IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මහ ඡන්දයට වෙනත් දිනයක්?

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ  ඔක්තෝබර් මස 04 වැනිදා  සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී  ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව කියති.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා  දෙති.

එමගින් ජනතා පරමාධිපත්‍ය  උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.

මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය  බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.



අදහස් (30)

මහ ඡන්දයට වෙනත් දිනයක්?

යෝගා Saturday, 26 October 2024 11:12 AM

14 වැනිදා දිනය තීරණය කලේ කාගේ වුවමනාවටද? 15 පෝය, 16 සෙනසුරාදා තමයි සුදුසුම දිනය. ආර්ථිකය දුර්වල රටකට වැඩ කරන සතියේ දිනයක් ඡන්දයක් වෙනුවෙන් නැති කරගන්න එක මෝඩ වැඩක්.

:       10       160

RangeSaturday, 26 October 2024 02:26 PM

ජේවීපී ඉල් මහ විරු සමරුව තියෙන්නේ නොවැම්බර් 13. ඒකට පස්සෙන්දා ඡන්ද විමසීම තිබ්බාම තව ඡන්ද ටිකක් විතර වැඩිවෙයි. කියලා හිතන්න ඇති...!

:       44       126

vihangaMonday, 28 October 2024 10:18 AM

16 සෙනසුරාදා තියන එකේ ප්‍රාෙයා්ගික ගැටළු ගොඩක් තියනවා 15 පෝය ලංකාවේ ගොඩක් පන්සල් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගන්නවා 16 ඡන්දේ තියනවා නම් 15 දවල් 12 විතර වෙද්දි ඒ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ගෙනියන්න ඕනි 15 පන්සල් වල සීල ව්‍යාපාර, කඨින පිංකම් ගොඩක් තියනවා සහ ඒවා හවස් වෙනකන් තියනවා එතකොට ඒ මධ්‍යස්ථාන පහුවදා ඡන්දෙකට ලෑස්ති කරන්න බැහැ ප්‍රා යෝගිකව අනික එහෙම දාලා සීල ව්‍යාපාර කරන්න එපා කිව්වොත් කාටහරි මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන් ආගමික අයිිතිය උල්ලංඝනය කරා කියලා ඉතින් ගොඩක් දුරටවෙන්නෙ ඡන්දෙ ඊළඟ සතියට තල්ලු වෙන එක මොකද මැතිවරණ පනත අනුව රජයේ නිවාඩු දිනයක ඡන්දය පැවැත්විය නොහැති නිසා කොහොමත් 17 ඉරිදා ඡන්දය තියන්න බැහැ ඊළඟ සෙනසුරාදා ඒ කියන්නෙ 23 වෙනිදා ඡන්දය තිබ්බොත් ගණන් කිරිමේ මධ්‍යස්ථාන විදියට ගන්න පාසල් 25 වෙද්දි විභාගයකට සූදානම් කරන්න අමාරුයි මොකද මනාප ගණන් කරන නිසා 24 හවස් වෙනවා ගණන් කරල ඉවර වෙද්දි එතකොට මැතිවරණයේ ගබඩා දුව්‍ය අනෙක් ද්‍රව්‍ය ඉවත් කරනකොට මධ්‍යම රාත්‍රිය පහු වෙනවා ඒ නිසා ගොඩක් දුරට 22 සිකුරාදා ඡන්දය තිබ්බොත් ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබෙනවා

:       0       1

Udukumbura Saturday, 26 October 2024 11:13 AM

ලොක්කන්ට ගැලපෙන ආකාරයට නැකැත් පත හදාගෙන හිටියා.. දැන් මොකද වෙන්නේ කියලා බලාගෙන සිටිමු. කොහොම වුණත් ලංකාවේ මිනිස්සු හැමදාම රැල්ල පාගන්න කැමතිනේ...

:       25       94

Jayasekara Saturday, 26 October 2024 11:46 AM

ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන්නේ මේවා නිසා නෙවෙයි. ජනතා පරමාධිපත්‍යෙයන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඊට පස්සේ ගෙම්බන් වගේ පක්ෂේ මාරුකරනකොට.

:       90       97

Nelu Saturday, 26 October 2024 12:04 PM

15 පෝය දවසේ නම් එපෝ... අපේ ගම්පළාත් වල පන්සල් දෙක තුනක කඨින පිංකම් 14/15 දෙකේ. සෙනසුරාදා අල්ලලා තියන්න ඉරිදාත් නිවාඩු දිනයක් නිසා ඇඳිරි නීතිය දැම්මත්..!

:       5       86

SurangodaSaturday, 26 October 2024 03:57 PM

කඨින පිංකම වගේද අවුරුදු 76ක් ජනතාව පීඩාවට පත්කළ ආණ්ඩුව එලවා දමා යාන්තම් බලය ගත්තු වෙලාවේ අලුත්ම ආණ්ඩුව තුනෙන් දෙකක් අරගෙන බලවත් ආණ්ඩුවක් හදන්න තියෙන හොඳම දවසක් ආයේමත් නොලැබුණොත් මොකද කරන්නේ... ඒකනේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒ නිසා කෑනොගහ ඉන්න නෙලූ...!

