFriday, 09 October 2020 02:16 PM

රසික, මම ඉන්නේ යුරෝපේට අයිති රටක. මේ රටවල්වල දියුණු තාක්ෂණ තිබ්බට.., අපේ රටවල් වගේ දොස්තරලා, මිනිසුන් නෑ... සතුටු වෙන්න ඔබලා. අපියි දන්නේ මෙහේ තියෙන තත්ත්වය. ඔබ අද ඔය විදිහට කතාකරන්න හරි ඉන්නේ අපේ මිනිසුන්ගේ හැකියාව සහ කැපවීමයි. මට මගේ රට ගැන මිනිස්සු ගැන සතුටුයි.

:       24       32

රසිකFriday, 09 October 2020 02:55 PM

ඇන්ටන් මහත්මයා. ඔබ මීඩියා වලින් දකින ඇත්තට වැඩිය ඇත්ත මම දවස ගානෙම ඇස්වලින් දකිනවා. අත්විඳිනවා. මොකද මගේ සොහොයුරිය හෙදියක් නිසා. මම විශ්වාස කරනවා ඒ පිළිතුර ඔබට ප්‍රමාණවත් වෙයි කියලා...

:       9       35

රුවන්Friday, 09 October 2020 03:50 PM

මෙතන බහුතරයක් දෙනාගේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ මේ හැමෝම රටට කෙලවෙලා යනකම් බලන් ඉන්න ගොබ්බයින් වගෙයි. නංගි හෙදියක් වුණු නිසා දැන් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙලා. මේ හලෝ මාස්ක් එකක් දාලා අත් දෙක සෝදලා කට වහගෙන ඉන්නවා. නැත්නම් කොරෝනා හැදෙයි..

:       25       39

Tharindu PereraFriday, 09 October 2020 04:30 PM

වහල්ලු යමක් දකින්නේ වහල් හිමියා කැමති විදිහටනේ...! ඒ නිසා රසික ඔයා නිශ්ශබ්දව ඉන්න.

:       12       23

රසිකSaturday, 10 October 2020 10:02 AM

රුවන් මහත්මයා .සොහොයුරිය හෙදියක් වුණාම මම වෛද්‍යවරයෙක් වෙන්න තරම් දැනුමක් නම් නෑ. හැබැයි අවුරුදු 13 ක්‍රියාන්විත රාජකාරිවල ඉඳලා ඒ නිසාම අදටත් ආබාධයක් සහිතව හමුදා සේවයේ ඉන්නවා. ඔබ යම්කිසි දේශපාලන කඳවුරක මතයකට අනුව දකිනවා නම් ඒක ඔබගේ දුර්වලකමක්. මම කියපු දේ සත්‍ය අසත්‍යතාවය සෞඛ්‍ය සේවයට සම්බන්ධ අය දන්නවා ඇති. මේ වන කොටත් ළමා රෝහලේ සුළු සේවිකාවක් ආසාධිත බව තහවුරු කරගෙන තියෙනවා. ඒ වුණත් තවමත් කාර්යමණ්ඩලවල සුරක්ෂිතතාවය වෙනුවෙන් පියවරක් අරගෙන නෑ. ඒ වගේම අමතක කරන්න එපා... රෝහලට ආව ගිය සිය දහස් ගණනක් මේ වනවිටත් ආසාධිතයන් වෙන්න පුලුවන්. ඔබ කියා ඇති ලෙසම මුඛ ආවරණ පැළඳ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ලිහිල්කලෙත් ඔබ ඔය ආවඩන පාලකයින්ම බවත් සිහිකරගන්න.

:       1       8

ChandimaSunday, 11 October 2020 02:14 AM

රසික, තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න තමන් දැනගන්න ඕන.

:       0       0

Nuwan Friday, 09 October 2020 11:26 AM

ඔව්, ආණ්ඩුව ළඟදී කරපු ගොන්කම් කීපයක් වහගන්න හිත නිවන කතාවක් කියන්න ඕනේ බහුතර වහලුන්ට සැනසෙන්න...!!! 

:       15       40

sampath Friday, 09 October 2020 11:29 AM

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමේ ක්‍රමය නතර කළ යුතුයි. අදාළ අංශවල නිහැඬියාවෙනුයි මේ තරම් දෙයක් පැතිරුණේ. පහුගිය කාලේ හැමෝම හැසිරුණේ කොරෝනා අවසන් රෝගියාත් ලෝකෙන් තුරන් වුණා සේ හිතලා දැන් මොනවා කිව්වත් වැඩක් නෑ.

:       4       36

MO Friday, 09 October 2020 12:15 PM

විකාර කියවන්න එපා. දිනකට ඔබ PCR පරීක්ෂණ 25000ක් බැගින් දින 10ක් කළොත්, අපිට හරි ගණන බලාගන්න පුළුවන්. වූහාන්වල සියලු දෙනාම පරීක්ෂා කරලා කෝවිඩ් 19ම තුරන් කළා.. අන්න ඒ විදිහට තමයි කරන්න ඕනේ...

:       8       22

සෙනෙවිරත්න Friday, 09 October 2020 02:35 PM

කට මැත දෙඩවීමට ඉක්මන් වෙන්න එපා. අපට පේන විදියට මේක සමාජගතවෙලා අහවරයි. මේකෙ තියෙන ප්‍රවෘත්ති බැලුවාම පේනවා... මන්නාරම, රිජ්වේ රොහලේ බිළිඳාගේ පියා සහ මිනුවන්ගොඩ පොත් ප්‍රදර්ශනය බලපු අය, මේ තුන ස්වායත්ත නොවෙයිද?

:       4       25

MEDIA මෑන් Saturday, 10 October 2020 03:50 AM

මේ එකිනෙකා විවේචනය කරමින් සිටිය යුතු කාලයක් නෙවෙයි. මේ භයානක වෙෙරසය අපේ රටින් තුරන්කර දැමීමට හැමෝම සහයෝගයෙන් කටයුතු කළයුතු කාලයක් බව සිතට ගන්න. පක්ෂ ජාති, අාගම් භේදය පසෙකලා.. සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට අත්වැල් බැඳගනිමු. එහෙම නොවුනණොත් අපි හැමෝටම වැලපෙන්නට සිදුවේවි..

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 49 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 429 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 295 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 154 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 703 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 170 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1013 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site