IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිලියන 75 ක දුම්වැටි විනාශයට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

 නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක   බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද  රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා  මිලියන තුනක් පමණ වූ  දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි   රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. 

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව මෙම වසරේ මුල් මාස හයේ දී   සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් දුම් වැටි තොගය මෙසේ විනාශ කිරීමට පියවර ගෙන ඇත .

 ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද  මෙම දුම්වැටි තොගය රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතුවේ.   නීති විරෝධී අන්දමින් ගෙන එන ලද මෙම දුම් වැටි හේතුවෙන් ශ්‍රී ලංකා රජයට  වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික වන බවට ගණන් බලා ඇත .

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙසේ දුම්වැටි ගෙන එන ලද්දේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදා ගනිමින් බවද රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.

 

.

 



අදහස් (2)

මිලියන 75 ක දුම්වැටි විනාශයට

Lalla Wednesday, 04 September 2024 10:02 AM

රාජසන්තක කර වෙන්දේසියට දාන එක නොකර විනාශ කල එකේ තේරුම මොකක්ද?විනාශ කරන්නත් ගෙවන්න ඕන නේද?දුප්පත් රටකට නොගැලපෙන නීති.

:       3       9

Pradeep Kumara Wednesday, 04 September 2024 10:15 AM

රු. මිලියන 75ක් වටිනා දුම්වැටි තොගයට පනවා ඇති බදු මුදල රු. මිලියන 480ක්, ඉතිං හොරෙන් ගේන්න පෙළඹෙන එක පුදුමයක්ද? අනික ඇයි මේ දුම්වැටි තොගය විනාශ නොකර අලෙවි කර රජයට අදායමක් ගන්න බැරි? මීට කලකට පෙර නීති විරෝධීව ගෙනා බව පවසමින් පාසැල් උපකරණ තොගයක් විනාශ කලා. නමුත් ඒවා විනාශ නොකර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට බෙදලා දෙන්න තිබුනා.

:       3       8

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 272 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 290 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7332 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2879 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3572 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6040 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19244 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site