IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා

(ඩබ්ලිව් .ඒ.සිරිසේන)

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන් ගෙඩි 100 කට මේ දක්වා මුදල් නොදුන් බව රක්වානේ බේකරි හිමියෙක් චෝදනා කරයි.

මැයි පළමුවැනිදා පවත්වන රැලියකට රක්වාන නගරයේ සිට සහභාගි වන සිය පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීමට පාන් ගෙඩි සීයක් මිලයට ගැනීමට අවශ්‍ය බවට පසුගිය දිනයක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් තිදෙනකු බේකරියට පැමිණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා රුපියල් 15000 ක මුදලක් අවශ්‍ය බව පැවැසූ පසු රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් තමන්ට ලබා දුන් බවත් හෙතෙම පැවැසීය.

ඒ අනුව ඉකුත් පළමුවැනිදා උදෑසන පාන් ගෙඩි 100ක් එම පිරිසට ලබා දීමට ක්‍රියා කළ බවත් රැලිය පැවැති දිනට පසු දින ඉතිරි මුදල වන රුපියල් දස දහසක මුදල ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මේ දක්වා මුදල් නොදුන් බවද සඳහන් කළේය.

පසුව පාන් ගෙඩි සීයයේ ඇණවුම ලබා දුන් තිදෙනා සොයා ගොස් අවස්ථා කිහිපයකදීම මුදල් ඉල්ලා සිටි විට ඔවුන් තමන්ට පැවැසූවේ පක්ෂයේ අනුගාමිකයන්ගෙන් මුදල් එකතු කර ගැනීමෙන් පසුව මුදල් ලබා දෙන බවයි.

බේකරි හිමියා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදාළ පක්ෂයේ සංවිධායක මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසීය.

අපි පාන් ඇණවුම භාරදෙන අවස්ථාවේදී රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් බේකරි හිමියාට ගෙව්වා. ඉතිරි මුදල ගෙවීම දින දෙකක් පමණ ප්‍රමාදයක් සිදුවී තිබෙනවා. හිඟ මුදල ගෙවා දැමීමට ඉදිරි දින දෙක තුළදී කටයුතු කරනවා. මෙය දින දෙක තුනක ප්‍රමාදයක් හැර මුදල් ගෙවීම පැහැර හැරීමක් නොවෙයියැයි ද කියයි

 



අදහස් (15)

මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා

ගස් වැද්දා Sunday, 05 May 2024 11:52 PM

ඒක ඒ අයගේ වරදක් නොවෙයි. ආණ්ඩුවේ වරද? වරද රනිල්ගෙයි, මහින්දගෙයි..

:       6       9

Sarath Monday, 06 May 2024 12:08 AM

පාන් බිලේ හිඟ පැත්තේ ඔරලෝසු මුහුණක හැඩයක් තියෙනවා නේද?

:       12       12

Prabha Monday, 06 May 2024 12:57 AM

ඕක පිටිපස්සේ ඉන්නේ අර ඉරාජ් කියන කෙනාද?

:       9       7

Sathyapala Monday, 06 May 2024 07:39 AM

මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ මාලිමාව රජකරන්න වුණත් නලින් හේවගේ නැමැත්තා කියපු දේ අනුව ඔවුන්ගේ අදහස් අනුමත නොකරන පිරිස් වලට දඬුවම් දීම අනිවාර්යයෙන් වෙනවා. එනිසා ඔවුන්ගේ අවශ්‍යතා බලෙන්ම මිනිසුන් ලවා ඉටුකිරීමට කටයුතු කරන බව මෙයින් පෙන්වා දුන්නාට දුරදිග නොපෙනෙන මානසිකව දුර්වලතා සහිත අයට තේරුම් ගන්න බැහැ. අඩුම තරමින් පාර්ලිමේන්තුවේ මංත්‍රීලා තුනක් සිටගෙන ඔහොම නම් ආණ්ඩුව ගතහොත් කොහොම වේද කියලා හිතන්න..

:       20       14

මහසෙන් Monday, 06 May 2024 07:52 AM

නෑ.. ඒ ගොල්ලෝ එහෙම නෑ...

:       9       9

maali Monday, 06 May 2024 08:41 AM

කමක් නෑ අපි මාලිමාමාට.... මාලි මාමාට ජයවේවා...!

:       9       26

sarath Monday, 06 May 2024 09:48 AM

කියන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම jvp හිඟන්නෝ සෙට් එක... කොල්ලකෑම මිසක් වෙන දෙයක් නොකරන ගම්වැද්දෝ සෙට්එක ජවිපය...

