IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය වන්දනා කරන්න අවසර

(සුජිත් හේවාජුලිගේ )

වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ.

එම පුදබිමේදී විශේෂ පිරිස් සජ්ඣායනයක් පෙරේදා(5) රාත්‍රී පැවැත්විණ. විහාරය ආගමික කටයුතු සඳහා විවෘත කෙරුණේ ඉන් අනතුරුවය.

මෙම පින්කමට වැලිඔය සහ අසිරිමලේ ආරණ්‍ය සේනාසනවලින් වැඩමකළ හතළිස් නමකට අධික මහා සංඝරත්නයද වනජීවී අමාත්‍ය සී බී රත්නායක, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

සද්ධාතිස්ස රජුගේ පුතකුවූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි.

ප්‍රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ.

තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්‍යයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටින් හමුවූ එවැනි වර්ගයේ එකම නිර්මාණයද මෙය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මෙම විහාර පරිශ්‍රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබ තිබූ බව ආරක්ෂක අංශ පවසයි.

එකම පස් කන්දක් ලෙස පවතින චෛත්‍යය ජගත් සුමතිපාල මහතාගේ මහතාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන් වහන්සේ දැඩි කැපවීමකින් කටයුතු කරති.

මෙම විහාරයේ ආගමික කටයුතු පැවැත්වීමට පෙර දින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි පැමිණ විශාල කලබලයක් ඇති කර තිබූ බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ.

 



අදහස් (10)

මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය වන්දනා කරන්න අවසර

කිරි පුතා Monday, 07 February 2022 10:31 AM

වැළලීයන හෙළ බොදු උරුමයන් නැවත පණගැන්වීම ගැන සියලු දෙනාට ජාතිය වෙනුවෙන් උපහාර කරමි...!

:       0       68

සමිත සේනක අලුත්ගමගේ. Monday, 07 February 2022 11:29 AM

සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමට සමත් වූ සැමට ස්තූතියි ... මේ ස්ථානය සැදැහැති ජනතාවට වැඳ පුදා ගැනීමට සැලැස්වීමත් අගය කළ යුතුයි. ඒත්, වෙහෙර විහාර වැඳීමෙන් පමණක් සැබෑ බෞද්ධයන් නිර්මාණය වන්නේ දැයි සිතා බැලිය යුතු කරුණක්. වරක් බුදුරජාණන් වහන්සේ දෙසුවේ " ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන්නා උසස් ලෙස තමන් වහන්සේ පුදන්නා " බවයි. එය එසේ වුවත්, වර්තමානයේ වැඩිපුරම දැකිය හැකි වන්නේ, ධාර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටීම පසෙක තබා, ආමිස පූජාව පමණක් කරපින්නා ගත් බෞද්ධයින් කොටසක් බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුව පවතී. ආමිස පූජාව හොඳ දෙයකි.ඒත්, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ඇති වන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන සිල්වත්, ගුණවත්, ප්‍රඥාවෙන් හෙබි මිනිසුන් නිසාවෙනි. ඒ බව සැමදෙනා සිහිනුවණින් සිතා බැලිය යුතුයි.

:       2       31

Jiwantha Monday, 07 February 2022 11:51 AM

සාදු සාදු...!! මේ උතුම් කර්තව්‍යයට දායක වූ සියලු දෙනාට උපහාර වේවා..!.

:       0       11

චන්දන Monday, 07 February 2022 12:17 PM

දකුණේ කිසිඳු බාධාවක් නැතිව ඕනෑම ආගමික කටයුත්තක් කරන්න පුළුවන්... එහෙම නම් උතුරට විශේෂයක් වෙන්න බැහැ. දෙමල සන්ධාන නායකයින් එය තේරුම් ගත යුතුයි. දකුණේ මෙහෙම දේශපාලකයින් ආගමික ස්ථානයකට කඩා වැදුණා නම් මෙලහකට ජිනීවා ගිහිල්ලා... මෙම සිද්ධස්ථාන රැකගන්න මහනායක හිමිවරුන් මූලිකත්වය ගත යුතුයි... රජය ප්‍රමුඛ බෞද්ධ ජනතාව මෙම ස්ථාන රැකගැනීමට දායකත්වය දැක්විය යුතුයි...

