IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.

එපමණක් නොව තවත් හාස්‍යජනක ව්‍යාපෘති රැසක් සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මුදල් වියදම් කර තිබෙන බවත් ඒ අතර අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමට නෑකම් කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා ආහාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්, ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 6 වියදම් කළ ව්‍යාපෘති තිබෙන බවත් මස්ක් පැවැසුවේය.

මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වියදම් කිසිවෙකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මසක් පැවැසුවේය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් අද (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.

 



අදහස් (24)

මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි

FreemanHAT Friday, 07 February 2025 05:47 AM

මේව හාස්‍යජනක ව්‍යාපෘති නෙවෙයි. මෙරට මාධ්‍යය හරහා තමයි රටේ මිනිස්සු බටහිර සහ අසල්වාසී රටවල උවමනාව වෙනුවෙන් නොමඟ යවන්නෙ. ආණ්ඩු පත්කරන්නෙත් එලවන්නෙත් එහෙම තමයි.

:       12       128

randil dunuwilleSaturday, 08 February 2025 08:20 AM

නමින්ම තේරෙනවා හාස්‍යජනකයි කියලා... රටට විහිළු සපයන කෙනෙක්...

:       3       6

Lilasena Friday, 07 February 2025 06:30 AM

ඔයිට වඩා හාස්‍යජනක විදියට අරගලේ කරලා මේ කයියනායක ගෙනාවෙ. දැන් හාලුත් නෑ, පොලුත් නෑ, ලුණුත් නෑ, ලක්ශ 12ට විට්ස් ඇත්තෙත් නෑ. ඡන්දෙ දීපු උන්ට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්නත් බෑ.

:       113       277

Pradeep KumaraFriday, 07 February 2025 01:18 PM

ලීලසේනට සිංහල භාෂාව වටහා ගන්න අමාරුයි වගේ. නලීන් හේවගේ කිව්වේ ජපානයේ විට්ස් කාර් එකක මිළ ලක්ෂ 12ක් (ලංකා මුදලින්) පමණ වන බවයි. හාල් පොල් කතාව ගැන කියන්න තියෙන්නේ තව ටිකක් සාමාන්‍ය දැනුම වර්ධනය කරගන්න. ඒ සඳහා වන පොතපත කියවලා දැනුම්වත් වෙන්න.

:       194       67

karolisFriday, 07 February 2025 04:36 PM

vitz එකේ ජපන් මිල නලින් හේවගේ ලංකාවේ මිනිස්සුන්ට කිව්වේ ඔක්කොම ජපන් යවන්න හිතාගෙන වෙන්න ඇති එහෙනම්... ඔහොම උත්තර හොඳයි තණකොළ කන පුනක්කු බොන 68 ලක්ෂේට නම්...

:       18       170

TharangaFriday, 07 February 2025 01:46 PM

හාල්නෑ.. පොල්නෑ කියකියා කෙඳිරි ගගා හැමිනෙන්නේ ගිහින් බලපල්ලා ඉස්සෙල්ලා උඹලාට පුන්නක්කු, පිදුරු තියෙනවාද මාකට් එකේ කියලා..!

:       150       55

RasangaFriday, 07 February 2025 05:46 PM

Tharanga, තමන්ගේ පාක්ශිකයින්ට පුන්නක්කු හදන්න තියෙන නිසා තමයි අර පොල් සම්බලුයි, කිරි හොදියි කන එක අපරාදේ කිව්වේ. ඔබලා කන ඒවා අනිත් උනුත් කනවා කියලා හිතන්න එපා...!

:       12       97

රුවන් Friday, 07 February 2025 06:35 AM

ට්‍රම්ප් හින්දා අපේ හොරුන්ටත් ෂොට් එක හම්බවෙයි. ඇමරිකාව සුනාමියට දිපු ආධාර වලට මොකද වුනේ කියලත් හොයයි. අන්තිමට රාජපක්ෂ පරම්පරාවටම ඇමරිකාවේ සිරබත් කන්න වෙයි වගේ.

:       126       56

යෝගා Friday, 07 February 2025 06:43 AM

ව්‍යාපෘතිවල අරමුණ ඒක කියලා කිව්වත් ඒ සල්ලි වලින් කලේ තමන්ට අවනත නැති ආණ්ඩු පෙරලන්නයි, රූකඩ ආණ්ඩු පත්කරගන්නයි. අරගලයටත් ඔය සල්ලි පොම්ප වුණා. ඔය ආයතනය පාලනය වුනේ කුප්‍රකට ඇමෙරිකානු රහස් ඔත්තු සේවයකින් බව දන්නෝ දනිති. සල්ලි වැටුනේ කාගේ සාක්කුවලටද කියලා යථාකාලයේ එළිවෙයි.

