( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
36 හැවිරිදි පුද්ගලයෙකුට රබර් කිරි කපන පිහියකින් ඇන ඝාතනය කර, තමාට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස එම ඝාතනය දුටු නිවැසියන් පිරිසකට මරණීය තර්ජන කල "මොල්ලා" නමැති විත්තිකරුට කළුතර මහාධිකරණය දුන් මරණ දඩුවම අනුමත කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත
තමාට එරෙහිව පැනවූ මරණ දඩුවම බල රහිත කරන ලෙස ඉල්ලා විතාන කංකානමලාගේ අජිත් කුමාරසිරි "මොල්ලා" නමැත්තා ගොනු කල ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය කින් පසුව එහි තීන්දුව ඊයේ (23) ලබා දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදි.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, සහ රත්න ප්‍රිය ගුරුසිංහ යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගය සිදු කෙරිණි.
කළුතර ඇල්ලමුල්ල ප්‍රදේශයේ දී 2001 ජූනි 28 වැනිදා හේවගේ දොන් දයානන්ද නමැත්තා රබර් කිරි කපන පිහියකින් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි.
පිහි ඇනුම් කෑ මරණකරු යාබද නිවසකට දිවගොස් ඇති අතර එහි පැමිණි විත්තිකරු තමන් ට එරෙහිව සාක්ෂි ලබා දුනහොත් මරා දමන බවට එහි නිවැසියන් ට තර්ජනය කල බවට නඩු විභාගයේදී අනාවරණය විය.
එම නඩුව විභාග කල පූර්වගාමී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහි තීන්දුව ලබා දෙමින් විත්තිකරු වැරැදිකරු බවට තීන්දු කර මරණ දඩුවම් නියම කලේය.
එකී තීන්දුව බල රහිත කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මරණකරුගේ මරනාසන්න ප්‍රකාශය ගැන එම නිවැසියන් ලබා දුන් සාක්ෂි විශ්වාසයෙන් තොර බවට මෙම ප්‍රතිශෝදන පෙත්සම් විභාගයේදී විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේය. එසේම පරිවේශනීය සාක්ෂි මත පිහිටා දඩුවම් පැමිණවීමට තරම් විත්තිකරු හඳුනා ගැනීමට සාක්ෂි කරුවන් අසමත් වී ඇති බව ට ඒ මහතා කරුණු ඉදිරිපත් කලේය.
එම කරුණු දැක්වීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කල බව මෙම අභියාචනාධිකරණ තීන්දුවෙහි සදහන් වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මොල්ලා’’ගේ මරණ දඩුවම අභියාචනාධිකරණය අනුමත කරයි
Hafeel Wednesday, 24 November 2021 02:22 PM
එහෙම නම් දියවන්නාවේ ඉන්න කෙනාගේ අභියාචනාවට...
kamal Wednesday, 24 November 2021 02:30 PM
සර්... ඔන්න කරනවා නම් වැඩක් තියෙනවා.
sharm warn Wednesday, 24 November 2021 03:42 PM
අපි ‘‘මොල්ලාට... මොල්ලා අපිට...‘‘ ඊළඟ මැති සබේට අපි මොල්ලාව පොහොට්ටුවෙන් පත්කරමු.