(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එහි ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා (29) සිරුර සොයා ගෙන ඇත.
බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක 4 වැනි වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි වෛද්‍ය සිසුවා එම වසරේ දක්ෂතම වෛද්‍ය සිසුවා ලෙස තේරී පත්ව සිටි බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මහනුවර ප්‍රදේශයෙහි පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක උසස් පෙළ ජීව විද්‍යාව හදාරා මෙම සිසුවා බෙලරුසියාවේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඉගෙනුම ලබමින් සිට ඇත.
සිසුවාගේ මව සිය පුතාට පසුගිය සෙනසුරාදා දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ එම ඇමතුමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බව කියති.
දිගින් දිගටම ඇමතුම් දුන්නත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවාගේ මව පුතාගේ හිතවත් වෛද්‍ය සිසුන් කිහිප දෙනකුට කතාකර පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
මිතුරු වෛද්‍ය සිසුන් ඔහු නිදාගෙන සිටි කාමරයට ගොස් විපරම් කළ බලා තිබේ.
වෛද්‍ය සිසුවා ගේ ගෙලේ වෙළුම් පටියක් දක්නට තිබී ඇති අතර එම වෙළුම් පටියේ අනෙක් කොන එම කාමරයේ තිබූ උස කබඩ් එකක ගැට ගසා තිබෙන අයුරු එහි ගිය වෛද්‍ය සිසුන් දැක ඇත.
පසුව මේ ගැන එම වෛද්‍ය සිසුන් සිසුවාගේ මවට දුරකතනයෙන් කතා කර දැනුම්දී ඇතැයිද පැවසේ.
මෙම වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නැත්නම් වෙන යම් හේතුවක් මත සිදුවී ඇත්ද යන්න ගැන තවම කරුණු අනාවරණය වී නොමැති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
මේ සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට එරට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා පසුගිය සෙනසුරාදා රාත්‍රී 11ට පමණ වන තෙක් සිය ජංගම දුරකතනය පරිහරණය කර ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙරට වෛද්‍ය සිසුවා බෙලරුසියාවේදී මරුට
Kumari perera Tuesday, 02 May 2023 11:07 PM
මානසික අවපීඩනය