IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර පහයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ.

අන්තවාදී ආගමික කල්ලියක් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ එකවර බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 273 මරණයට පත්ව 500 කට අධික සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ හානීන්ට පත්වූ බව නිල පිළිගැනීමයි.

එදිනට කතෝලික භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන ‘පාස්තු දින‘ යෙදී තිබීම නිසා පසු කළ බොහෝ දෙනා එම බෝම්බ ප්‍රහාර මාලාව ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වීය.

එදින පෙරවරු 8.45 ට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව ආරක්‍ෂක අංශ පවසන අතර එම ප්‍රහාරයට ලක්ව දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වී සිටි සහ කොළඹ තරු පන්තියේ හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි පවුල්පිටින් මරු වැළඳගත්තේය.

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමන් එම ප්‍රදේශයේ ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මරණයට පත්වීමෙන් තවමත් වාසා ඇති නිවාස ඇති බව ද එහි ප්‍රදේශවාසීහූ පවසති. ඇතැම්හූ එදින සිට තවමත් ඇඳ මත සිටින අතර ඇතැම් පවුල්වල සාමාජිකයෝ සිහිමද ගතින් පසුවෙති.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව මෙරට දේශපාලන සහ සමාජීය තත්වය උඩුයටිකුරු කළ සිද්ධියක් බවට පත්වුව ඇති අතර එම ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තන් කවුරුන් ද යන්න තව දුරටත් අභිරසකි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අදාල ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන ලෙස පසුගිය වසර පහක කාලය තුළ දැඩි අරගලයක නිරතව සිටිති.

ඡායා ළහිරු හර්ෂන



අදහස් (16)

මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර පහයි

Shashika519 Sunday, 21 April 2024 09:00 AM

යහපාලන ආණ්ඩුවේ උදව්වෙන් පොහොට්ටුව විසින් කළ අපරාධයකි.

:       3       10

Tharindu Sunday, 21 April 2024 09:26 AM

මෙම අවාසනාවන්ත ප්‍රහාරය මෙන්ම මේ ලොව තුළ සිදුවූ ස්වභාවික ආපදා ත්‍රස්තවාදි ප්‍රහාර, යුද ගැටුම් හේතුවෙන් මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා... මොක් සුව ලැබේවා...!

:       0       6

NAMAL Sunday, 21 April 2024 10:20 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...!

:       3       8

Lal Sunday, 21 April 2024 10:29 AM

ඊබ්‍රහිම් නානා.. එයාගේ පුතාලා පිරිස එකතු වෙලා කළ විනාශය...!

:       3       6

C.K.Lankaputhra Sunday, 21 April 2024 10:42 AM

තුච්ඡ දේශපාලන අභිමතාර්ථ සඳහා කළ අමානුෂික අපරාධයක් වසන් කරගෙන සිටි අවසාන වසර 2024 ද විය හැකියි. කවුරුන් විසින් හෝ මේ අපරාධය කල අයට දඬුවම් කළ යුතුමයි..

:       2       9

nanda Sunday, 21 April 2024 10:59 AM

ඊබ්‍රහීම් වෙන පක්ෂයකට සම්බන්ධව සිටිය කෙනෙක් නම් ජවිපයට කොහොම කතා කියාවිද?

:       3       7

sirilSunday, 21 April 2024 11:15 AM

එහෙනම් ජවිපය එම පක්ෂයට ඇතිවනකන් චෝදනා කරාවි...

:       2       5

ranjith Sunday, 21 April 2024 11:01 AM

මෙයට සම්බන්ධ මෙන්ම උදව්, උපකාර කරපු, අනුබල දීපු, අයට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!

:       0       9

siri Sunday, 21 April 2024 11:13 AM

ආගමික වතාවන් කිරීමට දේවස්ථාන වලට ආව අසරණ පවුල් වනසා දැමූ මෙම අපරාධයට අනුබල, ආධාර දුන් ඔවුන්ගේ පවුල්වලටත් මෙය දේව සාපයක් වේවා...!

:       0       6

Kazi Shajahan Sunday, 21 April 2024 11:36 AM

දෙවියනි, ඔබ කොහිද? තවමත් මහ මොලකරුවන් රජසැප විඳිනවා. මොවුන්ව හිරේට දාන්නේ කවදාද දෙවියනි...?

:       1       4

Aruna Sunday, 21 April 2024 11:41 AM

ලංකාවේ වෙච්චි එකම ම්ලේච්ඡ ඝාතනය නම් මේක...

:       2       3

BITTER TRUTH Sunday, 21 April 2024 12:22 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම එකාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!! ඉතා භයානක මරණය ඇති වේවා!!

:       1       4

fairoos Sunday, 21 April 2024 12:49 PM

මෙම අපරාධයට අනුබල, ආධාර දුන් ඔවුන්ගේ පවුල්වලටත් මෙය දේව සාපයක් වේවා..!

:       1       2

ගමේ එකාලා Sunday, 21 April 2024 05:35 PM

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම දෙනාට ඊට අනුබල දුන් සැමට, බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත පවුල් පාලනේ අයට සාපවේවා... ස්වභාව ධර්මයෙන් හෝ කෙදිනක හරි ඔවුන්ට දඬුවම් ලැබේවා...!

:       0       0

Infka Monday, 22 April 2024 03:35 AM

ප්‍රහාරය වළකා තම බැතිමතුන් බේරාගැනීමට දෙවියන් වහන්සේට බැරිවුනේ ඇයි?

:       0       0

Bamunuarachchi Monday, 22 April 2024 08:12 AM

ඝෝඨාභයට කවදත් අකමැති මුස්ලිම් කාරයෝ ඝෝටාට බලය අරන්දෙන්න බෝම්බ පුපුරවා ගෙන මැරුණ කියලාද කාදිනල් කියන්නේ? යහපාලන ආණ්ඩුවේ ගොයියෝ ඝෝඨාභය බලයට පත් කරන්න උවමනාවට ප්‍රරහාරය මැඩ පැවැත්තුවේ නැහැ කියලාද කාදිනල් කියන්නේ? රාජපක්ෂලාගෙන් ආප්ප කාල රාජපක්ෂලව පාවාදීපු මෛත්‍රීයා රාජපක්ෂලට බලය අරන් දෙන්න ප්‍රහාරය වැළැක්කුවේ නැහැ කියලාද කාදිනල් කියන්නේ? කියන අයගේද අහන අපේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 292 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 267 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 394 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1014 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 422 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site