(යොහාන් භාසුර)
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.
එහිදී පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළේය.
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් පැවැති මුද්දර නිර්මාණ තරගයෙන් ජය ලැබූ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලිගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.
මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේය.
කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත හරහා අවකාශය උදාවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මනුෂගෙන් මහින්දට මුද්දරයක්
Jagath Friday, 22 December 2023 11:25 AM
මොවුන් එක එක්කෙනා පක්ෂ කියාගෙන බෙදිලා හිටියාට එකම හොරු සෙට් එක කවුරුත් ලබන වතාවේ තෝරලා යවන්න එපා...
Don perea Friday, 22 December 2023 11:36 AM
මේ ඔක්කොම යාළුවෝ මල්ලි..!
අරවින්ද මොනරවිල Friday, 22 December 2023 11:53 AM
මුද්දරයක් නොවෙයි පෙට්ටියක් දෙන්න...!
Kazi Shajahan Friday, 22 December 2023 12:04 PM
ලැජ්ජයි අපට මෙයාලා දේශපාලනය එපා කරවනවා...
Nihal Dharmatileke Friday, 22 December 2023 12:55 PM
මුද්දරයේ මහින්ද මහතාගේ නළලේ අලවලා සීල් එකේ ගහන්න තිබ්බේ. දෙවැනි මුද්දරයේ මනූෂගේ කටේ අලවලා සීල් එකේ ගැහැව්වා නම් මුද්දරයේ වටිනාකම වැඩිකරගන්න තිබුණා.
Rata Perata Friday, 22 December 2023 01:02 PM
මේ වගේ අය ආයෙත් නම් එවන්න එපා...!
Hafeel Friday, 22 December 2023 02:34 PM
එදා හරීන් ගෝඨාභයගේ මුහුණ නොබලා, පිටි පස්ස බලාගෙන ඇමැති පත්වීම් ගත්තු වගේ, මෙයාත් මහින්දගේ මුහුණ නොබලා, පිටි පස්සෙන් මුද්දරය ප්‍රදානය කළේය. මේ දෙදෙනා කිව්වත් කිව්වාමයි. මෙයාලාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ...!
Nimal Friday, 22 December 2023 03:04 PM
කෝ ජයග්‍රාහකයා සහ මුද්දරය?... වසර 75 ක පරාජිතයෙක් පෙන්නන්නේ මන්ද...!
මැක්ස් Friday, 22 December 2023 03:30 PM
කම්කරු ඇමැතිවරයා ලෙස මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් මහින්ද මහතා කළ සේවය පිළිබඳ දන්නා ඇත්තන් මීට උරණ නොවනු ඇත. නොදන්නා කුහකයින්ට ඊට දෙස් දෙවොල් තැබීමට අයිතිය ඇත...
ගමේ එකාලා Friday, 22 December 2023 09:21 PM
කම්කරු ඇමැති කාලේ කරපු දෙයක් නැහැ. ඊට පස්සේ ධීවර ඇමැති වුනා. අගමැති වුනා. අන්තිමට දෙවරක් ජනාධිපති වෙලා රටම විනාශ කෙරුවා.
Kumara Saturday, 23 December 2023 12:43 AM
ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?
achini Saturday, 23 December 2023 05:05 PM
ඔක්කොම එකම හොරු...
සල්ලි Sunday, 24 December 2023 11:38 AM
කෝ මුද්දර..?