(කුෂාන් ජයවර්ධන)
මගේ මහත්තයා රන්පදක්කමක් දිනලා රටට ගෞරවය ගෙනාව කියලා අහන කොට මට හිතට දැනුනේ මහ පුදුම සතුටක්. ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට ගියේ රන් පදක්කම දිනනවා කියලම යැයි ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වූ රන්පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් ඉපලෝගම කාගම 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියශාන්ත මහතා ගේ බිරිස වන ඉසිංකා මධුවන්ති මහත්මිය පැවසුවාය.
තම සැමියා වූ දිනේෂ් ප්‍රියශාන්ත මහතා ජපානයේ ටෝකියෝ නුවර පැරා ඔලිම්පික් තරතාවලියට සහභාගී වෙමින් එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් පසු සිය සැමියා පිළිබදව කතාකරමින් මධුවන්ති මහත්මිය එසේ කීවාය.
හෙල්ල්ල විසි කිරිමේ එම තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද දිනේෂ් ප්‍රියශාන්ත විසින් පිහිටුවා තිබේ. ඒ මීටර් 67.79ක් දුරට හෙල්ල විසි කිරීමෙන් සිය දක්ෂතාවයන් පෙන්නුම් කරමිණ.
රන්පදක්කම් ලාභි දිනේෂ් කලක් ශ්‍රිලංකා යුධ හමුදාවේ සේවය කර ඇති අතර එහිදි දිනේෂ්ගේ අතට සිදුව ඇති වෙඩි වැදීමකින් දිනේෂ් අබාදිත තත්ත්වයට පත්ව ඇත. එයින් අධෛර්යයට පත් නොවූ දිනේෂ් සිය ක්‍රීඩා කුසලතාවන් ප්‍රගුණකරමින් දිරියෙන් කටයුතු කරමින් මෙම ස්ථානය ලබා ගැනීමට කටයුතු කර තිබේ. විවාහකයකු වන දිනේෂ් තිදරු පියෙකි.
දිනේෂ් ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමග දිනේෂ්ගේ ආදරණීය බිරිද ඉසංකා මධුවන්ති සිය සැමියාගේ දක්ෂතාවයන් ගැන ලංකාදීපයට වැඩිදුරටත් මෙසේ ද කිවාය.
ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිවේ හෙල්ල විසිකිරීමේ තරගයට යනකොට මහත්තයා කියලමයි ගියේ රන් පදක්කම දිනනවා කියලම. ඒයා ඒක හරිම විශ්වාසයෙන් කිවා. අපි හැමෝගෙම ආශිර්වාදයත් ඒකට තිබුනා. එයා දරුවන්ටත් හැම වෙලාවෙම කිව්වේ හැම වෙලාවෙම අධිෂ්ඨානයේන් කටයුතු කරන්න එතකොට කවදාවත් පරදින්නේ නෑ කියලා. ඉතින් එයා ඒ ආදර්ශය අද දරුවන්ට දුන්නා. මගේ මහත්තයා අද අපේ දුෂ්කර ගම රට ලෝකයේ ඔසවා තැබුවා ඒ ගැන මට හරිම ආඩම්බරයි. දරුවන්ටත් එහෙමයි. දිනේෂ් පුංචිකාලේ ඉදලම බොහෝම දුක් විදපු කෙනෙක් එයා සාමාන්‍යෙයන් ඉලක්කයක් අරමුණක් තිබුණම ඒ ඉලක්කයට අරමුණට යනවමයි.දිනේෂ් පුංචි කාලේ ඉදලම ක්‍රීඩාවට දක්ෂයි. දිනේෂ් යුද හමුදාවේ වසර ගනනක් සේවය කළා රට බේර ගන්න එහෙම යුද්ධයේ යෙදිලා ඉද්දි තමයි දිනේෂ් ගේ අතට වෙඩි වදින්නේ . වෙඩි වැදිලත් එයා කිලෝමීටර් ගානක් තනියම ඇවිත් තියෙනවා. ඒ අතින් එයාගේ හිත හරි ශක්තිමත් එයා ලබපු මේ ජයග්‍රහණය රටට ආඩම්බරයක් බිරිද ලෙස මගේ සැමියා රටට ගෙනාව මේ තෞරවය ගැන මමම ඉතාමත් සතුටු වෙනවා.
දිනේෂ් ගේ වැඩිමහල් පුතා සෙනද නෙනුවන් සිය පියාගේ ජයග්‍රහණය ගැන කීවේ මෙවන් දෙයකි.
මගේ තාත්තා ඔලිම්පික් යන්න කලින් අපිට කියලා ගියේ කොහොම හරි රන්පදක්කම ගේනවා කියලා. ඉතිං අපිත් ඒ ගැන ගොඩක් සතුටු වුණා මගේ තාත්තා අද මගේ රට ලෝකයේ බැබලුවා . ඒ ගැන අපේ පවුලේ අයට තියෙන්නේ පුදුම සතුටක් කාලයක් තාත්තා හමුදාවේ හිටියා ඊට පස්සේ තමා තාත්තට වෙඩි වැදිලා ආබාධිත වුනේ. ඒත් තාත්තා ඒ ගැන හිතුවේ නැහැ අපිට හැම වෙලාවෙම කියන්නේ හොදට ඉගෙන ගෙන රට ලෝකයේ බලලවන්න කියලා. මමත් ලොකුවෙලා තාත්තා වගේම රට ලෝකයේ බබලවනවා. මගෙත් අරමුණ දැන් ඒක. මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි අපි තාත්තා ලංකාවට එනකල් මග බලාගෙන ඉන්නවා.
ටෝකියෝ පැරාඔලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියශාන්ත ඉපලෝගම කාගම ධාතුසේනපුර විද්‍යාලයේ ආදි ශීෂ්‍යකු ද වන්නේය.
ශ්‍රී ලංකාව රනිනන් සැරසූ දිනේෂ්ට ලංකාදීපයේ සුභපැතුම්ද අපිමෙලෙස එක්කරමු.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මව්බිම රනින් සැරසූ දිනේෂ් ගේ බිරිය කියන කතාව
Nihal Tuesday, 31 August 2021 11:37 AM
මේ ආඩම්බරය ඔලිම්පික් රන් පදක්කම අපේ දැන් . ජය වේවා සුබපැතුම්
Shanthi.pushpa kumari Thursday, 02 September 2021 10:33 AM
වාසනාවන් ඔබ මගේ රටට