IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මුලතිව් ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතු වේ

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා  නීතිවිරෝධීව ඉන්ධන රැස්කරගෙන සඟවා තබාගෙන ඇති බවට ලැබුනු ජනතා පැමිණිළි කිහිපයකට අනුව  පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක්  මුලතිව් දිසාපති කාර්යාලයේද අවසරය මත මෙම සෝදිසිය කරන ලදි.

එහිදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් වැසිකිලිය තුල සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේදී සඟවා තිබූ ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටර් 65 කට අධික ප්‍රමාණයක් තිබී පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

එහිදී වැටලීම සිදුකල පොලීසිය පවසා සිටියේ අදාල ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුදැනුම මත ඉන්ධන සඟවා තිබීම සහ ඒ පිළිබඳව නැගුනු ජනතා විරෝධය මත මෙම වැටලීම සිදුකල බවටත් එසේ නොවන්නට ජනතාව විසින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදුනේනම් දේපල හානි මෙන්ම පුද්ගල හානි වීමේ අවදානමක්ද පැවති හෙයින් තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත් බවටය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස්. ජයකාන්ත් මහතා  ,අදාල ඉන්ධන තමන්ගේ රාජකාරී කටයුතු සඳහා පමණක් තබාගත් බවත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පොලීසිය නොමග යවා මෙලෙස වැටලීම සිදුකිරීම දැඩි අසාධාරණයක් බවත් පැවසීය.



අදහස් (0)

මුලතිව් ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතු වේ

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 132 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 436 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 612 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1643 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2975 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 1013 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site