IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


මෙරට ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි

(සුජිත් හේවාජුලිගේ)

මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්,ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් 300කට ආසන්න පිරිසකට මේදක්වා කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනයවූ මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27කි.

කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරයෙකුවූ මංගල සමරවීර, හිටපු කතානායකවරයකුවූ වි.ජ.මූ ලොකුබණ්ඩාර, සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු , කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්(කිලී මහරාජා), ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සංගීතවේදී සුනිල් පෙරේරා, යුද හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඩී උදයසේන, එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ ඩග්ලස් ප්‍රනාන්දු , රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන,  නීතීඥ සමාගමේ සභාපතිනී නීතිඥ ගෞරි තවරාසා යන අයද ඔවුන් අතර වෙති.

 



අදහස් (31)

මෙරට ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි

Jas jayasinghe Wednesday, 08 September 2021 09:10 AM

එල්.ටී.ටී.ඊ භාෂා පරිවර්තක කොහොමද වී.අයි.පී ලිස්ට් එකට දැම්මේ

:       6       45

naushiWednesday, 08 September 2021 03:12 PM

ඇයි කරුණා අම්මාන් VIP කෙනෙක් නෙමෙයිද?

:       1       5

රංජිත්Wednesday, 08 September 2021 04:20 PM

මල්ලි .... උන් ඔක්කොම යාළුවෝ මල්ලි......

:       0       5

රශ්මි Wednesday, 08 September 2021 09:14 AM

කොරෝනා කියලා වෙස්මුහුණක් දා ගෙන එන්නෙත් මරණය. මොන ජගතෙක් උනත්, මරණයෙන්, ජීවිතාවසානයෙන් ගැලවෙන්න බෑ. දුප්පත්, පොහොසත්, සාමාන්‍ය, බලවත්, ප්‍රසිද්ධ කියලා මරණය කිසි වෙනසක් කරන්නෙ නෑ. යන්න වෙලාවම ආපුවාම යන්න වෙනවා සියල්ල අත හැරලා දාලා. අද ලෝකයේ ගොඩාක් ප්‍රශ්ණ වල මුල් බීජය තමා, බහුතරයක් මිනිසුන් තමන් මැරෙන්නෙ නෑ කියන අදහසේ ඉඳන් වැඩ කරන එක.

:       0       24

අබිලින් Wednesday, 08 September 2021 01:02 PM

රශ්මි කියන අදහස ඉතාම නිවැරදියි. ජනතාව අතරෙ මතයක් තියෙනවා කොරෝනා වයිරසය ලෝක බල අරගලයේ නිපදවූ දෙයක් කියලා .එහෙම වෙන්නෙ මැරෙන්නෙ නැහැ කියලා හිතන නිසා

:       2       2

විජේ Wednesday, 08 September 2021 09:33 AM

වීජමූ ලොකුබණ්ඩාර මහත්තයත් නැතිවුනේ කෝවිඩ් හේතුවෙන් බව දැන නොසිටියෙමි.

:       2       3

Kule Wednesday, 08 September 2021 09:47 AM

දේශපාලකයින් කොහොමද ප්‍රභූ පැලැන්තියට වැටුනේ?

:       1       36

BamunuarachchiWednesday, 08 September 2021 12:04 PM

මේ ගොල්ලෝ අපි අතර මත ඇතිකරන්න හදනවා.

:       1       5

Sithija Wednesday, 08 September 2021 09:49 AM

අපිට නම් මැරුනෙ මිනිස්සු විතරයි මහත්තයෝ .ඒකට ප්‍රභූද නැද්ද කියල වෙනසක් නෑ..හැබැයි ඔයාල ඒ දෙගොල්ලන්ටම සලකන්නෙ එකම විදියට නෙමෙයි කියල නම් අපි දන්නවා...

:       1       42

ලුම්බිණි Wednesday, 08 September 2021 10:10 AM

සාමාන්‍ය අයගේ මරණ එක්ක ගත්තම ප්‍රභූ පන්තියේ අයගේ මරණයේ විශේෂයක් තිබෙනවද?