:       11       157

randil dunuwilleSaturday, 08 February 2025 08:21 AM

තමුන්ගේ ගෙදරටත් කොටසක් යන්න ඇති... හොරුන්ගේ බත් බැලයෝ...

:       3       5

dileepa1986 Friday, 07 February 2025 08:46 AM

ඉලෝන් මස්ක් දන්නෙ නැතුව ඇති. එතන කිසිම හාස්‍යජනක කමක් නෑ. ඩොලර් මිලියන් 7.9ම මයිනා ගාව හරි පොඩි මයිනා ගාව ලග ඇති.

:       117       52

රට වැසිය Friday, 07 February 2025 08:47 AM

මුන් කරපු ප්‍රොජෙක්ට් එකක් නෑ. කරපු එකම දේ රටවල්වල ආණ්ඩු පෙරලපු එක. දැන් ඉන්න හූලි චංග් ඕක උපරිමව කරා. ස්තුතියි ට්‍රම්ප් තේරුම් ගත්තට..

:       8       113

පොඩිඑකා Friday, 07 February 2025 09:10 AM

තවත් හාස්‍ය ‘ජනක’ ලා ගොඩක් මෙහේ ඉන්නවා. එකෙක් පාර්ලිමේන්තුවෙත් හිටියා.

:       84       24

සමන් විමල්Friday, 07 February 2025 11:11 AM

පොඩි එකෝ! එකාට එකසිය පනස් නවයක්ම ඉන්නේ.

:       17       81

යෝගා Friday, 07 February 2025 11:13 AM

උන්ට හාස්‍යජනක උනාට මේ රටට ඔය සල්ලි වියදම් කරේ බියජනක දේවල් වලට. ඒ ඩොලර් කාටද ලැබුනේ කියලත් හෙළිවෙයි ඉදිරියෙදි

:       1       102

සෙනෙවිරත්න Friday, 07 February 2025 11:31 AM

ලීලසේන, මාලිමාවේ අයට නම් පාරේ බැහැලා යන්න බැරි කිසිම දෙයක් වෙලා නැහැ. අදත් අපි ඉතාම සතුටින් ඉන්නවා අපේ තීරණය ගැන, හාල් පොල් වලට වෙච්චි දේ රටේ හැමෝම දන්නවා. ළදරු පරාජිතයින් නොදන්නවා වුණාට, හාල් පොල් ගබඩා කරලා ගියපු රටක් බාරදුන්නා නම් ඔය කතාව හරි. හැබැයි තමුන්ලාගේ අයගේ කෙරුවාවන් දවසෙන් දවස එළියට එනවා... නායකයෝ වෙනුවෙන් බේරේ වැවේ ස්නානය කරපු තමුන්ලා වගේ බාලයින් ලැජ්ජාවෙන් හිටියට තමන්ගේ නායකයෝ සල්ලි බෙදාගනිපු හැටි හෙළි වුණා. ඒ වගේම ජනාධිපති අරමුදලේ සල්ලි කාපු හැටි එළියට ආවා. ඉතින් පාරෙ බැහැලා යන්න බැරි කාටද කියලා පේනවානේ. සරමෙන් මූණ වහගෙන යන්න. හාල් තියෙනවා ඕන තරම් කවුරුත් බත් නොකා මලේ නැහැ. පොල් හිඟයට රජය පිළියමක් යෙදුවා. ඔය අඬේ නවත්තලා රටේ වෙන යහපත් දේවල් වැඩි බව හොයලා බලන්න. කුහක නොවී...

:       253       221

මොහාන් පෙරේරා Friday, 07 February 2025 02:43 PM

ශ්‍රී ලංකාවේ ගොඩාක් ව්‍යපෘති හාස්‍ය ජනකයි

:       27       14

බද්රානි Friday, 07 February 2025 03:42 PM

ඉලෝන් මාස්ක් ඇමරිකාවේ අනවශ්‍ය වියදම් ගැන අනාවරණය කරද්දී, ලංකාවේ දේශපාලන මඩ ගොහොරුවේ ලගිමින්, ගොන් කතා ලියන පිම්පියන් ඇඟ පුරාම මළ පහකර ගන්නවා... මොවුන්ගේ ටිකිරි මොළ ගෙඩි වලට, දේශපාලන කුණු ජීර්ණ කරගෙන මුඛයෙන් හා අධෝ මුඛයෙන් එකලෙස දුර්ගන්ධය පිටකරන මේ අමනයින්ට මිසයිලයක් එවන්න ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලීමක් කළා නම්, ඒක කොතරම් වටිනවද කියලයි මට හිතුනේ... දේශපාලන පාදඩයෝ!!!

