IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවීමත් ණය පැහැර හැරීම පිළිබඳව ඇමෙරිකාවේ ගොනුකර ඇති නඩුවෙන් බරපතල තීන්දු ලැබිය හැකිවීමත් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින්  ‘කෝප්’ කමිටුවේ සභපාති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාට ලිපියක් යොමු කර තිබේ.

ණය පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා රජයේ ආදායම් මෙරටට ලැබීමට පෙර ඝණිකෘත කොට තහනමට ගැනීම ඇතුළු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් රටක් ණය ගෙවීම පැහැර හැරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන බවත් ‘‘වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ‘‘ යොමු කළ එම ලිපියේ සඳහන්ව තිබේ.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතාගේ අස්සනින් යුත් එම ලිපියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුව තිබියදී  මහා බැංකු අධිපතිවරයා මුදල් ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා නොසළකා කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබේ.  



අදහස් (4)

මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්

Sunil Monday, 18 July 2022 04:35 PM

ආචාර්ය නන්දලාල් වීරසිංහ යනු රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව හසල දැනුමක් සහ බුද්ධියක් ඇති කෙනෙක්. අපේ අතේ ඇති සොච්චමෙන් ණය වාරික ගෙව්වොත් අපේ ජනජීවිතය තවත් බරපතල ලෙස කඩා වැටෙයි. ඒ නිසා එතුමා යෝජනා කරන විදිහට වැඩ කරමු...

:       0       0

Truth Monday, 18 July 2022 05:41 PM

ඔය මහබැංකු අධිපති කියන පුද්ගලයා අද ඊයේ මහ බැංකුවට මුලින්ම පත්වීමක් ලැබූ නිලධාරියෙක් නෙමෙයි. මොහුගේ පැටිකිරිය අවුරුදු බරගානක් පස්සට දිවෙනවා. එම අතීත ක්‍රියාවන් පිළිබඳවත් විභාගයක් කළ යුතුයි. කොටස් වෙළඳපොලේ ඊ.ටී.එෆ් අරමුදල් ආයෝජනය කිරීමට ගත්තු තීරණය මහ බැංකු වංචාව නවත්වා නොගැනීම වගේ දේවල්...

:       12       12

chandima Monday, 18 July 2022 10:45 PM

ඔය කොප් කමිටුවට විරුදද්ව පැමිනිල්ලක් ඩානවනම් කොහෙටඩ එක ඩාන්න ඔන?

:       3       7

අරවින්ද Tuesday, 19 July 2022 06:22 AM

හරියටම හරි කතාව මෙයා අසමත් අමාරුවෙන් හරි ණය වාරිකය ගෙවමින්IMF යා හැකිව තිබ්බා එහෙම කලා නම් මෙයට වඩා විශාල පිලිගැනීමක් තිබෙනවා මෙයා open account ක්‍රමය තහනම් කලා තහනම් කල හැකියි ඔන බුරුවෙකුට එය නියාමනය යයි කල යුතුව තිබුණෙ විශාල භාණ්ඩ හිගයක් ව්‍යාපාර කඩා වැටිමට හෙතුවනවා.මෙයයිට වඩා සුදුස්සෙක් මෙම රටෙ නැත්ද .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2691 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 651 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1303 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6586 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 911 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5540 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site