:       0       18

janahitha Monday, 07 February 2022 12:27 PM

මෙතැන සිට එල්ලකරන ලද බර අවි ප්‍රහාර නිසා මියගිය සොල්දාදුවන්ට පින් පමුණුවමු. එනමුත් ප්‍රභා විසින් මෙම නටබුන් විනාශ කිරීමට කිසිවිටෙක අණදී නොතිබුණි.

:       0       14

චන්දිම ෆොන්සේකාMonday, 07 February 2022 02:19 PM

මෙහෙමයි, ප්‍රභාගේ කාලේ එතන පස් කන්දකින් වැසිලා තිබුණා කියනවනේ. ඒ නිසා ප්‍රභාට ලකුණු දෙන්න ඉක්මන් වෙන්නත් එපා. අනික ප්‍රභා හින්දු නෙමෙයි. කතෝලිකයෙක්... හැබැයි ඔතන දෙමළ ජාතිවාදියෙක් දැක්කා නම් හැරෙන තැපෑලෙන් ඔතනම කෝවිලක් කරවලා බොරු ඉතිහාස කතාවකුත් හදලා ඉවරයි.

:       0       14

sharm warn Monday, 07 February 2022 01:56 PM

මේ ගැන රාසමානික්කම් ප්‍රකාශයක් කරලා තිබුණා... අවුරුදු 100ක් විතර ද්‍රවිඩ ජනතාව වන්දනා කරපු පුදබිමක්ලු කියලා... අපේ පුරාවිද්‍යා කට්ටියගේ කාර්යක්ෂම කමත්, උනන්දුවත් නිසා තමයි මෙවැනි දේවල් සිදුවෙන්නේ. කෝනේෂ්වරම් කෝවිල හදන්න කරපු අපරාධය මෙතැනත් කරන්න උත්සාහ කරන්න ඇති. ලස්සනම කතාව... කෝනේෂ්වරම් කෝවිලේ බිතුසිතුවම් හදලා තියෙනවා... කන්තලේ වැව හැදුවේ දෙමළ රජෙක් කියලා.. පුරාවිද්‍යා කාරයින් උඩබලන් ඉන්නවා.

:       0       10

uk ran Monday, 07 February 2022 03:46 PM

දැන් සර් ෆේල් කියපු කට්ටිය කොහේද දන්නේ නැහැ ඉන්නේ...? වෙන්න ඕනෑ දේ හෙමින් හෙමින් හරි වෙනවා... ඒකට සතුටුයි.

:       8       8

සත්‍ය ගවේෂී.Tuesday, 08 February 2022 07:35 AM

එතැනත් ලකුණු දාගන්න හදන්නේ.මේ වැනි පුරාවිද්‍යාත්මක උරුම රැකීමට රටේ කොයි නායකයාත්,බැඳී සිටිනවා සර් නොහිටියත්,ඒ දේ කිරීමට පුරාවිද්‍යා අංශ බැඳී සිටිනවා.ඒ නිසා අනුවණ කතා කියන්නට එපා.මේ ගැන ක්‍රියාකළ රජයට,පුරාවිද්‍යා ඇතුළු සියලු අංශ වලට ස්තූතියි.

:       0       0

ජනක යාපා අබේවර්ධන Tuesday, 08 February 2022 05:30 PM

උතුරු, නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට වත්මන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මා අතිශයින්ම අගය කරමි. එතුමාගේ බෞද්ධ පුනර්ජීවන වැඩ පිළිවෙල සාර්ථක වේවා. බුදුසරණින් හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 35 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 46 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 123 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 357 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 406 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 447 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site