IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් මරු තුරුලට

(සිතුම් චතුරංග)

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියේගිලී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරුද  අද  (06) නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.

වවුනියාවේ සිට විනෝද චාරිකාවක් පැමිණ ඊයේ (05) සවස මුලතිව් මුහුදේ දියනාමින් සිටියදී තරුණයින් තිදෙනකු දියවැලකට හසුවී මුහුදේ ගිලී අතුරුදන් වු බවත් ඉන් එක් අයකුගේ සිරරක් හමු වු බවත් පොලීසිය පැවසීය

අතුරුදන් වූ දෙදනාගේ සිරුර අද මෙලෙස සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ශිවලිංගම් සයිලන් (26) සහ වවුනියාව තෝණිකල් පදිංචි විජයකුමාරන් දර්ශන් නැමති තරුණයින් දෙදෙනාය.

පොලිසිය පැවසූයේ නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් මුහුදේ සිදුකළ සෝදිසි කිරීම් වලදී ඊයේ රාත්‍රිය වන විට දියේ ගිලී මියගිය එක් තරුණයකුගේ සිරුරක් මුහුදේ තිබී සොයාගත් බවත් අනෙක් සිරුරු දෙක සොයා මෙහෙයුම් සිදුකළද මුහුදේ රළු  ස්භාවය හා රාත්‍රී අඳුර හේතුවෙන් සිරුරු සේවීම රාත්‍රියේ නතර කිරීමට සිදුවූ බවත්ය.

ඒ අනුව ඊයේ උදෑසන සිදුකළ මෙහෙයුම්වදී එක් තරුණයකුගේ සිරුරක් සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය පැවසීය මියගිය තරුණයින් තවත් තරුණයකු සමඟ මුලතිව් ප්‍රදේශයට විනෝද චාරිකාවක් පැමිණ සවස්කාලයේ දියනෑම සඳහා මුහුදට බැස ඇති බවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මුහුදේ අතුරුදහන්ව ඇති බවත් පොලිසිය කීය.


(රොමේෂ් මධුෂංඛ )  

මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රළට ගසාගෙන ගොස් දෙදෙනකු අතුරුදන් වී  එක් අයෙකු මියගොස් ඇතැයි  මුලතිව් පොලීසිය පවසයි.

අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සෙවීම අද (06) දිනයේදී ද පොලීසිය සහ නාවික හමුදාව එක්ව සෙවීම් කටයුතු අරඹා තිබේ.

මිය ගිය තරුණයා වව්නියාව මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මනෝහරන් තනූජන් නැමති තරුණකු බව හදුනාගෙන  ඇතැයි පොලීසිය කියයි.

අතුරුදන්ව ඇත්තේ වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් සහ සහ මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බව අනාවරණය වී තිබේ.

මේ දක්වා ඔවුන් හමු වී නොමැති බවටත් මුලතිව් මුහුදු රළ  දැඩි රලු ස්වභාවයක් ගැනීම නිසා මෙම කටයුතුවලට බාධාවී ඇතැයිද පොලීසිය පැවසීය.

වව්නියාව ප්‍රදේශයේ සිට වෑන්රථයකින් අදාල තරුණයින් තිදෙනා දියනෑම සඳහා ඊයේ (05) සවස මුලතිව් මුහුදු තීරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදීද මුහුදු රල රළු වුවද එය සැලකිල්ලට නොගෙන දිය නෑමට යාමේදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

 

 



අදහස් (1)

මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් මරු තුරුලට

tSUNIL MILANO Monday, 06 December 2021 08:27 PM

නොසැලකිලිමත්කම නිසා කොතරම් අහිංසක තරුණ ජීවිත අකාලයේ විනාශ වෙනවද? හරිම කණගාටුයි. නුඹලාට අජරාමර උතුම් නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා පුතුනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1472 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2993 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 856 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2261 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1206 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5971 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 402 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site