:       0       47

Bamunuarachchi Wednesday, 08 September 2021 10:37 AM

කොරෝනා වලට ප්‍රභූ පන්තියක් කියලා නැහැ. කියන විදියට පරිස්සම් උනේ නැතිනම් බඩුම තමයි. හැබැයි ඔය කියන විදිහට පරිස්සම් වෙන්න පුළුවන් විශ්‍රාම ලැබෙන අයට පමණයි. හොඳ දරුවෝ ඉන්නවානම් තේ එකත් පත්තරෙත් ළඟට ලැබෙනවානම් ගෙදරටම වෙලා ඉන්න පුළුවන්.

:       1       21

Lalith MWednesday, 08 September 2021 05:10 PM

නරක දරුවන් හැදුවා නම් වගකීම තමන්ගේම නේද බමුණාණෙනි...

:       0       0

BamunuarachchiThursday, 09 September 2021 06:03 PM

අන්න ඔබට වැරදුන තැන උසද මිටිද සුදුද කළුද කියන එක ජානවලින් ලැබුනාට ඉපදුන දරුවන් යහපත් ගතිපැවතුම් ඇති දරුවන් වෙන්නේ ජානවලින් නොවෙයි. කිසිම දෙමාපියෙක් නරක දරුවෝ හදන්නේ නැහැනේද? දරුවෝ නරකට හැදුනොත් දෙමාපියන්ට වගකීම ගන්න බැහැ.

:       0       0

wijendraWednesday, 08 September 2021 05:17 PM

වෛරසයෙන් ගැලවීම සඳහා ඔබට සැමවිටම නිවසේ සිටිය යුතු නැත. ඔබ පිටතට යනවිට හෝ මිනිසුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදී මුහුණු ආවරණයක් පළඳින්න. මගේ බිරිඳ කොරෝනා නොමැතිව මාස 18 ක් කොරොනා රෝගීන් සමඟ වැඩ කරනවා. හේතුව මුහුණු ආවරණයක් පැළඳීම සහ අත් සේදීම...

:       0       1

indika Wednesday, 08 September 2021 10:49 AM

නිවන් සුව සියලු දෙනාටම

:       0       12

ජනතාව Wednesday, 08 September 2021 11:01 AM

සෞඛ්‍ය අංශ කළ මේ ගණනය සදාචාර විරෝධිී කියල තව කී දෙනෙකුට හිතෙනවද? මේ රටේ හැම ජීවිතයක්ම වටිනවා කියන මතයෙයි නෙමෙයිද ඉන්න ඕනෙ. ඔය අද ඉන්න උගත් පොහොසත් බොහෝ දෙනෙක් අතරෙ අතීතයෙ ඉතාම දිලිදු දෙමාපියන් මී මුත්තන් සිටි බව නෙමෙයිද අපට අසන්න ලැබෙන්නෙ. මේ‍ කියන්නෙ අවුරුදු පහක් හයක් ඇතුලත ජනතා මුදල් කොල්ල කා පොහොසත් වූ අය ගැන නෙමෙයි. ඒ හැම ප්‍රභූ නොවෙන ජීවතයක්මත් වටින්නෙ ඒ අය මේ රටේ අනාගත දක්ෂයින්ගෙ අක් මුල් කියල හිතන්න අවශ්‍ය නිසත් වැඩිහිටි පරපුරේ නික්ම යාම මීලග පරපුරේ අනාගතය පසුබෑමකට ලක්වනත් නිසයි. එන්නත මුලින් ලැබුනා නම් මේ මරණ ගණන සෑහෙන දුරට අඩුවෙන්නත් තිබුණා කියලත් නොකියා බැහැ.

:       0       24

වරුන Wednesday, 08 September 2021 11:04 AM

එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ලංකාවේ ප්‍රභූවරයෙක් කියලා අදනේ දන්නේ.......

:       1       24

neil Wednesday, 08 September 2021 11:29 AM

රට ජාතිය ආගම පාවලා දුන්න මුල් පෙළේ කැපී පෙනුණු හොරුන්ටනම් තවම පඩයක්වත් ගිහින් නෑ

:       1       5

Nihal Wednesday, 08 September 2021 11:31 AM

සෑම ජීවිතයක්ම, පවුල් වල අයට ප්‍රභූ තමා ,ඔය කියපු ලිස්ට් එක අපිට ප්‍රභූ නෙමෙයි .හැම කෙනාගේම ජීවිතය සමානයි

:       0       18

prapsankent Wednesday, 08 September 2021 11:31 AM

ප්‍රභූ පන්තියේ අය කියන්නේ කවුද ? මොකද්ද වෙනස ?

