IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මහ පෑවිල්ලේ තඹලවැව හිස් කරලා:මාළු ලක්ෂ ගණනක් මිය ගිහින්

(චාපා මධුභාෂිණී)

පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව  සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන බව ද ගම්වාසූහු චෝදනා කරති.

මීට පෙර අවසථාවකද මෙම සොරොව්ව ප්‍රතිසංස්කරණය කළ යුතු බව පවසා වැවේ ජලය හිස් කළ ද එවර ද සොරොව්ව ප්‍රතිසංස්කරණය නොකළ බව ගම්වාසූහ් චෝදනා කර සිටියහ.

මෙම අවස්ථාවන් දෙකකදීම මසුන් මැරීම නිසා ලොකු කුඩා හැමෝම දැඩි අපහසුතාවයට පත්ව තිබේ. 

හතමුණ, 6 ඇල, 12 ඇල, නාග පොකුණ, චන්දන පොකුණ යන ප්‍රදේශ රැසකට ජලය රැගෙන යාමට ගිරිතලේ ජලාශයේ ජලය ඒක් රැස් කිරීම සදහා මෙම වැව ඉදි කර ඇත.

වැවේ ජලය හිස් කිරීම හේතුවෙන් ඉදිරියේදී ප්‍රදේශ රැසක ජනතාවට සිය වගා කටයුතු සිදු කිරීමට බාධා ඒලලවිය හැකි බවද ඔවුහු චෝදනා කරති.

තඹලවැව ජලාශයේ  අක්කර අඩි 2500 වැඩි ප්‍රමාණයක් ජලය ගබඩා කළ හැකියි.  ජලය හිස් කිරීමත් සමග අවට ජල මූලාශයන්ගේද ජල මට්ටම විශාල ලෙස අඩුව ඇති බව ද ඔවුන් වැඩිදුරටත් කීහ.

මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් නෑමට මෙම වැවට පැමිණි ඇත. සතුන් විශාල පිරිසක්ද බීමට ජලය සොයා රංචු වශයෙන් පැමිණි බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

ජලය හිස් කිරීම හේතුවෙන් මිනිසුන්ට පමණක් නොව සතාසිවුපාවට පවා මෙය මහත් සේ බලපා ඇත. 

පසුගිය අවස්ථාවේ ජලය හිස් කළ අවස්ථාවේ ලබා ගත් මිනුම අස්ථානගතවීමත් වී නැවතත් මෙම වැව හිස් කළා ද යන්න ප්‍රදේශවාසීනුට ඇත්තේ දැඩි සැකයක් මතුව තිබේ.

මේ චෝදනාව සම්බන්ධයෙන් මින්නේරිය ප්‍රදේශීය වාරි ඉන්ජිනේරු ඒච්.පී.එම් ජයතිලක මහතාගෙන් සිදු කළ විමසුමකදී ඔහු කියෙ.

පෙර අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ජලය හිස්  කළේ නෑ.  මෙම අවස්ථාවේ ජලය හිස් කර මිනුම් කටයුතු සිදු කළා. තවද ලබන මාස් කන්නය ආරම්භ කිරීමට පෙර මෙම වැවේ වාන් දොරටුව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීම මූලික අරමුණයි.

 



අදහස් (0)

මහ පෑවිල්ලේ තඹලවැව හිස් කරලා:මාළු ලක්ෂ ගණනක් මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1798 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2004 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1430 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 292 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 784 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site