IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මුලතිව් නයාරු විහාරයට පොලිස් -හමුදා ආරක්ෂාව

(ප‍්‍රදීප් කුමාර)
 
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ. 

අන්තවාදී කණ්ඩායම්වලින් විහාරස්ථානයට එල්ල විය හැකි ප‍්‍රහාරයක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.

විහාරස්ථානයට මෙසේ පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත්තේ තමන් වහන්සේ විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව විහාරාධිපති කොළඔ මේධාලංකාර හිමියෝ පවසති. 

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරම්භය ක්‍රි. පු. 3 වැනි සියවසයේ බවට සාධක ඇති අතර එය මේ වන විට පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.  

එම විහාරස්ථානය හා එහි ඇති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්තී‍්‍ර ටී. රවිහරන් මහතා ප‍්‍රකාශ කර තිබිණි.  



අදහස් (28)

මුලතිව් නයාරු විහාරයට පොලිස් -හමුදා ආරක්ෂාව

anula Friday, 25 January 2019 06:56 AM

පරදෙමළ කොටින්ගේ ඩොලර් කුට්ටිවලට පෙරේත වුණු පාදඩ නායකයින් අපේ උරුමයන් බිලිදෙනවා..

:       50       153

Mahesh UkFriday, 25 January 2019 10:47 AM

හරියටම හරි මසුරන් වටිනවා..

:       3       43

ruby Friday, 25 January 2019 07:08 AM

සංහිඳියාවට ජයවේවා !!!

:       0       26

පිටිගල මිලානෝ Friday, 25 January 2019 07:35 AM

අනේ මේ පැත්තේ අයට තව පොලිස් බලතලත් දෙන්නකෝ... අලුත් සංශෝධනය ආවාම සිදුවන දේවල් දැන් කාටකාටත් පැහැදිලිද? එතකොට කොළඹ පොලිසියට මේ විහාරස්ථානවලට ආරක්ෂාවට සපයන්න බැහැ. අපේ හාමුදුරුවන්ට වෙන්නේ හැකි ඉක්මනින් පන්සල හැර දාලා පණ බේරාගන්න කොහේ හෝ යන්න...

:       1       125

Nuwan Friday, 25 January 2019 08:12 AM

සංහිඳියාව සිංහල අපිට විතරද ඕනෑ?

:       0       118

BamunuarachchiFriday, 25 January 2019 11:38 AM

නුවන් සුළුජාතීන් අපිට විනකරන එක ඉවසන්න පුළුවන්. සිංහල කියාගන්නා වුන් අපි ළඟ ඉඳං අපිටම කෙලින එකනේ ඉවසන්න බැරි. මේ ගොල්ලෝ පොළඟා මොකාද? ගැරඬියා මොකාද? කියා නොහඳුනන ජාතියක්.

:       0       54

බද්රානි Friday, 25 January 2019 08:39 AM

මිනීමරු ප්‍රභාකරන් පවා, සිංහල ජාතිය සමග වෛරයෙන් පසු වුණත්, බෞද්ධාගමට හානියක් සිදුකලේ නැහැ. මෙතනදී, උතුරේ මෙන්ම දකුණේත්, අන්තවාදී, දේශපාලන කල්ලි දෙකක් තිබෙනවා. ඔවුන්ට අන්තවාදයෙන් තොර දේශපාලන පැවැත්මක් නැහැ. ඇත්තෙන්ම මේ දෙගොල්ලන්ම ත්‍රස්තවාදී, කල්ලි දෙකක්... දැනට ආයුධයෙන් නොකරන දේ, දැනට මොවුන් අන්තවාදී මතවාදය සමාජගත කිරීමට උත්සහ දරමින් සිටිනවා. මේ ත්‍රස්ත කල්ලි දෙක අතර න්‍යායාත්මක සම්බන්ධතාවයක් පවතින බව මේ රටේ බුද්ධිමත් ජනතාව දැනටමත් අවබෝධ කරගෙන හමාරයි. උතුරේ ද්‍රවිඩ දේශපාලකයින්ගේ හා දකුණේ දේශපාලකයින්ගේ පවුල්වල පවතින ඥාති සම්බන්ධතාවයන් දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට මේ බව පැහැදිලියි. මෙම අන්තවාදී, දේශපාලන ත්‍රස්ත කල්ලියට උඩගෙඩි දෙන බඩගෝස්තර වාදී, පූජක පැලැන්තියක් සිටින බවත් අපට නම් රහසක් නොවේ...

