IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මෙරට කැනඩා මහකොමසාරිස් විදේශ ඇමතිව හමුවෙයි

( තිළිණි ද සිල්වා )

කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර විශේෂ හමුවක් අද (08) දින  විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි 

ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ වැඩසටහන හා ක්‍රමයෙන් රට විවෘත කිරීම සම්බන්ධ ප්‍රගතිය , දැනට පවතින දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළිබඳව මෙහිදි විදේශ අමාත්‍යවරයා සහ කැනඩා මකොමසාරිස්වරයා අතර සාකච්ඡා කෙරුනු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. තවද අමාත්‍යවරයා මෑතකදී ශ්‍රී ලංකාව ජිනීවා හි සහ නිව්යෝර්ක් හි දී සිදුකළ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදි.  

ශ්‍රී ලංකාව වසංගතයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කැනඩාව විසින් ලබා දෙන දායකත්වය අමාත්‍යවරයා අගය කළේය.

මෙහිදී මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා  කැනඩාවේ පශ්චාත් කොවිඩ් සුවපත් වීම සහ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආර්ථික සහයෝගිතාව මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් කරුණු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ පෙර පැවති ගැටුම්වලට අදාළව පිළිගත නොහැකි ආකාරයෙන් ජන සංහාරයක් ගැන සඳහන් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ විරෝධය ද ඇතුළුව, මෙම වසර මුලදී ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරන ලද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පොදු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.. 

මෙම පනත ඔන්ටාරියෝ හි උත්තරීතර උසාවියේදී අභියෝගයට ලක් කරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

දශක ගණනාවක ත්‍රස්තවාදී ගැටුවලින් පසුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සිය ප්‍රයත්න ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව සිදුකරමින් පවතින බව මහකොමසාරිස්වරයා හමුවේ කියා සිටි අමාත්‍යවරයා එල්ටීටීඊ සංවිධානය, කැනඩාවේ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් බව ද  සිහිපත් කළේය.

මෙම ගැටළුව, ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයක් වන අතර, එය ව්‍යවස්ථාමය ප්‍රශ්නයකට අදාළව අධිකරණ ක්‍රියාවලියක පවතින බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.  එහි ප්‍රවණතා පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට ඔහු එකඟ විය.



අදහස් (0)

මෙරට කැනඩා මහකොමසාරිස් විදේශ ඇමතිව හමුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 392 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2439 12

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 963 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 481 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3348 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2461 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 316 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1748 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site