IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මුදල් රාජ්‍ය  ඇමැති  අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට  එරෙහිව  හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද(03) තීන්දු කළේය.

මෙම පෙත්සම කිසිදු  නීතිමය පදනමක් නැතිව ඉදිරිපත් කර ඇති බැවින්  එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි  නීතිපතිවරයා   ඉදිරිපත් කළ විරෝධතාවය පිළිගනිමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

 සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන  මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දන ලදී.

අධිකරණය හමුවේ සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මෙම  පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව ගොනු කල මෙම පෙත්සම විභාගකිරීමට අභියාචනාධිකරණය ට අධිකරණ බලයක් නොමැති  බවත් ,පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම තුළ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු රැසක් ඇතුළත් කර ඇතැයිද   අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.  

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර වරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු යන අය නම් කර සිටිති.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික විගණනයක් සිදුකළ බවත් එම වෝහාරික විගණන වාර්තාවට අනුව වග උත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ 2005 සහ 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4 ත් 10.6 අතර පාඩුවක් සිදුවී ඇති බව වාර්තා ගත කර ඇති බව පෙත්සමෙහි සදහන් වේ.

එසේම  ඒ මහතා මූලිකත්වය දැරූ හෙජින් ගිවිසුම හරහා ද ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක  පාඩුවක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඔහු මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බව ද  පෙත්සමෙහි සදහන් වේ

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ අලාභ ඇතුළත් වෝහාරික විගනන වාර්තාව එම බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔහුට එරෙහිව නීතිමය  පියවර ගෙන නොමැති  බවට  පෙත්සම්කරු පෙන්වා දී තිබිණි.

එබැවින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මගින් චෝදනා ලැබ සිටින  අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගු වට ගෙන රදවා තබා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද, ඔහුට  එරෙහිව   නීති මගින් කටයුතු කරන ලෙසට සහ නඩු  පැවරීමට පියවර ගන්නා ලෙසද පොලිස්පති වරයා,   නීතිපති වරයා   ට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥා  නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මගින් වැඩි දුරටත් සදහන් කළේය.

එසේම   ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන්  අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් යොමුකර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු  ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස   ක්‍රියා කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.



අදහස් (7)

මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි

Ratne Wednesday, 03 November 2021 12:03 PM

බල්ලට ගිය රටේ, බලය අවභාවිතය, වංචාව, දූෂණය, ... පැතිර ගොස් ඇති අතර එය නීතිය මඟින් නිවැරදි කිරීමේ අවස්ථාවන් ද නීති සංශෝධන මඟින් අවහිර කර ඇත.

:       3       26

fairoos Wednesday, 03 November 2021 12:44 PM

අර්ජුන් මහේන්ද්‍රන්ට පුළුවන් නම් ඇයි කබ්රාල්ට බැරි? රටට අබ සරණයි...

:       11       6

sweneWednesday, 03 November 2021 01:36 PM

අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු කියා චෝදනා කළාම අයින් කළා... එයාට පුළුවන් වූයේ ඊට පෙරයි...

:       0       10

kusumadasa liyanage Wednesday, 03 November 2021 01:28 PM

හොරුත් ඒ අයගේ, බඩුත් එයාලගේ නම් තව මොන කතාද?

:       0       17

sharm warn Wednesday, 03 November 2021 01:41 PM

අලි බබා සහ හොරු 40 කතාව මතකයිනේ... අවුලක් නැහැ... ඒ කතාවෙත් හොරු යහතින් ගියේ නැහැ.

:       2       15

Rohana Wednesday, 03 November 2021 03:39 PM

හොරුන්ටම බලය ගිය රටේ මෙවැනි හොරකම් ඇල්ලීමට නීතියටවත් ප්‍රතිපාදන නැතිලු...

:       1       5

අතුල සෞදි Wednesday, 03 November 2021 04:07 PM

ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් (CaFFE සංවිධානය) යැයි අපද සිතු කීර්ති තෙන්නකෝන්ලා කිසිම හිරිකිතයක් නැතුව 2015-2020 කාලයේ මහ ඇමතිකමක් ගත්තා. මේ ළඟකදී ඉඳන් ආයෙන් ස්වාධීන කරලියට ඇවිල්ලා. මේ වගේ මිනිස්සු කිසිම පක්ෂයකින් ලංකර නොගත යුතුයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 858 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 323 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 970 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 97 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 680 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2346 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site