IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මාර්ග සේවකයන්ට කෝටි 16 ක් වැඩිපුර ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

මාර්ග සංවර්ධන අධිකාරිය සේවකයන් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන් නොසලකා  2020 වර්ෂයේදී වැටුප් වශයෙන්  කෝටි 16 කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා  ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අනුමත කළ වැටුප් තල ඉක්මවා ඉහළ වැටුප් තල ආදේශ කිරිම හේතුවෙන් වැටුප් වශයෙන් වැඩිපුර මුදලක් මෙලෙස ගෙවීමට සිදුව තිබූ බවද   එහි දැක්වෙයි.

සේවකයන් පිරිසකට කළමනාකරණ සේවා නියමයන් නොසලකා හැර අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මත උසස්වීම් ලබාදී අනුමත නොකරන ලද වැටුප් පරිමාණ   තීරණය කර ලබාදී තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර සේවකයන් 958 දෙනෙකුගේ අතිරික්තයක් පැවති අවස්ථාවක සේවකයන්ගේ  වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 1028කට වැඩි මුදලක්  ඒ  වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන විගණන නිලධාරීහු ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන තිබුණු ප්‍රදානවල වටිනාකම රුපියල් කෝටි 739 ක් බවද සඳහන් කළහ.

සමස්ථ සේවක මණ්ඩලය වෙනුවෙන් වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 288 කට වැඩි මුදලක් එම වර්ෂයේදී  අධිකාරියේ අරමුදල්වලින්  ගෙවා තිබු බව විගණන අංශ පවසයි.

මේ අතර මාර්ග රක්ෂිත අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා නොගෙන විවිධ ආර්ථික කටයුතු සඳහා බාහිර පාර්ශව වෙත බදු දී තිබූ  බව  ජාතික විගණන  කාර්යාලය පවසයි.

එම ඉඩම් බදුකරුවන් ගිවිසුම්ගත කාර්යයන්ගෙන් පරිබාහිර  කටයුතු සඳහා භාවිතා කර තිබුණද  අධිකාරිය ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව  විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ  මාර්ග සංවර්ධන අධිකාරියේ  2020 වාර්ෂික වාර්තාවේය.



අදහස් (5)

මාර්ග සේවකයන්ට කෝටි 16 ක් වැඩිපුර ගෙවලා

පුංචිමහත්තෙයා Monday, 08 May 2023 05:01 PM

අසූගණන්වල තිබුනේ මහාමාර්ග දෙපාර්තමේන්තුව කියලා එකක්.. ඉතින් ඒකේ හිටපු නිලධාරින් හා සේවකයින් මහාපරිමාණයෙන් ගසාකෑම් කළා... ඉන් පස්සේ අධිකාරිය වුණත් (කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි නැතිවෙන්නේ නැහැ වගේ) දූෂණය, වංචාව, හොරකම් අඩුවෙලා නැහැ කියලා තමයි මෙයිනුත් පේන්නේ..

:       0       7

Bamunuarahchi Monday, 08 May 2023 06:16 PM

අධිකාරි, මණ්ඩල, සංස්ථාවල තමයි මෙවන් අක්‍රමිකතා සිද්ද වෙන්නේ. අධිකාරි, මණ්ඩල, සංස්ථා වුණාම වැඩකිරීම පහසුයි කියා පිහිටුවාගෙන කරන්නේ මෙවැනි දුෂණ අක්‍රමිකතා. පරිපාලනය කෙසේවෙතත් මුදල් ගනුදෙනු රජයේ FR වලට අනුකූලව කරන්න නීති හදන්න.

:       0       3

swene Tuesday, 09 May 2023 06:26 AM

RDA එකේ වැඩ කිඩ ඉතාමත් ප්‍රදර්ශනියයි . පාරට බැහැල යනවිට සංවර්ධනය පෙනෙනවා. ඒ සඳහා අත දිගහැරලා වියදම් කරලත් තියෙනවා. නමුත් පාරක යනවිට පයින් යන කෙනාගේ ගේ හෝ පා පැදි කරුවෙකු ගේ හෝ ආරක්ෂාවට ගැලපෙන විධියට මාර්ග තනන බව නම් දකින්න ලැබෙන්නේ නැහැ. වැස්සකට අව්වකට බස් එකක් එනකන් නැවතිලා ඉන්න සුදුසු ආවරණයක් නැහැ. මාර්ග තනන්නේ වාහන වලට පමණක්ද ?

:       1       1

හේමසිරි Tuesday, 09 May 2023 03:28 PM

මේ අදහස නිවැරදියි මාර්ග සංවර්ධන අධිකාරිය කිසිම දිනක සකසන මාර්ගයේ පැතිකානු ගැන නම් කිසිම උනන්දුවක් නැහැ ඒක බොරුවක්ද කියලා වැස්ස වෙලාවක කාපට් පාරක පයින්ම ගියාම බලන්න පුළුවන් ඉතින් අනෙක් පාරවල් ගැන කුමක් කියන්නද.ඒ වගේම 2015 ට පෙර මාර්ග සංවර්ධනය සීඝ්‍රයෙන් සිදුවුණා හරියාකාරව වාහන ධාවනය නොවුනත් මේ වනවිට අබලන් මාර්ග රට පුරා දකින්නට පුළුවන් උදාහරණයක් හැටියට දෙහිඕවිට ඇහැලියගොඩ මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් එම මාර්ගය හැදුවෙ කොමිස් ගන්න කියලයි හිතන්නේ මොකද ඒ මාර්ගය අයිනෙර් තියෙන වැඩිහිටි නිවාසය අසල පාලම නොහදා තමයි පාර කාපට් කලේ ඉතින් සාමාන්‍ය වාහනයක් හැර ලොකු වාහනයක් එහි යන්න බැහැ වාහන යන්න බැරිනම් පාරෙන් වැඩක් තියේද මේවා මාර්ග සංවර්ධනය අධිකාරියේ බලධාරීන්ගේ සැලසුම් කිරීමේ දුර්වලතා හා වැරදි කියලා කියන්න පුළුවන්

:       0       0

රන්ජිත් අදිකරි Wednesday, 24 May 2023 11:59 AM

සමහර ව්‍යාපෘති කාලයක් අතරමග නැවතිලා විවිධ හේතුමත. ඒකට එතැන වැඩකරපු අය පලි නෑ. අරමුදලේ සපයන හා කළමනාකරණය බාර ආයතන වගකිව යුතුයි. හැම කෙනාටම තියෙන්නේ වුවමනාවක් හා සැලකිල්ලක් නැතිකම. පාරේ මොනම ඉදිකිරීමක් කළත් ඒකේ වැඩබලන හැමෝම ප්‍රමිතිය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ශක්තිමත් බව සහ ලස්සන නිමාව. උදාහරණ ලෙස සමහර කොන්ක්‍රීට් කාණු පැතිබැමි එකක් නෑ, කෙලින් නෑ, පලුදු මී වද වගේ... කොච්චර සවුත්තුද? ඒවාට ගෙවීම් නවත්වන්න පුළුවන්. මොවුන් කරන්නේ පගාව අරන් ගෙවා දානවා. ඔවුන්ගේ ඉහට හෙන 7ක්ම ගහන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 100 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 316 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 167 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 229 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 120 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


සීගිරියේ වන විනාශය
2025 අප්‍රේල් මස 20 404 0

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 268 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site