
(අංජුල මහික වීරරත්න)
ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයන් දොලොස් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
එම පුහුණුලාභීන් අද(31) දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම පිරිස ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යන 34 වන කණ්ඩායම වන අතර, මෙම කණ්ඩායමට සාත්තු සේවා පුහුණු ලාභීන් 8 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ලාභීන් 4 දෙනෙකු අයත් වේ.
ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 350ට අධික පිරිසක් තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්,ව්‍යවසායකයින් කිරිමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතින බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙරට තරුණයෝ 12ක් පුහුණුවකට ජපානයට
පිනා Thursday, 01 June 2023 07:07 AM
රට වෙනුවෙන් ඩොලර් ශත පහක් උපයලා නැති දේශපාලන නිකමෙක් ඉන්න හැටි ඉස්සරහට වෙලා...