IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මරදමඩු මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන් වෙයි

 

(රොමේෂ් මධුෂංඛ)

           

ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලව පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා පැවසීය.

අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය ඊයේ (15) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙයන් වෙනුවෙන් මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු , ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ , මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නොර්බඩ් අන්රාඩි යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේව මෙහෙය අවසන් වීමෙන් පසුව මරදමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයක ද රැගෙන යාම සිදු කෙරිණි.

මන්නාරම් මරදමඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් දේව මෙහෙය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී අවසන් දේව මෙහෙය පැවත්වූ අවස්ථාවේ බැතිමතුන් ඇමතු මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණෝ මෙසේ පැවසූහ.

‘මඩු මාතාවන්ගේ පාමුලට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල වශයෙන් පැමිණ තිබෙනවා. ඒ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි. ඒ වගේම කොරෝනා වයිරසය සැමටම තර්ජනයක් වී ඇති මේ මොහොතේ සෞඛ්‍ය නීති වලට අනුව ඔබ මෙහි පැමිණ ඇත. එවැනි අවස්ථාවක පැමිණ ඇති ඔබ සියලු දෙනා මඩු මාතාවන විසින් අත්නොහැර රැක බලාගනු ඇත. යනුවෙනි.

මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනු ලැබීය.



අදහස් (8)

මරදමඩු මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන් වෙයි

hira Monday, 17 August 2020 06:47 AM

අපරාදේ කාලය, ශ්‍රමය, ධනය...

:       24       278

sinhala kollek Tuesday, 18 August 2020 08:09 AM

පිස්සු හැදෙනවා ඓතිහාසික වෙන්නේ කොහොමද අප්පා සුද්දගේ කලේ හදපු ඒවා? යකෝ එහෙනම් අපේ ඓතිහාසික දේවලට මොකක්ද කියන්නේ?

:       21       135

බද්රානිWednesday, 19 August 2020 06:33 AM

ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් භක්තිකයන් නම් ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන හා සංස්කෘතියත් ආරක්ෂා කරගෙන ලස්සනට කාලා ඇඳලා ජීවත් වෙනවා. ඔහෙලා අනුන්ට වෛර කරමින් ඒ කිසිම දෙයක් නැතිව, තියන දේවලුත් විනාශ කර ගනිමින් වනචාරීන් වගේ ජීවත් වෙනවා. දේශපාලකයින් දෙවියන් ලෙස සලකමින් දේශපාලන සංස්කෘතිය තුල ඔවුන්ගෙන් හිඟාකාගෙන අරාජිකව ජීවත් වෙනවා. පූජකයන්, "දේශපාලකයින් සරණං ගච්ඡාමි" වෙලා ඇත්ත ඇහෙද්දී, නම් ගැරඬින්ට භුමිතෙල් ගෑවුණා වගේ දඟලනවා.

:       178       103

DerricThursday, 20 August 2020 04:28 AM

අපොයි ඔව්, අපි දැක්කා ලස්සනට ජීවත් වෙනවා අප්‍රේල් 21 වෙනිදා සිද්ධියත් එක්ක...

:       0       40

බද්රානි Tuesday, 18 August 2020 10:24 AM

ඉස්සර ඔය දේවස්ථානය මහා ඝන කැලයකිනුයි වටවෙලයි තිබිලා තියෙන්නේ. එම කැලෑව තුල ගොඩක් නරි සිටි බව මම අසා තිබෙනවා. පහු කාලෙදී ඒ නරි රංචු පිටින් ගම් වැදුණා. ගම් වැදුණයි කියලා නරින්ට මනුස්සයින් වෙන්න බැහැනේ කවදාවත්.. මොකද, ආගමක් දහමක් හරයක් වැටහෙන එකක්යැ.. ඔවුන් අදටත් මිනිස්සුන්ව දැක්කම හූ කියනවා. අවසානයේ නරි දන්නෙත් නැහැ උන්ගේ ඓතිහාසික ගල් ගුහා ටික වෙන අය පැහැරගෙන...!!!

:       181       42

Nimal Tuesday, 18 August 2020 02:58 PM

ශුද්ධ වූ බයිබලයේ මෙවැනි උත්සව නැත. මේවා ශුද්ධ බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනි බව කිතුනුවෙක් වශයෙන් පැවසීමට හැකියි.

:       53       14

sharm warn Wednesday, 19 August 2020 03:48 AM

ඓතිහාසික ඇසළ පෙරහර සිදුවෙන කොට කිසිම ක්‍රිස්තියානි විශ්වාසකයෙක් මේ වගේ කතා කියලා තියෙනවද? මම නම් දැකලා නැහැ. එහෙම නම් 7%ක් පමණ වෙන කතෝලිකයන්ගේ විශ්වාසයට සම්බන්ධ මේ දේව මෙහෙය ගැන මේ තරම් පහත් කතා කියන්නේ තමන්ගේ පහත් මානසිකත්වය නිසාද? ලස්සනම කාර්යය තමයි සිංහල,, බෞද්ධ යැයි කියාගන්න නායකයෝ බොහෝමයක් මේ තැන්වලට ගිහින් වැඳලා එනවා. එතකොට කවුරුවත් කටවල් අරින්නේ නැහැ. සිංහල මිනිස්සු කියන්නේ කුහක ජාතියක් නෙමෙයි මම දන්නා තරමට... මේ කුහකකම පෙන්වන්නේ අර බද්‍රානි කියපු කැලෙන් පැනපු නරිම තමයි.

:       156       222

JeewanThursday, 20 August 2020 04:38 AM

අපෝ ඕනේතරම් බලාගන්න පුළුවන්. සංචාරක කර්මාන්තයට භාවිතා කරන අලි, රේස් දුවන්න භාවිතා කරන අශ්වයො, මරන්න ගන්න හරක්, එළුවො ගැන නොදැනෙන මහා කරුණාවක් පෙරහැරේ යන අලි ගැන ඇතිවුනේ ඔහෙලාට තමයි. එහෙම කරුණාව ඇති වෙන එක හොඳයි... වරද පෙරහැරේ යන අලි ගැන විතරක් ඒක ඇති වෙන එකයි. අපේ උත්සව වලට හැම තිස්සෙම අපරාදෙ ඔය සල්ලි දුප්පත් මිනිහෙක්ට දෙන්න තිබුණා කියන ඔහෙලගේ අය ක්ලබ් ගිහින් දවසට ලක්ශ 20, 30 කැසිනෝ ගහලා එනවා. තියෙන්නෙම බොරු සෝබනේ විතරයි.

:       98       48

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1064 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6566 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3611 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 305 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1526 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1635 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28649 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site