:       1       21

kamal Wednesday, 08 September 2021 11:46 AM

ප්‍රභූ උනත් මොකා උනත් ස්වභාව දහමට හැමෝවම එක සමානයි කියල පෙන්නන්න තමයි මේ කොරෝනා වැනි දඬුවම් දෙන්නේ .ඒකෙන් වත් තේරුම් ගන්න ජීවිතය ගැන .නැත්නම් වැඩක් නෑ .ඊට වැඩ ලොකු දඬුවම් ඉස්සරහට විඳින්න වෙයි නැත්නම්

:       0       6

aRUNA Wednesday, 08 September 2021 12:07 PM

සමාන්‍ය ජනයාට වඩා නීති කඩන් කොරෝනා බෝකෙරැවේ මේ වාගේ ප්‍රභූන් තමයි

:       0       6

ලලිත් එම් Wednesday, 08 September 2021 12:07 PM

ප්‍රභූ කියන දේශපාලුවන් මලාම රටට උන්ගෙන් වෙන හානිය නැතිවෙනවා.

:       0       6

NIMESHA Wednesday, 08 September 2021 12:38 PM

ඒ අය මැරුණට පස්සේ යන්නේ වී.අයි.පී කාර් එකේ

:       0       3

samantha Wednesday, 08 September 2021 01:05 PM

ඔබ වැනි ලේඛකයෙක් සිටීම ලැජ්ජාවට කරුණකි. මෙම මාතෘකාව ඔබේ පක්ෂග්‍රාහී චින්තන ක්‍රමය හෙළි කරයි

:       0       14

අතුල සෞදි Wednesday, 08 September 2021 02:05 PM

කොරෝනා නිසා මියගිය මංගල සමරවීර, කිලී මහරාජා, සුනිල් පෙරේරා වගේ අයට මේ අද කතාකරන මහත්තුරුම සෝක ප්‍රකාශ, කවි, ගායනා ලිව්වට නැතිවෙච්ච සාමාන්‍ය අය වෙනුවෙන් එහෙම කරේ නැහැ නේද? ඒකට තමයි ඒ අයට ප්‍රභූ කියන්නේ...

:       0       6

kasun Wednesday, 08 September 2021 02:22 PM

කවුද බොල ප්‍රභූ? කාවද ඔයා පන්තියට ගන්නේ? සල්ලි තියන කෙනෙක් ඕකට වැටෙනවද? බලය තියන ඕන කෙනෙක් ඕකට වැටෙනවද? කොහොමද වෙන්නේ...?

:       0       8

Nihal Wednesday, 08 September 2021 04:33 PM

ප්‍රසිද්ද චරිත නමින් නිවැරදි විය යුතුය.

:       0       0

අනිල් එදිරිසිංහ Wednesday, 08 September 2021 04:43 PM

කොහොම කිව්වත් මරණය කාටත් පොදු බව වටහා ගතයුතුයි. ප්‍රභූ කියා වර්ගයක් කිරීම හරිම පිළිකුල්...

:       0       0

ගමේ එකාලා Wednesday, 08 September 2021 05:20 PM

දූෂිත දේශපාලුවන්ටත් කියන්නේ ප්‍රභූවරු කියලා. ඔවුන්ගේ තියෙන ගොන්කමයි, උද්දච්චකමයි නිසා තමයි කොරෝනා වසංගතය මේ තරම් පැතිරිලා ගියේ. හරි නම් ඔවුන් තමයි මේවාට වගකියන්ඩ ඕනේ...?

:       0       2

ලමය Wednesday, 08 September 2021 05:46 PM

වැඩක් නැහැ මිනිසුන් බලාගෙන ඉන්න තැනින් තාම එකෙක් වත් චුත වුනේ නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1720 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2896 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1221 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1005 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1430 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 662 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site