:       72       14

Nelu Saturday, 26 October 2024 05:47 PM

වැරැදි වැඩ කරපු අයව එළවලා එන්න හදන අයත් රටේ ජනතාව අපහසුවට පත්වන දේ දැනදැනම කරනවා නම් ඒක හරිද? රටේ පිළිගන්න සංස්කෘතියක් තියෙනකොට මොකක් හරි ආගමක විශේෂ අවස්ථාවක් තිබෙන වෙලාවේ ඒක දැන හෝ නොදැන හෝ අනර්ථයට වැටෙන ලෙස වැඩ කරන රජයක් ගැන කිසිම ආගමකට විශ්වාස තියන්න පුළුවන්ද? අමතක කරන්න එපා අපේ රටේ බොහෝ දෙනෙක් කුමක් හෝ ආගමක් සමග සම්බන්ධ අය බවත් එය රටේ සමාජයේ බැඳීම් සඳහා අත්‍යවශ්‍ය බවත්. ආගම් ප්‍රශ්න හෝ ව්‍යවස්ථාවේ සඳහන් දින ප්‍රශ්න ගැන හෝ නොදැන කරපු දෙයක් නම් ගොන්කමේ කෙළවරක් නැති බව තමයි කියන්න තියෙන්නේ. එහෙම අයට ඡන්දය දීලා අරුන් කාලා ගිහින් ඉතුරු වුණු ටිකත් නැතුව යාවිද දන්නේ නෑ. අලුත් මැතිවරණ කොමිසමත් එක එකා කාට හරි කන්න දෙන එක පස්සේ එලවනවා මිසක් ඔය දවස් ගානේ වැරැද්ද දැක්කේ නැද්ද?

:       3       63

JanahithaSaturday, 26 October 2024 06:37 PM

බුදු දහමට නිගාකරන හැටි? කතෝලික, මුස්ලිම් ජනතාවට දූෂිත පාලන රටවටා... සියලු දේට වඩා තම දහම උතුම් ... !

:       2       4

කුමාර Saturday, 26 October 2024 12:29 PM

මෙච්චර වැදගත් වැඩකදී මේ වගේ සරල ගාණක්වත් හදාගන්න බැරි අයද ඔය කොමිසමේ ඉන්නේ? අනේමන්දා...

:       43       41

තිලින Saturday, 26 October 2024 12:40 PM

වේදිකාවල දුන්නු පොරොන්දු ඉටු කරන්න බැරි බව දන්නා නිසා ජනපතිවරණ ජයෙන් පස්සේ හැකි ඉක්මණින් ඡන්දය තියන්න කඩිමුඩියේ වැඩ කරන්න ගියාම වෙන දේවල්...!

:       23       84

JanahithaSaturday, 26 October 2024 06:39 PM

මෙන්න තවත් කෙනෙක්... පොහොට්ටු සන්ධානයෙන්ද? එහෙමත් නැතිනම් සජබයෙන්ද?

:       20       3

එරන්ද Saturday, 26 October 2024 12:43 PM

14 තමා හොඳම දවස, වෙනස් කරන්න එපා...!

:       60       19

හිරාන් Saturday, 26 October 2024 12:44 PM

අයි එම් එෆ් එක කියන්නෙු ණය දෙන ආයතනයක්. මේ ආන්ඩුවේ කට්ටිය දුන්නු ඡන්ද පොරොන්දු ඉටු කරන්න ගියොත් ණය ගන්න බැරිවෙන නිසා තැටිය රත් වුණු වෙලේ රොටිය පුච්චා ගන්න හදිසියට ගිහින් අලුතෙන් තව වියදම්...!

:       9       52

සන්ජීව Saturday, 26 October 2024 12:46 PM

යාන්තම් රනිල් ජනපතිවරණය නියම දිනේට පැවැත්තුවා. මෙයාලාට ඒකවත් හරියට කරන්න බැහැ...

:       24       76

sweneSunday, 27 October 2024 07:18 AM

රනිල් ඡන්ද නොපැවැත්වූ බවත් සිහි කරන එක හොඳයි.

:       0       0

නලින් Saturday, 26 October 2024 12:54 PM

පුළුවන්නම් ඔය ඡන්දය කලින් තියලා දෙන්න. මේ යන විදිහට ගියොත් උගන්ඩාවේ සල්ලි ගේන්න අපිටත් යන්න වෙනවා. බොරු පොරොන්දු ටික එළිවෙද්දී.

:       23       86

සාලිය​ Saturday, 26 October 2024 12:56 PM

මහා බුද්ධිමතුන්.. දැන් දවස් 35 ගනින්නත් තේරෙන්නේ නැහැ. මොන්ටිසෝරි ළමයින්ට පුළුවන් දේත් බැරිය​...