:       31       18

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:31 PM

මේක ප්‍රවෘත්තියක් වීමම ජනතාව මාලිමාවට එක්වීම පේනවා, මේවගේ දේවල් ඕන තරම් වෙනවා බේකරි කාරයට දවසක් දෙකක් ප්‍රමාද වෙන බව කීවම ඕක පත්තර වලට යැවීමම මිනිහගේ නොහැදියාව පේනව, මුදලාලිලගෙ වියදමින් මැයි රැළි ගිහිල්ල බත්පාර්සල් අරක්කු බාග බීපු අයට මේක රස පුවතක්, මාලිමාවට මීට වඩා මඩ අපේක්ෂා කරනව, ඒත් ජනතාවගෙ කැමැත්ත මාලිමාවයි.

:       12       23

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:34 PM

සරත් ,තමුන්ට ඔය පාන්ගෙඩි ලොකු වුණාට රටම මංකොල්ලකාපු උන්ට කඩේ යනඑක නම්බුයි නේද? මමත් ජවිපෙ ඒත මම හිඟන්නෙක් නෙවෙයි, තමුන් වගේ හාල් කිලෝ දහයට කට අරන උන් මාලිමාවෙ නැහැ, මේක ප්‍රමාදයක් කරුණු පැහැදිලි කරල තියෙන කොටත් ඒක නොසැලකීම බේකරිකාරයගෙ නොහැදිච්ච කම.

:       11       12

Sharm Monday, 06 May 2024 01:55 PM

ඇයි පක්ෂයේ නම කියන්න බැරි? නම කියන්න බයනම් පක්ෂය මොකක්ද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්.. මේ කුපාඩි උත්සාහය කාට මඩ ගහන්නද?

:       6       14

ජනත් කුමාර උඩුවිදාන Monday, 06 May 2024 05:54 PM

අද පාන් දිනුවොත් ගෙදර බත් මුට්ටියත් අරගන්නවා. මොවුන්ටත් කඩේ යන මෝඩයින් පිරිසක් ඉන්නවා.. ඒ අතරට 69යේ සෝදාපලුවන් ටිකත් එකතු වෙලා.. ඔවුන් තමයි රටේ විනාශයට වගකියන්න ඕනේ... ආපහු තවත් නරියෙක් හොයාගෙන...!

:       9       2

ජේ ඒ එස් ආනන්ද Tuesday, 07 May 2024 08:29 AM

සහෝදරවරුනි ප්‍රවේශම් වන්න.අපගේ සුළු අතපසුවීමක් පවා මහමෙරක් සේ ජනගත කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.දේශපානමය වශයෙන් කෙතරම් වැහැරුණු මිනිසුන් එක්කද කටයුතු කරන්න වෙලා තියෙන්නේ.ප්‍රකෝටිගනන් රජයට වංචා කලවුන් සැපසේ.රුපියල් 10000/ ක් දින දෙකක් දන්වා ප්‍රමාද කිරීම ජාතික අපරාධයකි.

:       0       2

Xyz Tuesday, 07 May 2024 09:52 AM

මුදලාලිට ආණ්ඩුව ආවම ලොකු වාසියක් වෙනව කියලා පොරොන්දු වෙලා ගන්න තිබ්බේ. එහෙම වුණා නම් ඕකා නිකන් දෙනවා පාන්.

:       0       3

Sirisoma Suriyarachchi Tuesday, 07 May 2024 07:05 PM

අනික ඔය රුපියල් 10000 දීලා දාපල්ලා මුන් බලාගෙන ඉන්නෙ NPP එකට මඩ ගහන්න පොඩි හරි දෙයක් අල්ලගෙන. රටේ මහජන මුදල් ට්‍රිලියන ගණනින් හොරා කාපු හොරු ගැන කතා කරන්නෙ නෑ. මේ මිනිස්සුන්ට කන්න ණයට පාන් අරගෙන දීලා ඒක දෙනකම් ඉන්න බැරුව පත්තර වලටත් දාන කුහකයෝ එක්ක කොහොම රට හදන්නද මන්දා. මම නම් කියන්නෙ ණයට ගත්තා නම් ඒ ගත්ත සහෝදරවරු කොහොම හරි ගෙවල දාන්න. නැත්නම් ඕක සජියා ගිය ගිය තැන කියනවා.

:       0       1

Sirisoma Suriyarachchi Tuesday, 07 May 2024 07:19 PM

රටේ ධනය ට්‍රිලියන ගණනින් හොරා කාපු හොරු ගැන කතා කරන්න බය කැලෑ පත්තර මිනිස්සුන්ට කන්න දෙන්න ණයට පාන් අරගෙන දුන්න එකේ සල්ලි දෙන්න ප්‍රමාද වුණා කියල පත්තරේ දාලා. අනේද කියන්නෙ. පොලු තියලා කියල කියන හැටි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 697 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 936 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2040 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4338 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2264 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 847 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site