(ෂේන් සෙනෙවිරත්න)
භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ,මල්වතු පාර්ශවයේ මහා නායක, වර්කාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායකය ,කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක ,මකුලාවේ ශ්‍රී විමලාභීන රාමඤ්ඤ මහ නිකායේ මහානායක මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ .
ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකා ගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ගරු ජනාධිපතිතුමන් ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇත .
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා නා හිමිවරුන්ගෙන් ජනපති ලිපියක්
ranjith Sunday, 03 March 2024 06:59 PM
බුද්ධ ශාසනේ විනාශ කරන්න වෙර දරන කුමන්ත්‍රණ කාරයින්ට උපරිම දඬුවම් ලබාදෙන්න.
G. K. Ekanayake Sunday, 03 March 2024 10:19 PM
මහානායක ස්වාමින්වහන්ස, ඔබ වහන්සේලාට ලියුම් ලියනවාට එහා ගිය තව පියවරක් තබන්න බැරිද? අවම වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක්? එතකොට මාධ්‍ය හරහා රට දැනුවත් වෙනවා. ඔය ලියුම් රනිල් බලන්නෙත් නෑ.
නදුල අබේසිංහ Wednesday, 06 March 2024 09:33 AM
ධර්මය නොදන්නා අය තමයි හොදටම කළබල වෙලා ඉන්නේ. අපිට පොඩි කාලේ සිට මේ දක්වා පංසල්වලින් කියල දීලා තියෙන්නේ ධර්මයක් නොව ආගමක් බව අවබෝධ වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අති පූජනීය වූ ගෞරවණීය මීමනපලානේ ස්වාමීන් වහන්සේගේ "සංදේශනාව", "ද්වතාවය", "තිපරිවට්ටය" යන දේශණ ශ්‍රවණය කිරීමෙන් පසුවය. ඔබලාත් එම දේශණා ශ්‍රවණය කරලා බලන්න. එවිට ඔබට අවබෝධවේවි නියම සිරි සද්ධර්මය මොකක්ද කියලා. ගෝතම බුදුන්වහන්සේ විසින් පෙන්වා දුන් සිරි සද්ධර්මය තියෙන්නේ අදහන්නවත්, කටපාඩම් කර ගන්නවත් නොවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නයි. බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තමන් ඇසූ ධර්මයක් ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීමක් සිදුකළ යුත්තේ එම දහම ණය-විනයට බහා ගලපා හේතුඵල දහම අනුව සැසඳෙන්නේදැයි කියා සොයා බැලීමෙන් අනතුරුවයි. ගරු ජනාධිපති තුමා විසින් සිදුකළ යුත්තේ ගෞරවණීය මීමනපලානේ ස්වාමීන් වහන්සේගේ දේශනා තහනම් කිරීමවත්, උන්වහන්සේ සිරගෙට යැවීමවත් නොවේ. උන්වහසේ දේශණා කරන කරුණු සත්‍යදැයි සොයා බැලීමය. එය සිදුකළ යුත්තේ ස්වාධීන පුද්ගලයින්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක් පත්කිරීම මගිනි.