(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලිනි.
තංගල්ල නුගේගොඩ ගම්පහරත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32,27,24,24,20 වශයෙන් මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර දිවයින පුරා 2018- 2022 අතර කාල පරිච්ඡේදයේදී බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තාවී ඇතැයි පවසන එම වාර්තාව ඉන් අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බවද ප්‍රකාශ කරයි.
රටේ බල අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි එම වාර්තාව නිර්දේශ කරයි.
මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳීම් ආ කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ගෙවල් බිඳීම හා කොල්ලකෑම යන බල අපරාධ විසඳීම ගත් විට පසුගිය වසර හයේදී අඩුම විසඳීමේ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේද පසුගිය වසරේදීය
මේ අතර කාන්තාවන්ට එරෙහි බල අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරයි.
කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරයි.
පසුගිය වසරේදී මෙම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළද අපරාධ වාර්තා වීම වැඩි වී තිබූ බව පවසන විගණන කාර්යාලය අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාස දහයට 488ක් මරා දාලා
රංබොඩ Saturday, 27 July 2024 06:18 PM
මේවා නතර කරන්න බෑ. කට්ටිය උසාවි යනවානේ. අල්ලන අල්ලන එකත් උසාවියෙන් එළියට යනවා. මේන්න මේ සිදුර වහන්නේ නැතිව මේවා මොකුත් නතර කරන්න බෑ...
පුෂ්පා Sunday, 28 July 2024 09:55 AM
අනේ මංද, මං ඉන්න රටේ නම් මේවා රිපෝට් කරන්නෙ පොලිස් දෙපාර්තමේන්තුව හෝ සංඛ්‍යාලේකන දෙපාර්තිමේන්තුව. අපේ රටේ විගනන කාර්යාලය. විගනනයෙන් කී දෙනෙක් මහා පරිමාන හොරැ අහුවෙලාද කියලත් රිපෝට් කරනවා ඇති කියලාත් හිතනවා. මහා පරිමාණ හොරකම් ඔය මැරකම් වලට ප්‍රධාන හේතුවක්.