IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවෝ බාර වෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

මැලේසියාවේ සෙන්තුල්හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ක්වාලාලාම්පුර් පොලිසි යට බාර වී ඇති බවත් එම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවත් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.

එම සිදුවීමේදී මියගිය පුද්ගලයන් තිදෙනාම ශ්‍රී ලාංකිකයන් වූ අතර ක්වාලාලාම්පුර් පොලිසිය පසුගිය 22 වැනිදා සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුරු වල දෙඅත් පිටුපසට බැඳ මුහුණු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබිණ.පුද්ගලයන් තිදෙනා මිය යෑමට හේතුව ප්ලාස්ටික් බෑගයකින් මුහුණ ආවරණය කිරීමෙන් හුස්ම හිරවීම බව සෙන්තුල් පොලිස් ප්‍රධානී සහකාර පොලිස් ප්‍රධානී අහමඩ් සුකර්නෝ පැවසුවේය.

මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර  තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයිති යුවලගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එහිදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ යැයි සැක කෙරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බවද ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් පැවසුවේය.



අදහස් (0)

මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවෝ බාර වෙති

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 3280 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1000 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 316 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2039 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1930 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 604 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site