IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘මියගිය පළාත් සභාවට යළි පණ දෙන්න එපා‘‘

(යොන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මියගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

වර්තමාන ව්‍යවස්ථාව හදුන්වා දෙන අවස්ථාවේදීම එහි දුර්වලතා තිබූ නිසා ඒ සමඟ රටට ඉදිරියට නොහැකි යැයි එහිදී පැවසූ බවත් රට වර්තමානයේ පත්ව තිබෙන තත්වය අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙය හොඳම අවස්ථාව බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කියති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.

“රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

එහි තිබිච්ච අඩුපාඩුකම් එහි තිබිච්ච දුර්වලතා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒක නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සළකා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගික විරසකයන්ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විදියට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොටම නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනල්ලා අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි.

 



අදහස් (13)

‘‘මියගිය පළාත් සභාවට යළි පණ දෙන්න එපා‘‘

siri Tuesday, 12 October 2021 02:49 PM

මහන්සිවෙලා පත්කර ගත්තු ආණ්ඩුව දැන් මහන්සි වූ කට්ටිය කියන කිසිදෙයක් අහන්නේ නැතුව හිතුණු හිතුණු දේවල් කරන එකේ මේ උපදේශය විතරක් අහයි කියලා හිතන්න අමාරුයි...

:       1       20

අප්පුහාමි Tuesday, 12 October 2021 03:00 PM

ඉතාමත්ම වටිනා අදහසකි. කවුරු හෝ පළාත් සභා අවශ්‍ය බව කියනවා නම් ඒ කෙනා රටට විපත් කරන්නෙකි. පළාත් සභා අවශ්‍යද? නැද්ද? මෙතෙක් ජනතා මතය විමසා නැත. පළාත් සභා අහෝසි කිරීමේ ගැටලු ඇත්නම් ජනමතය විමසා බලන්න. අපේ අදහස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ පළාත් පාලන ආයතනයක් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු පත්කිරීම ප්‍රමාණවත් බවයි...

:       3       17

gundaTuesday, 12 October 2021 03:42 PM

අප්පුහාමි මහත්මයාණෙනි ,ඔබගේ අදහසට මමද එකඟ වෙනවා .නමුත් අවසාන වැකිය අනුව ඒ.ගී.ඒ කොටසකට මන්ත්‍රී වරයෙක් පත්කලොත් පාර්ලිමේන්තුවේ 355 ක පමණ මන්ත්‍රීවරු පත්වෙනවා ,එම නිසා එම අදහස නිවැරදිද බලන්න

:       0       10

අප්පුහාමිTuesday, 12 October 2021 06:42 PM

ස්තුතියි ඔබට, මහතාණෙනි, මැතිවරණ කොට්ඨාශ වෙන්කරන විට ජනගහනය අනුවත්, භූමිය අනුවත් වෙනස් කරන්න වෙනවා නේද? එහෙම කළාම ටිකක් අඩුවේවි. එහෙම නොකළත් පළාත් සභා තරම් වියදමක් යන එකක් නැහැ නේද?

:       0       1

kamal Tuesday, 12 October 2021 04:10 PM

බෞද්ධ භික්ෂූන් දේශපාලනයට එන්නත් එපා...

:       3       6

BamunuarachchiTuesday, 12 October 2021 06:19 PM

දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න කිව්වේ බුදුන් වහන්සේ. ඔබ රටේ පාලකයා පමණයි, අයිතිකාරයා නොවෙයි කිව්වේ මිහිඳු හාමුදුරුවෝ කියලා මම අහලා තිබෙනවා. භික්ෂූන් රට ගැන හිතුවේ නැතිනම් මේක දෙමළ රාජධානියක් වෙන්නේ බොහොම ඉස්සර. භික්ෂූන් රට ගැන හිතන්න ඕනේ...

:       6       4

ranjan Tuesday, 12 October 2021 05:48 PM

පළාත් සභා වැඩක් නෑ... ඒ වුණාට ඉන්දියාවට බය නිසා මොනවා කරයිද දන්නේ නැහැ. ලොකුවට, උජාරුවට, කයිවාරු ගැහුවට විදේශ බලවේගවලට දැන් ගහනවා. ප්‍රාදේශීය සභා තිබ්බොත් ආණ්ඩුවට ජනමතය බලාගන්න පුළුවන්...

