( පුෂ්පකුමාර ජයරත්න )
අලුත උපන් තම බිළිඳා මරණයට පත් වුණේ වෛද්‍ය කණ්ඩායම විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියෝග කළේය.
තම බිළිඳාගේ මරණය සැකසහිත බවට කුරුණෑගල වැල්ලව රිකිල්ලගමුවේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ අනුව කුරුණෑගල නාගරික සුසාන භූමියේ වළ දමා ඇති බිළිඳාගේ සිරුර කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සහ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මේ මස 28 වැනිදා ගොඩ ගැනීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මවගේ පැමිණිල්ල මත වළදැමූ බිළිඳාගේ සිරුර ගොඩගැනීමට නියෝග