(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට අවධානම් ස්ථාන කිහිපයක් හඳුනාගනිමින් එම ස්ථානවල දියනෑමට තහනම් කරමින් රතුකොඩි ප්‍රදර්ශනය කිරීමට මුලතිව් පොලීසිය, ධීවරයින් සහ නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
මේ දිනවල මුලතිව් මුහුදු වෙරල බොහෝ සෙයින් රලු ස්වභාවයක් ගන්නා වුවද බොහෝ පිරිස් අවධානම නොතකා දිය නෑමට යාම හේතුවෙන් විවිධ වූ අනතුරුවලට මුහුණ පෑමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් එම ස්ථානයන්හි දිය නෑම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය 06 වනදා ද එලෙස වවුනියාවේ සිට විනෝද චාරිකාවක් සඳහා මුලතිව් මුහුදු වෙරලට ගොස් අවධානම නොතකා දිය නෑමට ගිය තරුනයින් තිදෙනෙකු මුහුදුරලට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම මුහුදු වෙරලේ අවධානම් ස්ථාන හඳුනා එම ස්ථාන වලින් දිය නෑම තහනම් කිරීමට ප්‍රධාන හේතුවක්ද විය.
මුලතිව් මුහුදු තීරය සෑම වසරකම සැප්තැම්බර් මස සිට ජනවාරී මාසය දක්වා දැඩි රලු ස්වභාවයක් ගන්නා අතරම සෑම වසරකම ජීවිත හානි ඇතුලු අනතුරු වාර්තාවීමද විශේෂත්වයකි.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුලතිව් මුහුදු වෙරලේ රතුකොඩි ඔසවයි