(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බැ ඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොවත්ත (සභාපති),මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරු තිදෙනා වෙන් වෙන්ව තීන්දු තුනක් ප්‍රකාශයට පත් කළහ.
මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රාහයේ 450(6) වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව විත්තිකරුවනට ඇප දිමට මෙම අධිකරණයට බලයක් නැති බවත් ඒ මත විත්තිකරුවන් සියලු දෙනා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නිර්දේශ කළේය.
දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවනට ඇපලබා දීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි තීරණය කළේය.
එමෙන්ම පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් ඉදිරිපත් කොට ඇති කරුණු සුවිශේෂි කරුණු බව තීරණය කළ විනිසුරුවරුන් බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන්ට ඇප දීමට තීරණය කළහ.
එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්ෂ 50 බැඟින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
විත්තිකරුවනට විදේශ ගත වීම තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දීමට නියම කළේය.
(ඡයාරූප ළහිරු හර්ෂණ)
(මනෝප්‍රිය ගුණසේකර)
මහබැංකු බඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් ද මීට සුළු මොහේතකට පෙර ඇප ලබා දීමට අධිකරණය නියම කළේය.
වැඩි විස්තර පසුව
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප
Raveendra Thursday, 01 April 2021 11:27 AM
පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හෝ ශත දෙකේ හෝ තුට්ටු දෙකේ "හොරකම් නොකරනු"... කරනවා නම් කෝටි ප්‍රකෝටි "හොරකම් කරනු" යන්න නොතේරෙන්නේ කාටද..? මෙම පට්ට හොරුන්ගේ නාටකය කවදා අවසන් වේද?
jagath Thursday, 01 April 2021 11:33 AM
ලොකු කුට්ටියක් පාස්වෙලා වගේ..
nimalThursday, 01 April 2021 09:33 PM
රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් මීට සුළු මොහොතකට පෙර ඇප ලබා දුන්නද පලවන තීන්දුව අනුව මොවුන් සිටිය යුත්තේ සිරගෙදර වියයුතුය.
Indika Thursday, 01 April 2021 01:34 PM
අවුරුදු කන්න වෙන්න ඇති.
චින්තක Thursday, 01 April 2021 02:59 PM
නඩු වලින් නිදහස් වෙයි. හැබැයි නුඹලා ඔය දුප්පත් මිනිස්සුන්ගේ හොරා කාපු සල්ලිවල ශාපය ස්වභාවයෙන්ම ලැබෙනු ඇත.
RaveendraFriday, 02 April 2021 12:26 AM
තම අඹුදරුවන් සමගද මේසා විශාල පාපකර්මයට වන්දිගෙවනු නියතය.
සමන්ත Thursday, 01 April 2021 07:21 PM
බොහෝ දේශපාලකයන් දුෂිතයි. රවී හොරකම් කලාද නැද්ද කියලා අපි තවම හරිට දන්නේ නැහැ. උසාවියෙන් වැරදිකරුවන් බව සාධාරණ නඩු විභාගයකින් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මේ පක්ෂ දේශපාලනය නිසා කලින්ම තීන්දු තීරණ වලට ඇවිත් මේකේ නඩු තීන්දු දෙන්න හදන උදවියට මේ කියන්නේ. ඔහෙලා ඔය විදියටම බැසිල්ට, ගෝටාට කියනකොට මල පැනලා නටුව බවත්, උන් නිදොස් කොට නිදහස් වෙනකොට ශරීරයේ දෙපැත්තට ලොක් කරගෙන හිටිය හැටිත් මතකද? රවී වැඩක් කරපු මිනිහෙක්. තවම තීන්දු දීලා නැහැ. සැකකරුවෙක් විතරයි. අපි බලමු. වැරදි නම් කවුරු උනත් වැරදි.හැබැයි කවුරුත් නිවැරදි නම් දඬුකඳේ ගහන්න ලැස්තිවෙන්න එපා.
Pradeep Friday, 02 April 2021 06:55 AM
"කවුරු ආවත් හොරු අල්ලන්නේ නෑ මල්ලි." හොරු ටික එළියේ.. එහෙම කිව්ව එකා ඇතුලේ. එන්න ජයග්‍රහණය සාමකාමීව සමරමු.
ranjith Friday, 02 April 2021 04:28 PM
රටේ දළ දේශීය නිෂ්පාදනයට වඩා ණය වාරිකය වැඩියි. මේ හිඟන රටේ බන්ධනාගාරයට කෙළින අය මොන අපායේ යයිද?