IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මියන්මාරයේ රඳවා ඇති ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලාංකිකයන් පනස් ගණනක් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එම ශ්‍රී ලාංකිකයන් මාස හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ විවිධ වදහිංසාවලට ලක් වෙමින් සිටින බව කී කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් රජය වහාම මැදිහත් වී කටයුතු කළ යුතුව ඇතැයි කීය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක  බාලසූරිය මහතා පැවසූයේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සිටින්නේ මියන්මාරයේ ත්‍රස්තවාදී පාලනයට නතුවූ ප්‍රදේශ වල බවයි.

රජයට මැදිහත්විය හැක්කේ මියර්මාර් රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට පමණක් බව කී තාරක බාලසූරිය මහතා තායිලන්ත අගමැතිවරයා ලංකාවට පැමිණි විටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වන විට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

එම ලාංකිකයන් මුදල් ගෙවා නිදහස් කර ගත යුතු නම් එසේ කරන්නට රජයට අවස්ථාවක් නැතැයි ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (0)

මියන්මාරයේ රඳවා ඇති ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 459 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1783 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1104 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1877 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1298 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site