(විනීතා එම් ගමගේ)
මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 කට දෙසැම්බර් 31 වැනි දා වනවිට මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු හා කාන්තාවන් 84 දෙනෙකු සිටින බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
එම රැඳවියන් අතරින් පිරිමි රැඳවියන් 789 දෙනෙකු හා කාන්තා රැඳවියන් 34 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැඳවියන් 476 දෙනෙකු සිටින බවත් ඒ අතර පිරිමි පුද්ගලයින් 426 දෙනෙකු හා කාන්තාවන් 50 දෙනෙකු සිටින බවත් ඔහු වැඩිදුරටත් කීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මරණ දණ්ඩනය නියම වූවන් දහස ඉක්මවයි