(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා වී තිබුණු රුපියල් බිලියන 89ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කරයි.
හවුල්කාර රටේ (ශ්‍රී ලංකාවේ) සම්බන්ධ වීම අඩු වීම හේතු කරගෙන එම තීරණය ගත් බව ද එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා අනුමත වී තිබූ එම රුපියල් බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යෑමට, දුගී බව අඩු කරගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටකට ලබාගැනීමට හැකි යැයි එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය පවසා ඇත.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලේනියම් චැලේන්ජ්ලා දෙන්න ගිය බිලියන 89 ඉවත්කරගනී
asela Thursday, 17 December 2020 04:22 AM
කෝ අපේ සජිත්, අරුණ, පාඨලී මල්ලිලා...?
mihira Thursday, 17 December 2020 05:43 AM
පව් එයාලා අපිට ආදරෙට දෙන්න හදලා තියෙන්නේ. අනේ යන්න. ලංකාවෙ හරක්නේ....
LalThursday, 17 December 2020 10:50 AM
ඒ වුණාට ආධාර දෙන රටවල් වලින් වඩිපුරම ලන්කාවට ආධාර හම්බවෙන්නෙ අමෙරිකාවෙන් බව දන්නෙ නෑද්ද? මේ මාසේ අමෙරිකාවෙන් රුපියල් බිලියන 3.5 ලැබුණා... කුඩා ව්‍යාපාර සංවර්ධනයට සහ කාන්තාවන්ගේ රැකියා අවස්ථා වැඩි කරන්න.
BamunuarachchiThursday, 17 December 2020 02:01 PM
හලෝ ගොන් කතා කියන්න එපා. ඉස්සර ලංකාවේ මිනිස්සුත් ඔහොම තමයි අහිංසක ගැමියන්ගේ ඉඩකඩම් අයිති කර ගත්තේ හැමදේටම ආධාර දීලා.. පස්සේ කියනවා ලොකු මුදලක් දෙන්නම් ඉඩම මට ලියන්න කියලා. ඒවාගේ මීට කලින් දුන්න ආධාර කොහොම වෙතත් මේ සැරේ ඉල්ලන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලයට කොරිඩෝවක්. ඒවා හරියන්නේ නැහැ. ඇමරිකාවට කොරිඩෝව, චීනාට හමබන්තොට, ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය, දමිලයින්ට උතුරු නැගෙනහිර, සිංහල දරුවන්ට අපි ඉතිරිකරන සම්පත් මුස්ලිම් ළමයින්ට. සිංහල අපිට වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න.
Nyanannanda Thursday, 17 December 2020 05:48 AM
හොදයි ස්තුතියි.
Channa Thursday, 17 December 2020 07:56 AM
අපට සුද්දන්ගේ සල්ලි එපා. අපි ශ්‍රේෂ්ඨ ජාතියක්... ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි.
De Thursday, 17 December 2020 07:58 AM
අපි මෙවා චීනාට විකුණලා ඉවරයි. ඔයාලා නොගත්තාට කමක් නැහැ.
Thilina Thursday, 17 December 2020 08:14 AM
මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු වුනේ.100% හැමදේම සිදු නොවුනත් මේ වගේ වැදගත් හොඳ දේවල් අගය කල යුතුමයි. එදා මේ ගිවිසුමට විරුද්ධව වචනයක් නොකියපු රතු මල්ලිලා පහුගිය කාලේ කිව්වේ මේක අත්සන් කරලා ඉවරයි කියලා. දැන් ඉතින් එල්ලෙන්න වෙන වැලක් හොයාගන්න වෙයි.
sagaraThursday, 17 December 2020 09:21 AM
හහ් හහ්.... හා... ඇත්තද?
Hafeel Thursday, 17 December 2020 10:31 AM
ඒ වුනාට ඔන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීල ඉවරයි.
BamunuarachchiThursday, 17 December 2020 02:04 PM
රතු මල්ලිලාට එල්ලෙන්න කටුකම්බි වැලක් යවමු. ඒ ගොල්ලන්නට කටුකම්බි හොඳට පුරුදුයි.
Rata PerataThursday, 17 December 2020 05:06 PM
ඇත්ත, ඇත්ත .... අපි කවුද එහෙම නැවෙන්න... දැන් ඇමෙරිකාවට අපෙන් ණය ගන්න වෙයි. බයියන් අඩනවා ඇති. අපට නම් කිසි ප්‍රශ්නයක් නෑනේ. අගමැති 150කට පාටි එකක් දැම්මා. කතානායකට 700ට පාටි එකක් දැම්මා . අපේ බයියන්ට හරිම සතුටුයි.
sunilFriday, 18 December 2020 01:22 AM
ආයේ ඔහේලගේ අය පහුගිය කාලේ දැම්ම පාටි ගැන දන්නේ නැද්ද? අනේ යන්න වහල්කම පෙන්වන්නේ නැතිව..
banda Thursday, 17 December 2020 09:03 AM
බලෙන් සල්ලි කාටවත් දෙන්න එපා. සල්ලි ගන්න කැමැති රටකට මේක දෙන්න.
max Thursday, 17 December 2020 09:09 AM
දැන් අත්සන් කරයි, දැන් අත්සන් කරයි කියල උදේ හවා ප්‍රාර්ථනා කරගෙන, ඊට පස්සේ ආණ්ඩුවට නෙලන්න බලා ගෙන හිටපු සතු මල්ලිලා සහ සජබ අය්යලා කෝ?
Dewa Thursday, 17 December 2020 09:14 AM
ඒකනේ මීළග ඡන්දෙත් ගොඩෙ ගොඩ...
Prasad Thursday, 17 December 2020 01:10 PM
අනේ දෙවියනේ ලොකු දෙයක්... ඕක ලැබුණොත් අපේ අයියලා සාක්කුවේ දා ගන්නවා. රටේ ජනතාව ණය ගෙවනවා.
Demuni Uduwara Thursday, 17 December 2020 02:37 PM
ඉක්මණින් හෝ පසුව හෝ අපට පසුතැවිලි වෙන්න වෙන්න වෙනවා.
Bishan Friday, 18 December 2020 10:31 AM
බයියෝ උඩ පැන්නට. අමෙරිකාවෙන් සර්ට හීන් ටොක්කක් ඇනලා තියෙන්නේ. ඔක ගන්න දැන් පොරකන්නේ නැද්ද බලන්නකෝ.? ඊට පස්සේ රෙද්දක් ඇදන් මේ තීරුවට නම් එන්න එපා...
ජයන්ත පලිහක්කාර Friday, 18 December 2020 11:14 AM
බස්නාහිර පළාතේ නාගරික මාර්ග හා සන්ධි විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර ගැනීමට තිබූ අවස්ථාව නැති විය.