IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මාලදිවයින ගොඩ ගන්න ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.

පසුගිය මැතිවරණ වලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් රජයේ සුබ පැතුම් එක් කළ විදේශ අමාත්‍යවරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සතුට ප්‍රකාශ කළේය.

රටේ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව නැඟී සිටීම ගැන පුදුමයට පත්වන බවත්, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැඟීමට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් අබ්දුල්ලා කලීල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසට විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනාවක් ද කළේය.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා තම ප්‍රශංසාව ප්‍රකාශ කළේය. මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad), විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (12)

මාලදිවයින ගොඩ ගන්න ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්නවා

Asela Friday, 21 February 2025 10:17 AM

බංකොලොත් ජාතිය ප්‍රායෝගිකව යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශන ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, රනිල් සමඟ කතා කරන්න. පවතින තත්ත්වය පවත්වා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, AKD සමඟ කතා කරන්න. ඔබේ රට බංකොලොත් කිරීමට ඔබට අවශ්‍ය නම්, රාජපක්ෂ සමඟ කතා කරන්න. සංවර්ධනයක් හෝ ප්‍රගතියක් නොමැති නිෂ්ඵල කොමියුනිස්ට් පාලනයක් බවට මාලදිවයින ප්‍රායෝගිකව පත් කිරීමට ඔබට අවශ්‍ය නම්, NPP ආර්ථික මණ්ඩලය සමඟ කතා කරන්න. මාලදිවයිනට සුභ පැතුම්.

:       29       43

පුරවැසියා Friday, 21 February 2025 02:25 PM

හොරකම් කරන්න සහ කොමිස් ගහන විදිහ දැනගන්න අවශ්‍ය නම් මීට කලින් ආණ්ඩු කරපු අයගෙන් අහන්න.

:       10       7

ලුම්බිණි Friday, 21 February 2025 10:27 AM

ගොඩ යන්න ලංකාවෙන් පාඩම් ? විහිලු කරනවද ?

:       12       8

යෝගා Friday, 21 February 2025 10:46 AM

මෙයා වගේ කයියෙක්ගෙන් නම් ඉගෙන ගන්න මෙලෝ දෙයක් නෑ. ලංකාව බංකොළොත්බවින් නිදහස් කරගත්තු රනිල්ගෙන් ඉගෙන ගන්න

:       22       31

මෝල් දිවියාFriday, 21 February 2025 12:29 PM

අයියෝ යෝගා මාත්තියා. ඔයා රනිල් මාත්තියා ඔහොම ෙබාල්දු කරන්ට යෙපා..! අපි එයාගෙන් තව ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මෙන්න ලිස්ට් එකෙං ටිකක්. 1. ඉලෙක්ෂන් 20 කට වැඩිය පරදින හැටි (රෙදි ඇඳගෙන) 2. අවුරුදු පහළොවක්, විස්සක් විපක්ෂයේ ඉන්න හැටි 3. වධකාගාර පවත්තගෙන යන හැටි 4. කොල්ලෝ කෙල්ලෝ 60,000ක් දස වද දීලා මරණ හැටි 5. මහ දවල් මහ බැංකු මංකොල්ල කන හැටි 6. උපදේශකයෝ (සමහරක්ට මෙලෝ සුදුසුකමක් නැති) 92 ක් පත්කරගෙන මහජන මුදලින් නඩත්තු කරන හැටි 7. කෝටි ගණනක කජු කන හැටි 8. කෝටි ගණන් හොර වන්දි ගෙවන හැටි 9. ඡන්ද කල්දාන හැටි (නීති විරෝධීව) 10. දවස් තුනේ චීන සංචාරෙට, කෝටි ගාණක් දීලා චීන උපදේශකයෙක් පත්කරගන්නා හැටි... තව ගොඩක් තියනවා යෝගා මාත්තියා…, ලියන්න ලැජ්ජයි, දැනට බායි…!

:       27       12

JayasekaraFriday, 21 February 2025 12:50 PM

ඔව් අපි දැක්කා රනිල් අරගලයෙන් වැනසුණු මැති ඇමැතිලාට දීපු වන්දි පාස් කරපු හැටි. මොවුන් තව හිටියා නම් අපිවත් මරාගෙන විකුණන් කනවා. පැරදිච්චි එකම තමයි හොඳ.

:       23       11

ප්‍රියන්තFriday, 21 February 2025 02:32 PM

ඇයි අනේ යෝගා…, අසරණ දුප්පත් කෝටිපතියන්ට ජනාධිපති අරමුදලෙන් කෝටි ගණං දෙනහැටි, යසට තිබුණ පක්ෂයක් දෙකට කැඩෙන තැනට ගෙනත් කාබාසිනියා කරන හැටි. අපි ඒවත් උගන්නමු.

:       15       4

nihal Friday, 21 February 2025 11:15 AM

අසේල ගොන් හිවලෙක්

:       17       5

Gunendra Friday, 21 February 2025 11:37 AM

මාලදිවයිනේ කෙනා "කොමා" තත්ත්වයකින් පසුවූ අයෙක්ද?

:       4       11

පම්පෝරි ජනක Friday, 21 February 2025 11:44 AM

මාලදිවයිනත් බංකොලොත් ද ලංකාව වගේ ? ලංකාව නම් අයිඑම්එෆ් එකට උකස් තියන් තියෙන්නේ , රටක් බංකොලොත් කරන හැටි ඉගෙන ගන්න ඕනේ නම් විතරක් රනිල්ගේ යහපාලන කාලයයි ,මහින්ද පවුලේ සෞඛභාග්‍ය දැක්මයි හොඳින් අධ්‍යයනය කරන්න

:       15       5

Janitha Friday, 21 February 2025 11:55 AM

අම්මෝ ඉතින් මුලු ජිවිතේ ම පචම තමයි

:       4       19

Nandana Saturday, 22 February 2025 08:55 AM

මාලදිවයිනට අබ සරණයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 20 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 90 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 146 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


අනියම්‌ පෙමට ගිනි තබා ගත් පී.සීට බරපතලයි
2025 අප්‍රේල් මස 21 389 0

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට ගිනිගන්නා සුළු ද්‍රාවනයක් දමා ගිනි තබා ගත් බව කියන


’’මගේ ලෝයර් තාම පිටරට’’
2025 අප්‍රේල් මස 21 764 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.


දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩිය එපා
2025 අප්‍රේල් මස 21 559 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 470 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 283 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 435 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site