:       14       63

Nandalal DE SILVA - France Saturday, 26 October 2024 02:30 PM

බලය ලැබුණු ගමන්ම, මහ ඡන්දයක් තියාගන්න ගිහින් ඒකත් අනාගත්තා. ගණන් බැරි අය කොහොමද අයි.එම්.එෆ් එක සමග ඩීල් දාන්නේ...? කියලා අනිකුත් දේශපාලන පක්ෂ නායකයෝ හුරේ දමනවා.

:       13       66

ගමේ එකාලා Saturday, 26 October 2024 02:49 PM

ඡන්දේ පවත්වන දිනය විතරක් හරියට තිබුනොත් ඇත්ද? අනික් දේවල් යකාට ගියත් කමක් නැහැ...!

:       49       13

සමන් Saturday, 26 October 2024 03:01 PM

ජාතික ජන බලවේගයට මෙම දිනය අසුබ බව ජාතික ජන බලවේගයට කඩේ යන ජ්‍යොතීර්වේදියෙක් කියනවා. රවි ග්‍රහයා නීචවෙලා තියෙන නොවැම්බර් මැද දක්වා හොඳ නැති බවත්, ශනි සහ ගුරු වක්‍රවෙලා තියෙන නිසා මේ කාලය තව දින කීපයක් පසුකරන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ කතාව ජ්‍යෙතිෂ්‍යට අනුව සත්‍යයක්. රවී නීචවෙලා තියන කාලෙට ඕනෑම නායකයෙක් පච වෙනවා. ඒක වෙලා තියෙන බවත් පේන්නම තියෙන නිසා තමයි ඔය දිනය වෙනස් කරන්න යන්නේ...! 

:       33       28

සුරගුරු Saturday, 26 October 2024 05:20 PM

16 දින සෙනසුරු නිවෘත වෙන අතර රවිගේ නීචය පසුදා ඉවත් වෙනවා. එය බලාගෙන ඡන්දය කල්දැමීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. කලබල වුණාම කොරොස් කටෙත් අත දාන්න බැහැ කියන්නේ ඕකට තමයි..

:       19       7

පුරවැසියා Saturday, 26 October 2024 03:12 PM

පාඨක අදහස් වලින් පේන්නේ ජනාධිපතිවරණයෙන් පසුත් දේශපාලන අඳබාලයන් සිටින බවයි...!

:       67       24

Akila Saturday, 26 October 2024 03:29 PM

මැතිවරණය පවත්වන දිනය ප්‍රධාන පක්ෂ කිසිම එකකට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. අපේ රටේ ඉන්නවා නිකන් කැසිල්ලට හැම එකකටම පෙත්සම් ගහන එවුන් ටිකක්, උන්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

:       65       19

පිටරැටියා Saturday, 26 October 2024 04:04 PM

ජනාධිපතිවරණය පැවැත්වෙන එකටත් නොයෙකුත් උප්පරවැට්ටි දැම්මා. මහ මැතිවරණයටත් දිනය අල්ලාගෙන දඟලනවා. බලාගෙන ගියාම අපේ රටේත් ඉන්නේ පුදුම ජාතියක්...!

:       39       16

Deshapriya Saturday, 26 October 2024 04:15 PM

මැතිවරණයේ දිනය වෙනස්වීම ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් සිදූ නොකරනු ඇත. දිනය වෙනස්කිරීම ව්‍යවස්ථාවේ ඇති වගන්ති මත කිසිවෙකු විසින් අභියෝගයට ලක් කිරීමක් පමණි. කොහොමත් ලංකාවේ ව්‍යවස්ථාව රටේ ප්‍රගමනයට වඩා බලයේ හිටපු අයගේ බලය වැඩි කිරීමට සංශෝධන කරපු එක ලියවිල්ලකි. රටේ නීති හදන්න ගිය කිව්වට තවම සුද්දාගේ කාලේ නීති ක්‍රියාත්මකයි. ඡන්ද දිනයෙන් මානව හිමිකම් කඩවීමක් සිදු වී තිබේද?

:       5       0

Deepthi Saturday, 26 October 2024 04:57 PM

1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවට ඡන්දය පැවැත්විය යුත්තේ නාම යෝජනා බාරදීමේ අවසාන දවසේ සිට තුන්වන සහ අටවන සති අතරයි. ඒ නිසා නොවැම්බර් 14 දිනයේ අවුලක් මට නම් පෙන්නේ නැහැ.

:       23       4

Asela Saturday, 26 October 2024 07:07 PM

මේක හරියට අවුරුදු ලැබුවා වගේ වෙලා...

:       0       0

සමිත් Saturday, 26 October 2024 08:11 PM

ඡන්දේ තියෙන දවස වෙනස් කරත් ප්‍රතිඵලයේ වෙනසක් නැහැ කියලා තේරුම් ගන්න ඕනෑ...

:       2       9

Bunny Preena Monday, 28 October 2024 09:24 AM

විරුද්ධ පක්ෂ වලට රස කර කර කතා කරන්ඩ අලුත් මාතෘකාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 131 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 21 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 463 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 261 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1264 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1097 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site