(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙනෝ දහසක් බලා සිටියදී අතුරුගිරිය ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහරදී එක් අයකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 5දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පිරිස අතර බස්රථ හිමියකුගේ පුතකු සහ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් 31 රාත්‍රී අතුරුගිරිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවී තිබු බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු වන බස්රථ හිමිකරුගේ පුතු, අතුරුගිරිය ප්‍රදේශයේ අවන්හලක වෙත ආහාර මිලදී ගැනීම සඳහා පැජරෝ ජීප් රථයකින් පැමිණ තිබිණි. එය වාහන නවතා තබන ස්ථානයේ නැවැත්වීමට ඉඩකඩ මදි වීම පිළිබඳව එම අවන්හලට පැමිණ වාහනයකින් පැමිණ සිටි පශු වෛද්‍යවරයකු යටතේ සේවය කරන මුදල් අයකැමි වරයෙකු සමග බහින් බස් වීමක් සිදුවී තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව බස්රථ හිමිකරුගේ සැකකාර පුතු විසින් දුරකථන ඇමතුම් දී තවත් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන එම පුද්ගලයාට පහරදී උස්සා පොළොවේ ගසා ඇත. නැවතත් පිරිස සමග වටකර පහර දෙමින් සිටියදී එය සැළ වී තිබූ පශු වෛද්‍යවරයා එහි පැමිණ තිබිණි. ඔහු එය සමථයට පත් කිරීමට උත්සහ කිරීමේදී එම පිරිස වෛද්‍යවරයාට සහ කළමනාකරුවකුට පහරදී තිබු බව පොලිසිය කියයි.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනිසෙකු උස්සා පොළොවේ ගැසූ 5ක් අත්අඩංගුවට
Prabha Tuesday, 05 January 2021 01:54 PM
දොස්තර මහත්තයාට තිබුණේ ... ඔය අයට පිස්සු බලු එන්නත විදින්න.
කුසල් Tuesday, 05 January 2021 02:11 PM
හිතක් පපුවක් නැති පව්කාරයෝ... මේ අය පව් පින් නොදන්න ආගමක් ධර්මයක් නැති අයද? රටට වෙච්ච් දෙයක්...
සිරිමල්Wednesday, 06 January 2021 01:54 AM
කවුද කියන්නේ බස්තියන්ලාට (බස් හිමියන්) හිතක් පපුවක් තියෙනවා කියලා. අපායේ යමපල්ලෝ වගේ ජාතියක්.
Raveendra Tuesday, 05 January 2021 02:18 PM
විනයක් නැති තැන දිව්‍යලෝකය වුණත් විනාශවීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය. "කායවර්ධන" යන්න "විනයවර්ධන" ලෙස වෙනස්විය යුතු නොවේද? කෙසේ වෙතත් මෙවන් පරයින්ට නිසි දඬුවම් ලැබේවා... මේ අයගේ නම් ගම් ඡායාරූප සහිතව ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද යන්න මහජනතාවට ගැටලුවකි.
සෙනෙවිරත්න Tuesday, 05 January 2021 02:42 PM
මේ වගේ බලු චන්ඩි, දුබලයන්ට ලොකුකම් පෙන්වන වසලයින්ගේ රූප මාධ්‍ය මගින් ප්‍රසිදධ කර මුංගෙ දරුවෙකුටවත් පාරට බහින්න බැරි විදියට පීචං වෙන්න අරින්න.
RaveendraWednesday, 06 January 2021 12:35 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප මේ පිළිබඳව මොනතරම් අදහස් මෙම පුවත්පතේම සඳහන් කරත් කිසිඳු ප්‍රතිඵලයක් මේ වෙනතුරු නැති බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු. කිසිඳු මාධ්‍යයක් පිළිබඳව ශත 5ක සැලකිල්ලක් නැත්තේ "මේ සියලුම මාධ්‍යයන් රටේ ජනසමාජය අතර ඇනකොටා ගැනීම්වලට වක්‍රාකාරව කැමැත්තක් දැක්වීම නොවේද" ?
Nihal Wednesday, 06 January 2021 02:20 AM
පොඩි මිනිහෙක්ට නම් කරයි.
Kule Tuesday, 05 January 2021 03:59 PM
කලු සල්ලි ලැබෙන කොට ඒ අයගේ පුත්තු හිතන්නේ ඒ අය හරි වීරයෝ කියලා...
Hafeel Tuesday, 05 January 2021 05:08 PM
මේ මැරයන්ට අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඇති.
chandima Tuesday, 05 January 2021 05:57 PM
මේ අයව නාලිකා කාරයෙකුට බාර දුන්නා නම් මල්ලව පොර වැඩසටහනක් හදනවා. අපි හින්දි චිත්‍රපටිවලට සිංහල හඬ කවලා නරලෝ හොල්මන් පෙන්වනවට වඩා ඒක හොඳයි.
Ruhunu Tuesday, 05 January 2021 06:43 PM
අවජාතකයින් ටිකක් වෙන්න ඇති...
premasiri Tuesday, 05 January 2021 10:48 PM
ලංකාව දැන් තිරිසන් සමාජයක් බවට පත්වෙලා ඉවරයි. බලධාරීන්ගේ ඇස් මේ වෙත යොමු වේවා...!!!
rocky Wednesday, 06 January 2021 12:47 AM
තව මදි !!! ඔහොම යන්...!!!
sharm warn Wednesday, 06 January 2021 12:07 PM
පාර්ලිමේන්තුවට එල්ලුම් ගහට යවන අය මිනීමරුවන්. මිනී මරපු අය,කුඩු විකුණන අය, මාල කඩන අය ඇවිල්ලා රට පාලනය කරනකොට... රට වැසියෝ පාදඩයෝ වෙන එක අමුතුවෙන් කියන්න දෙයක්ද? කායවර්ධනය කර ගත්තාම හරි පොරවල් කියලා හිතාගෙන ඉන්නවා ඇති. පිටිපස්සේ දේශපාලන හයියක් නොතිබ්බොත් .. මේ පොහොට්ටු ආණ්ඩුව නෙමේ එහෙනම්...