:       0       3

දිසා, Tuesday, 12 October 2021 05:49 PM

මුළුමනින්ම සුදු අලියෙකු වන පළාත් සභා අවශ්‍යම නැත. ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුව සහ ප්‍රාදේශීය සභා හොඳටම ප්‍රමාණවත්ය. පළාත් සභා යනු මැති ඇමැතිවරුන්ගේ දරුවන්ට දේශපාලනයට ඒමට පුහුණු පාසලක් වැනි ස්ථානයක් සේම ජනතා මුදල් ගසාකෑමට තෝතැන්නක් බව අතීතය දෙස බැලීමේදී පැහැදිලිය.

:       1       2

ජෝන් මාමාWednesday, 13 October 2021 07:16 AM

ඉන්දියාව මොන බලපෑම් කලත් කොන්ද පණ ඇති නායකයෙකුට ජනමතයක් විමසා පළාත්සභා අහෝසි කල හැකිය.

:       0       0

Bamunuarachchi Tuesday, 12 October 2021 06:20 PM

පලා බබා අපිට එපා.

:       3       7

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Tuesday, 12 October 2021 07:24 PM

ඔව් ස්වාමීනි, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පාලනය කළ බොද්ධ පාසල් 38 ක් දකුණු පළාත් සභාව විසින් වසා දමා තිබෙනවා. පළාත් සභාවට සම්බන්ධ අය පාසල් ගොඩනැගිලි පවා හොරා කඩාගෙන ගියා. අවශ්‍ය නම් එම පාසල් වල නම් ටික ඔක්කොම කියන්නම්. අපේ අම්බලන්ගොඩ තානායම රුපියල් 75000/-කට වික්කා. නමුත් තානායමේ වටිනාකම රුපියල් කෝටි 100 කටවත් මිල කරන්න බැහැ. තානායමේ තිබුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අඩුම තරමින් අවසරයකින් තොරව තීන්තවත් ගෑමට තහනම් කළ තානායමේ බිත්ති සියල්ල විනාශ කොට එහි දේපළ දේශපාලකයින් විසින් සොච්චමට මිලදී ගත්තා. නගරයේ තියෙන සම්පත් ඔක්කොම දකුණු පළාත් සභාවට සම්බන්ධකම් පවත්වනු පිරිසක් විසින් අත්පත් කර ගත්තා. දැන් තානායම් භූමිය එක එකාට වෙන්දේසි කරනවා. එකෙක් ගන්නවා, තවකෙකුට විකුණනවා. මම අම්බලන්ගොඩ නගරාධිපතිගෙන් තානායම් සම්බන්ධව තොරතුරු පනත යටතේ ප්‍රශ්න 300ක් විතර අහලා තියෙනවා. එකකටවත් අදටත් පිළිතුරක් නැහැ. මේ සියලු දූෂණ පළාත් සභාවේ අනුහසින්... ඒ නිසා මියගිය පළාත් සභාවට නැවත පණ දෙන්න එපා...!

:       1       8

පැරකුම් Tuesday, 12 October 2021 07:33 PM

පවුලේ සාමාජිකයින්ට, නෑයන්ට, යාලුවන්ට අනාගතේ පාර්ලිමේන්තු යන්න තියන පාර වහන්න කියලද කියන්නේ. ඒක කවදාවත් වෙන්නේ නෑ. මෙන්න කැට…!

:       1       3

BamunuarachchiWednesday, 13 October 2021 07:22 AM

සැමියයි බිරිඳයි පොලිස් දෙපාර්තමෙන්තුවේ එකම උසස් තනතුරු දරනවා , තව නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් පොලිස්සියේ තවත් ඉහල තන්තුරු දරනවා මේවා දැක්කාම තව ටික දවසකින් ඉල්ලාවි එකම පවුලේ අයට එකම රාජ කාරිය කරන්න එපා කියාල. එහෙම ගොන් මැට්ටෝ ලංකාවේ ඉන්නේ. ඇමරිකාවේ කෙනෙඩි පවුල බුෂ් පවුල දේශපාලනය කිරීම ඔවුනට ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ පවුලක් දේශපාලනය කිරීම අපිට ප්‍රශ්නයක්. ඒකත් රාජපක්ෂ පවුලට විතරයි. අනික් අයගේ අවරුදු 5දී පෙලපාලි ගිය මෝඩ පුත්තු දේ දේ දේශපාලනේ හි හි හිටියට කමක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 830 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 666 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 758 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5787 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2117 9

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 812 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 325 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site