IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මාර්ක් - ඊලෝන් සටන ට්විටර් ඔස්සේ සජීවීව

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ව විකාශනය කෙරෙනු ඇතැයි ටෙස්ලා ප්‍රධානී ඊලෝන් මස්ක් ඊයේ (06) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ජිම් එකකට යෑමට කාලයක් නොමැති බැවින් සටනට පුහුණු වීම සඳහා තමා රාජකාරි සිදු කරන අතරතුර බර උසුලා ව්‍යායාම් වල නිරත වන බව මස්ක් පෙන්වා දී ඇත.

ඉන් ලැබෙන ආදායම සුබ සාධන කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇති බව එම සටහනේ සඳහන් කර තිබිණ.ඊලෝන් මස්ක්ගේ මෙම සටහන සම්බන්ධව මාර්ක් සකර්බර්ග් ඔහුගේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමා ඊලෝන් මස්ක් සමඟ සටන් කිරීමට ඕනෑම දිනක සූදානම් බවත් ඒ සඳහා එළඹෙන 26 වැනිදා යෝජනා කර සිටින බවත්ය.

නමුත් ඊලෝන් මසක් සටන සඳහා පුහුණු වන බව පවසා සිටියත් සටන පැවැත්වීම සඳහා දිනයක් තවමත් තහවුරු කර නොමැති බව මාර්ක් සකර්බර්ග් පවසා ඇත.එසේම ඔහු පෙන්වා දී ඇත්තේ සුබ සාධන කටයුතු සඳහා මුදල් එකතු කිරීමට ඊලෝන් මස්ක්ගේ එක්ස් සමාජ මාධ්‍ය ජාලයට වඩා තමාගේ සමාජ මාධ්‍ය ජාලයට වැඩි  පළපුරුද්දක් තිබෙන බවයි.



අදහස් (0)

මාර්ක් - ඊලෝන් සටන ට්විටර් ඔස්සේ සජීවීව

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 404 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 452 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 948 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2188 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1816 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 267 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site