:       98       16

Krishan PereraFriday, 07 February 2025 05:49 PM

බද්‍රාණි තමන්ගේ හැසිරීම පිළිබඳව ස්වයං විවේචනයක් කරගෙන තියෙනවා. හොඳයි හොඳයි.

:       7       71

බද්රානිFriday, 07 February 2025 08:40 PM

කිෂාන් පෙරේරා, ඔහේ මගේ කකුලට පහරන්න කලින්, මෙතන දේශපාලන අඳ බාලයින් ලියල තියන බහුබූත ටික කියෙව්වද..? මාතෘකාවට අදාලව මොනවද මෙතන ලියල තියෙන්නේ..? ඉලෝන් මාස්ක් ගේ ව්‍යාපෘති වලට මගේ කැමැත්තක් නොවුනත්, ඔහු මෙතන පවසලා තියන දේ නිවැරදියි... ඇමරිකාවේ අරමුදල් වලින් යැපෙන හා ඒවා සියල්ල ගසාකන අමන පාලකයින් රැලක් හා නිලධාරී රැලක් ඇෆ්රිකාවේ සහ දකුණු ආසියාවේ සිටිනවා... නමුත් කාපු පතේ පැහැරීමට දක්ෂ මෙවුන් ඇමරිකන් මුදල් හොරාකා, ඔවුන්ගේ දරුවන්ව ඇමරිකාවට පටවා, ඔවුන්ගේ පරම්පරාවටම ඇමරිකන් පුරවසිකමත් රැගෙන මේ හිඟන නුගතුන් මෝඩ ජනතාවට ඇමරිකන් විරෝධී හඬක් නගමින් නොමග යවනවා... මෙයට ඉතිහාසය ගැන පම්පොරිගසන පින්බත් ගිලින පුජකයින්වද හවුල් කර ගන්නවා...මින් පසුව ඇමරිකන් ආධාර පිනට ගිලින්න අවස්තාවක් නොදෙන්න ට්‍රම්ප් මහතා තීරණය කොට තියනවා එය අගය කල යුතු තත්වයක්..

:       46       13

Krishan PereraFriday, 07 February 2025 10:03 PM

බද්‍රාණි තුම්පනේද ගෙවල්? ඉස්සෙල්ලා ගිහිලා ඊලෝන් කියපු කතාව කියවල එනවා. අප්‍රිකාවෙයි, දකුණු ආසියාවෙයි උන්ට වියදම් කරන්න සල්ලි නිකන් දෙන්නෙ නෑ. ඒව ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් විදියට යවලා අනුමත කර ගන්න ඕන. ඒව අනුමත කරන්නේ ඇමරිකානු පුරවැසියන්. ඒක වත් දන්නෙ නැතුව හතර අතේ කුණු බේගල් කතා අතාරිනව ඇවිල්ල. ඔහේ වගේ මෝඩ හැත්ත තමයි මාලිමාවෙ නමත් කන්නෙ. ගොන් වහන්ගත. පැත්තකට වෙලා කට පියාගෙන ඉන්නවා අපේ මාලිමාවෙ ඡන්ද කඩන්නෙ නැතුව

:       2       41

Bunny Preena Friday, 07 February 2025 03:50 PM

හාස්‍ය ජනක පුද්ගලයින් වෙනුවෙන් සිදු කරන සමහර දේවල් කොහොමටත් හාස්‍ය ජනකයි

:       21       5

රුවන් Friday, 07 February 2025 03:57 PM

ඇමරිකාවේ ඉන්න බැසිල්ගෙන් ඇහුව්වා නම් ඉලොන් මස්ක් පුදුම වෙයි.

:       25       12

රන්ජිත් Saturday, 08 February 2025 11:13 AM

ලෝකෙ පුරා අනවශ්‍ය යුද්ධ වලට පැටලිලා ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විනාශ කරන එක ගැනත් ප්‍රහාර වලට ලක්වූ රටවල ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා දේපළ ගැනත් මාස්ක්ට කරුණු පෙන්වා දෙන්නේ අපහසුද? ට්‍රම්ප් බලයට පත්වුණාට පස්සේ ගත් පියවර වලින් පැහැදිලි වන්නේ ඇමරිකාව විශාල මූල්‍ය අර්බූදයක් අභියස සිටින බවයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1431 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 762 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 548 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site