IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මීරියබැද්ද යළි අවදානම්

(සමන් පාලිත නානායක්කාර)

ශ්‍රී ලංකාවේ විශාලතම නාය යාමක් ලෙස වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය යාම දෙපස විශාල භූමි ප්‍රදේශයක් නැවතත් නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි නිවාස පේළි දෙකක් පාසලක ගොඩනැගිලි හා ළමා සුරුකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කරන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගනී මහත්මිය අද 21 කීවාය.

මීට පෙර නායගිය ස්ථානයට ඊශාන හා නැඟෙනහිර දෙසින් කන්දේ විශාල භූමි භාගයක් ගිලා බසිමින් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සිදු කළ භූමි පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බව ද ප්‍රාදේශීය ලේකම් මහත්මිය කීවාය

මිරියබැද්දේ පාසල පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා ඒ අවට ප්‍රදේශය භූ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවත් ගොඩනැගිලි රැසක නව පැලුම් නිර්මාණය වී ඇති බවත් ඒවා වර්ධනය වෙමින් පවතින බවත් භූ පර්යේෂණ විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබේ.

මේ හේතුව නිසා එම අස්ථාවර භූමි ප්‍රදේශය තුළ නිවාසවල පදිංචිව සිටීම ගැවසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද ප්‍රාදේශිය ලේකම් මහත්මිය කීවාය.

පවුල් 33ක් ජීවත් වූ අංක 14 සහ15 ලයින් කාමර පේලි දෙකක් පාසල් ගොඩනැගිලි ළමා සුරකුම් මධ්‍යස්ථාන ස්ථිර වශයෙන්ම භාවිතයෙන් ඉවත් කළ යුතු බවට භූගර්භ විද්‍යාඥයින් නිර්දේශ කර තිබේ.

අධික වර්ෂාව පවතින විට මීරියබැද්ද මාර්ගය භාවිතයට නුසුදුසු බවට ද නිර්දේශ ලබා දී ඇතැයි සදහන්වේ.

මේ නිසා මීරියබැද්දේ දැනට පදිංචිව සිටින පවුල් තිස්තුනක් සඳහා නව වාසස්ථාන ඉදි කිරීමට යෝජනා වී ඇති බැවින් ඒ සඳහා වතු අධිකාරිය විසින් ලබා දී ඇති ඉඩම් කට්ටි වෙන්කර ඔවුන්ට පෙන්වා දීමට නියමිත බවද ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගනී මහත්මිය වැඩිදුරටත් කීවාය.

 



අදහස් (0)

මීරියබැද්ද යළි අවදානම්

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 320 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 747 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 563 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 189 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1015 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 672 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39778 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 79 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1251 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site