
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩිජිටල්කරණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සඳහාත් ස්ථාවර මූල්‍ය අංශයක් ඇති කිරීම සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය සහ මූල්‍ය ආධාර තවදුරටත් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතාට ප්‍රකාශ කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා අතර පැවති හමුවේදී අලි සබ්රි මහතා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක දී ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් විශිෂ්ට හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය පිළිබඳවත් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන සහාය පිළිබඳවත් ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා එහිදී ප්‍රකාශ කර ඇත.ආර්ථික අර්බුදය උග්‍ර වීම වැළැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව සහ ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩි තාලමක් දැමීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මසට්සුගු අසකාවා සිය ප්‍රසාදය පළ කර තිබේ.
ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අඛණ්ඩව ලැබෙන බව අසකාවා මහතා පවසා ඇත.

2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මූල්‍ය ආධාර තවදුරටත් ඕනෑ