IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මාර්ග ආරක්ෂාව - රියදුරු පුහුණු කුසලතා වර්ධනයට ජාතික වැඩසටහනක්

(යොහාන් භාසුර)

දිවයිනේ අධිවේගී මාර්ග සහ මහාමාර්ග පද්ධතිය තුළ වන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීමේ ‘මාර්ග ආරක්ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නිල වශයෙන් ආරම්භ විය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණ.

ප්‍රධාන පුහුණු වැඩසටහනට අමතරව කැළණිය, බොරැල්ල සහ ජා-ඇල යන ප්‍රදේශවලදී ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

එම අවස්ථාවට පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ රියදුරෝ ද එක්ව සිටියහ.

වසරකට සිදුවන 2,000 කට අධික රිය අනතුරු අවම කරමින්, රටට අහිමිවන 2,500 කට ආසන්න වටිනා ජීවිත ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. නීති පැනවීම හා දඩ මුදල් අයකිරීමට අමතරව ජනතාව සහ රියදුරන් ආකල්පමය වශයෙන් පරිවර්තනයට ලක්කිරීම මෙමගින් අපේක්ෂා කරයි.



අදහස් (4)

මාර්ග ආරක්ෂාව - රියදුරු පුහුණු කුසලතා වර්ධනයට ජාතික වැඩසටහනක්

de silva berlin Wednesday, 09 April 2025 04:53 PM

බොහෝ දෙනෙකුට අධිවේගී මාර්ගයේ වාහන පැදවීම පිළිබඳ දැනුමක් නැහැ. බොහෝ දෙනෙක් මංතීරු දෙක බෙදෙන රේඛාව මැදි කරගෙන වාහන ධාවනය කරනවා වැනි වැරැදි විශාල සංඛ්‍යාවක් නොදැනුවත්කම නිසා කරනවා. විශාල අනතුරු සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයේ සිදුවන්නේ එම නිසා, අධිවේගී මාර්ගවල වාහන ධාවනය කළයුතු ආකාරය පිළිබඳව විනාඩි 7-8 කුඩා වාර්තාමය චිත්‍රපටියක් නිර්මාණය කර විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත්, රියදුරු පුහුණුව ලබන පුද්ගලයින්ට එය දැකගැනීමට සැලසීමත් අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස මම දකිමි.

:       0       6

රනේ Wednesday, 09 April 2025 05:40 PM

පාර අයිනෙම තියෙන 'පට්ට රස' බිස්නස් අයින් කරන්න. ඒව ඔවුන්ගේ බූදල් වගේ...!

:       0       3

Basti Wednesday, 09 April 2025 07:24 PM

@රනේ ඒක තමා. කට්ටිය ඔය පට්ට රස බලන්න ගිහින් තමා අනතුරු කරගන්නේ. කාටවත් මීට කලින් ඕක තේරුනේ නැති හැටි අම්මපා....

:       0       0

Rata Perata Thursday, 10 April 2025 11:40 AM

මේක නම් කරන්න ඕනෙම වැඩක්. ලංකාවේ බොහෝ රියදුරන් වාහනේ ඉස්සරහට, පස්සට ගන්න විතරයි දන්නේ... මාර්ග නීතිරීති ගැන කිසිම හැඟීමක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 73 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 367 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 198 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 471 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1231 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1225 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 109 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site