(අංජුල මහික වීරරත්න)
වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිල ඉහළ මට්ටමක පවතින නිසා එළවළු ගොවීන් අසීරුතාවන්ට ලක්ව ඇති බවයි.
එම නිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යූරියා අඩුවට