IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි “සත්‍ය නොවන, නොපැහැදිලි සහ පක්ෂග්‍රාහී” වාර්තාවක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාට කිසිඳු සාමාජිකයෙකු විසින් නියම කරනු ලැබ නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක ගතවන දිනට පෙරදින මෙම වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රශ්න කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය 17 වැනිදා "බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම" යන තේමාව යටතේ පිටු 45 ක වාර්තාවක් නිකුත් කළේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනාව දේශපාලනීකරණය වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාව නිකුත් කළ අකාරයෙන් පෙනී යන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබියදී මෙම වාර්තාව නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා වෙත ලිපියක් යොමු කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ ද කතා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

 

(සන්ඩේ ටයිම්ස්)
 

 

 



අදහස් (6)

මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

Nimal Sunday, 19 May 2024 01:12 PM

ඇතැම් විට ඇත්ත හරිම තිත්තයි.

:       3       6

BITTER TRUTH Sunday, 19 May 2024 01:20 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       28       3

සමන් විමල් Monday, 20 May 2024 09:13 AM

මේ නිර්නාමික කොන්දක් නැති සුනඛ පෝතකයා කවුරුන්දැයි දන්නා කෙනෙක් වේද?

:       4       16

Perera Sunday, 19 May 2024 03:41 PM

ත්‍රස්ත සංවිධාන එක්ක ඩීල් දාන ඇමැතිලා, අත් අඩංගුවේ ඉන්න සැකකාරයින්ට අමානුෂික වධහිංසා පමුණුවන පොලිසියේ ලොක්කෝ එහෙම ඉන්නකොට ලෝකයෙන් බොහෝරටවල් වලින් ප්‍රතික්ෂේප වෙන එක පුදුම වෙන්න ඕනෑද?

:       22       7

Sriyal Sunday, 19 May 2024 05:42 PM

කොන්දේසි සහිතව පිළිගන්න ඉවරයක් කරලා අලුත්ම ගමනක් යාම වටී...!

:       2       5

Vithana Monday, 20 May 2024 01:06 PM

BITTER TRUTH කියන විදියට මේකේ කොමෙන්ට් දාන්න ඕනේ ජේවීපී එකට පක්ෂපාතීව විතරයි. අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1755 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1154 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 616 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site