:       315       209

තිවංක Friday, 25 January 2019 09:58 AM

මිනීමරු ප්‍රභාකරන් පවා, සිංහල ජාතිය සමග වෛරයෙන් පසු වුණත්, බෞද්ධාගමට හානියක් සිදුකලේ නැහැ... ඔයා කොහෙද හිටියේ? දළදා මාලිගාව, අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, දිඹුලාගල හාමුදුරුවෝ මතක නැද්ද?

:       12       206

බද්රානිFriday, 25 January 2019 10:50 AM

තිවංක මහත්තයෝ, කොටි ත්‍රස්තවාදීන්, රටේ බහුතරයක් වූ සිංහල බෞද්ධයින්ට දැනෙන ලෙස තමයි මේ ප්‍රහාරය සිදු කලේ. එසේ නැතිව පන්සල් හෝ බුදු පිළිම විනාශ කරන්න අවශ්‍ය වූවා නම් ඒ සඳහා ඔවුන්ට ඕනෑවටත් වඩා අවස්ථාව තිබුණා. මෙම සියලු ප්‍රහාරවලට වගකිවයුතු සන්නද්ධ නායකයා කරුණා අම්මාන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරෙන් පිදුම් ලැබූ බව ඔබතුමා දන්නවාද? එතුමා සිංහල බහුතරයක් වූ අපේ රටේ ගරු කටයුතු ඇමති ධුරයක් හෙබවූ, ප්‍රභූවරයෙක් බව ඔබට අමතකද? ඔබ ඉහත සඳහන් කළ, සංහාරවලට වගකිවයුතු කරුණා අම්මාන්ට එරෙහිව, මේ දේශපාලන පූජක කල්ලිය සිදුකළ විරෝධතාවක් ඔබ දැක තිබේද? නැගෙනහිර ගණන්කාර පිල්ලයාන් කාගේ බළල් අතක් දැයි ඔබ දන්නවාද? ලංකාවේ මජර සිංහල දේශපාලකයින්ගේ පැටිකිරිය ගැන ඔබ වැන්නවුන්ට නොවැටහීම ගැන මම පුදුම නොවෙමි. බලය හා බඩගෝස්තරය ප්‍රමුඛ වූ තැන තක්කඩිකම හා අශිෂ්ඨත්වය පමණක් රජකරන බව දනිමි....

:       82       15

BamunuarachchiFriday, 25 January 2019 11:23 AM

තිවංක මෙයත් සිංහල නමකින් ඉන්න වෙනත් ජන කොට්ටාශයක කෙනෙක්... අපි කාලය හා වචන නාස්තිකර ගන්නවා විතරයි. බුද්ධාගම තිබුණු රටවලින් බුද්ධාගම තුරන් වුනේ මේවගේ අය නිසයි. දෙලොවටම වැඩක් නැති අය...

:       34       68

BamunuarachchiSaturday, 26 January 2019 12:04 AM

භද්‍රානි එතකොට දළදා මාලිගාවට බෝම්ගහනකොට අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කොරනකොට ඔහේ හිටියේ කොහේද. නොදන්නා දේවල්ක තා නොකර ඉන්නවා හලෝ.

:       21       53

ලුම්බිණි Friday, 25 January 2019 08:59 AM

පන්සල්, පල්ලි, කෝවිල් තිබිය යුත්තේ එම ප්‍රදේශවල වැසියන්ට ආගමානුකුල කටයුතු සඳහායි. පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යටතේ එවැනි තැන් තබා ගැනීමෙන් ජනතාවට සිදුවෙන යහපත කුමක්ද?

:       727       4

BamunuarachchiFriday, 25 January 2019 11:30 AM

රටේ ප්‍රධාන ආගම, සංස්කෘතිය මොකක්ද කියා සුළුජන වර්ගයාට මතක්කර දෙන්න. එමගින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම...

:       2       28

සනත් ඉතාලිය Friday, 25 January 2019 09:20 PM

ලුම්බිණි බද්‍රනි සමනලී ෆොන්සේකාගේ අක්කයි නංගියි වගේ නැත්නම් මේ නම දෙකින්ම ඉන්නේ සමනලී ෆොන්සේකාද කොහෙද

:       17       1

පුරවැසියා Friday, 25 January 2019 09:03 AM

සංහිඳියාව නම් දෝරෙ ගලනවා..

