
(නිමල් ජයරත්න)
දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජිවත්වන පවුල් ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් සිටින පොලොන්නරුවේ මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයි 900 ආසන්න ප්‍රමාණයක් සිටින බව පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පවසයි.
ඉතා වැඩියි තවත් පිරිසක් දවසට වේල් දෙකක් හෝ එකක් කාලා ජීවත් වෙනවා. ඒ අයට අපි එක වේලක් දෙවේලක් ආහාර පාර්සලයල් දීලා කුසගින්න නිවන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඒක සාර්ථක උත්තරයක් නෙමෙයි, නමුත් තාවකාලිකව එවැනි දේත් අපි කරනවා, ඒ අයට යම් කිසි ජීවන තත්වය නගා සිටුවන්න වෘත්තීය මට්ටමෙන් යමක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා
දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව සඳහන් කළේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව සංවිධානය කරන ලද වැඩසටහනකට ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
ශ්‍රි ලංකා ගැලවීමේ හමුදාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා, ඔබ අපි කවුරුත් දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගය සමග දහස් ගණන් ජීවිත බිල්ලට යනකොට මේ දරුවා මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය නොමැති කමයි. මේ ගැටලුවේදී ගැලවීමේ හමුදාව දිස්ත්‍රික්ක මා දන්නා තරමින් පානීය ජල ව්‍යාපෘතිය 25කට වඩා ක්‍රියාත්මක කරලා විසඳුම් ලබාදීලා තියෙනවා, වකුගඩු රෝගියකුට මාසෙකට දීමනාවක් දුන් නැතිනම් ඒ පවුල්ට ඒක විශාල වශයෙන් දැනෙනවා ඒ තරමටම මේ ප්‍රශ්නේ කිදා බැහැලා තියෙන්නේ,මේ ප්‍රශ්නවලදී ගැලවීමේ හමුදාව සිදුකරපු කටයුත්ත අපි අගය කළ යුතුයි,

2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහ පැරකුම් අඩවියේ දරුවෝ 900කට කන්න නෑ
දුශ්මා Thursday, 16 March 2023 07:56 AM
මෙවැනි පුවත් වලට දේශපාලන පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ නම හා පොටෝ නොදා රාජ්‍ය නිලධාරින් පමණක් ඈදන්නේ ඇයි?
ලීල් Thursday, 16 March 2023 04:04 PM
උන් එකෙක් හරි ඔතන හිටියනං මේ මනුස්සයා ඔය කතාව කියන්නේ නෑ. හෙට අනිද්දාට ලංකාදීප පත්තරේම ප්‍රවෘත්තියක් යයි සමහරවිට පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා ගේ වැඩ තහනම් කරා කියලා
C.K.Lankaputhra Thursday, 16 March 2023 08:03 AM
වහාම පොලොන්නරුව දිසා ලේකම් තුමාගෙ වැඩ තහනම් කරන්න. ඔය වගේ කතාවක් කිව්වා කියල අර දොස්තර මහත්තයෙකුගෙ වැඩ තහනම් කෙරුවෙ. මෙහෙ එහෙමනෙ වැඩ සිදු වෙන්නෙ.
ජයරත්න Thursday, 16 March 2023 12:23 PM
පොළොන්නරුවෙන් බිහිවූ බව කියන පැරකුම්බා කොළඹට වෙලා සුර සැප විදිනවා . ගමේ ජනතාව කුසගින්නෙ.
fairoos Thursday, 16 March 2023 01:10 PM
පොලොන්නරුව කියන්නේ ලංකාව නෙමෙයි .මීට රනිල්