(දිලීප් ජයසේකර)
මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා හොර රහසේ යොදාගැනීමේ ජාවාරම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් සැකසුම්කරුවන් සහ මෝල් හිමියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි තිස්සමහාරාම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“රජයෙන් ලබා දී ඇති සහතික මිල ඉක්මවා වී කිලෝ එකක් රුපියල් 53ත් 55ත් අතරේ මුදලකට සත්ව ආහාර සඳහා ජාවාරම්කරුවන් ගොවියාගෙන් වී මිලදීගන්නවා. රජය මේ වන විට වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දී තිබුණත්, වී මෝල් හිමියන්ට එම මිලට මිලදී ගැනීමට වී නෑ. ගොවියාටත් වී කිලෝ එකක් සඳහා වැඩි මිලක් ලැබෙන නිසා ජාවාරම්කරුවන්ටම වී අලෙවි කරනවා. මේ හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සහල් සැකසුම්කරුවනුත් දැඩි අසීරු තත්වයකට පත්වෙනවා.
සත්ව ආහාර සඳහා යොදාගන්නා බඩ ඉරිඟුවල දැඩි හිඟයක් වෙළදපොළේ ඇති නිසා, මෙම පිරිස මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා ඉතා සුක්ෂමව යොදාගන්නවා. මේ ජාවාරම විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක වෙනවා. ගොවියාගේ පැත්තෙන් බැලුවම ගොවියට ඒක වාසියක් වුණාට මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන හාල් ටික තමයි මේ හොර පාරෙන් සත්ව ආහාර සඳහා යන්නේ. ඉදිරියේදි ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙන්න සහල් පිටරටින් ගේන්න සිදුවෙන්න පුළුවන්.
ජාවාරම්කරුවන් මෙම ජාවාරම කරන්නේ ඉරිදා හා රජයේ නිවාඩු දිනවලට. මොකද මේ දිනවලට නිලධාරීන් නිවාඩුයි. මේ සහල් පාරේ ගෙනියද්දි වුනත් කාටවත් හිතාගන්න බෑ කොහෙද මේ හාල් අරන්යන්නේ කියලා. පොලිස් නිලධාරීන් වාහනේ නවත්තලා පරීක්ෂා කළා කියලා ඒ අයට හොයා ගන්න බෑ මේ මොන සහල්ද කියලා. අපි රජයට යෝජනා කරන්නේ දැන්ම තියා මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදන්න කියලා.
දැනට පොත්ත විතරක් ඉවත් කළ හාල් කිලෝ එකක් රුපියල් 78ක් වගේ මුදලකට සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන මිලදී ගන්නවා. මෝල් හිමියන් නොවන පුද්ගලයන් සහල් තොග සඟවා තබාගෙන සිටීම නිසා ඉදිරියේදී රට පුරා කෘතිම සහල් හිඟයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් සහල් මිල යළි ඉහළ යන්න පුළුවන්. එහෙම වුණොත් යළි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් සැකසුම්කරුවන් කඩාවැටීමකට ලක්වෙනවා.
රජයෙන් පොහොර සහනාධාරය දීලා, අනෙකුත් පහසුකම් ටිකත් ගොවියට දෙනකොට ගොවියගෙත් යුතුකමක් තියෙනවා 25%ක්වත් වී තොග රජයට දෙන්න. රජයටත් වගකීමක් තියෙනවා පොහොර සහනාධාරය ගන්නා ගොවීන්ටත් අනිවාර්ය කරලා හරි වී තොග රජයට ලබා ගන්න වැඩපිළිවෙළක් සකස් කිරීමට. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඇත්තටම වී තොග රැස් කර තබාගැනීමේ පහසුකම් අඩුයි. ඒ නිසා වී අලෙවි මණ්ඩලය සතුව වී තොග තියේ නම් ඒවා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට නිකුත් කරලා ඒවා සහල් බවට පත් කළ යුතුයි. එහෙමවුණොත් සහල් හිඟයක් මවාපාන්න ජාවාරම්කරුවන්ට පුළුවන් කමක් නෑ.
මිනිස් පරිභෝජනයට ගන්නා සහල් සත්ව ආහාර ලෙස නොගන්නා ලෙසට රජය ගැසට් එකකුත් නිකුත් කර තියෙනවා. ලංකාවේ සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන රජයේ ලියාපදිංචි ආයතන. ඒවාට මිනිස් පරිභෝජනයට ගන්නා සහල් ගෙනියනවද නැද්ද කියන එක පරීක්ෂා කිරීම හරිම පහසුයි. තවමත් පාරිභෝගික අධිකාරියට බැරිවුණා මෙම ජාවාරම නවත්තන්න” තිස්සමහාරාම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මිනිස් පරිභෝජනයට සුදුසු හාල් සතුන්ගේ බඩට හොර පාරෙන් යනවා’
ABC Sunday, 23 August 2020 12:53 PM
මිනිස් පරිබෝජනයට සුදුසු සහල් සතුනට දීම කල යුතුවේ. එයට හේතුව නම් මිනිස් පරිබෝජනයට නුසුදුසු සහල් සතුනට ලබා දී අවසානය එම සහල් කන සතුන්ගේ මස්, බිත්තර කන්නෙත් සහ කිරි බොන්නෙත් මිලියන් 22.2 වන ශ්‍රී ලාංකිකයන්වේ. අවසානයේ මිනිස් පරිබෝජනයට නුසුදුසු සහල් කන සතුන්ගේ මස්, බිත්තර සහ කිරි පරිබෝජනය කරන මිනිසුන්ට අසනීප වැළදේ. පිටරටින් සත්ව ආහාර ගෙන්වීම නවත්වා දේශීය ගොවියාගේ නිෂ්පාදනයට ඉහලමිලක් ලැබීම සහ ලබාදීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වේ.