:       0       37

BamunuarachchiFriday, 25 January 2019 11:27 AM

රට, ජාතිය හොදගෙනම යනවා. මේ මිනිසුන්ට නොතේරෙන දේ තමයි "කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල" කියන දේ.

:       0       94

Dayan Friday, 25 January 2019 10:03 AM

කණ්ඩායම් කිහිපයක් පිස්සු නැටුවට සංහිඳියාවට විරුද්ධ වීම වැරදියි.

:       35       3

peterFriday, 25 January 2019 11:17 AM

සංහිඳියාව හම්බවෙයි !!!

:       0       35

Darshana Friday, 25 January 2019 10:55 AM

දැන් ඒ අයගෙන් අහලා ඕනේ අපි පන්සල් හදන්න...

:       0       4

SAM Friday, 25 January 2019 11:18 AM

රවීහරන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? කෝ අර උතුරේ මහා ඇමති... එයත් ආපු ගමන් කතා කලේ හරියට සිංහල මිනිස්සු වැරදි කරනවා වගේ. දැන් පේනවද ජාතිවාදීව අහිංසක දෙමල මිනිස්සු නැවතත් යුද්ධයකට පොළඹවනවා කියලා.

:       0       35

කරුණාපාල Friday, 25 January 2019 02:59 PM

මේ ප්‍රකාශය කර තිබෙන්නේ, මුලතිව් හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් නේද? එසේ නම් මෙරට ජනාධිපති ධුරය හොබවන සිංහල බෞද්ධයෙකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? මේ රටේ බහුතරයක් අදහන බුද්ධාගමට එරෙහිව කළ මේ දරුණු ප්‍රකාශයට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්ද? මේ ප්‍රකාශය පිළිබද මහානායක හිමිවරු ඇතුළු අනෙකුත් සංඝ සභාවල ප්‍රතිචාරය කුමක්ද? දේශපාලන කුක්කන්ගේ හූ හඬ අසනවාට වඩා, අප බලාපොරොත්තු වන්නේ, රවිහරන් නමැති අන්තවාදියාව නීතිය හමුවට ගෙන එ්ම පමණයි.

:       0       73

Hafeel Friday, 25 January 2019 03:19 PM

උතුරු නැගෙනහිර එකතු කරල, නව ව්‍යවස්ථාක් සම්මත කරළ, බලතලත් දුන්න නං, කොහොමට වේවි.

:       0       6

shan saudi Saturday, 26 January 2019 05:09 AM

ජනධිපතිට ඕනේ වුනේ ඕක කරවන්නනේ.. එ්කනේ උතුරට දෙමළ ආණ්ඩුකාරයෙක් පත්කළේ? පාදඩ දේසපාලකයින් නිසා සිංහල අපට අපේ උරුමයන් රැකගන්න හමුදාව යොදන්න වෙලා.. අනෙක් අයට ඕනේ විදිහට රටේ ආගම, ජාතිය.. විනාශ කරන්න දෙන්න ගියොත් සිංහලයට රට නැතිවෙනවා. මේ දේශපාලන පරයො මීලග මැතිවරණයෙන් පන්නා දමන්න ජනතාව තීරණය කරන්න ඕනේ..

:       0       0

Adam Saturday, 26 January 2019 10:55 AM

රටේ නායකයට කොන්දක් නැතිකමට තවත් හොඳ සාක්කියක්.. රට පාලනය කරන්න බැරිනම් කරුණාකරලා යන්න යන්න..

:       0       0

Chanak los angeles Saturday, 26 January 2019 05:00 PM

කිසිම දෙයක නිත්‍ය පැවැත්මක් නැත . කුමන බලවේගයකින් හෝ විහාරස්ථානය අයින් වුවොත් එය බුදුන් වදාළ දහමේ ප්‍රතිපලයි.

:       0       0

පැතුමි ඔිපනායක Monday, 28 January 2019 02:04 AM

අපේ බුද්ධාගමට අත තියන්න දෙන්න බෑ............

:       0       0

Ciz_Zoro Tuesday, 29 January 2019 10:37 AM

කඩන්න එන කෙනාව නෙවි, පස්සෙන් ඉඳන් උල්පන්දම් දෙන කෙනාව බලන්න

:       0       0

kumarasri Tuesday, 29 January 2019 10:41 AM

පන්සල් ආරක්ෂා කරගන්න ඕනේ දකුණෙන් බැහැල පන්සල් කොල්ලකන නිදන් හොරුන්ගෙන් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 14 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 293 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 110 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 183 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 338 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 631 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site